හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට
උතුම් බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරමින් ජන ජීවිත දියුණු කරමින් ඉදිරියට යෑමේ යුගයේ සුවිශේෂී වගකීමක් සහ අභියෝගයක් අප සියලු දෙනා හමුවේ ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය.
අද රට නොයෙක් අභියෝගවලට මුහුණ දී ඇතැයි ද එම අභියෝගවලින් ජයගැනීමට මෙන්ම පුද්ගල සංවර්ධනයට ද බුදු දහම මග පෙන්වා ඇතැයි ද විජයවර්ධන මහතා කීය.
විජය පුවත්පත් සමාගම වාර්ෂිකව සංවිධානය කරන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීය.
තන්තිරිමලේ ඓතිහාසික රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් විජය පුවත්පත් ආයතනය පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ මෙවර පවත්වනු ලැබුවේ 15 වැනි වරටය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.
‘‘පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජන සමාජය විශාල පරිවර්තනයකට ලක් කළ දිනයක්. අපි සමරන පොහෝ අතරින් ඉතාමත් වැදගත් පොහෝය දිනයක් ලෙස පොසොන් පොහෝය පෙන්වා දිය හැකියි.
පොසොන් පොහෝය ශ්‍රී ලාංකික අපට ඉතා වැදගත්. අපට මේ සුවිශේෂී හා උතුම් බුදුදහම ලැබුණේ පොසොන් පොහෝය වැනි දිනකදී බව සිහිපත් කළ යුතුයි. ඒ වගේම බුදුදහම ලැබීමෙන් අනතුරුව අපේ ජනසමාජය විශාල පරිවර්තනයකට ලක්වුණා. නිර්මාණාත්මක ජනසමාජයක් බවට අපේ ජන සමාජය පත්වුණා.
මිහිඳු හිමියන් බුද්ධ ධර්මය පමණක් නොව මෙවැනි පොසොන් පොහෝය දිනක ලංකාවට මහා සංස්කෘතියක් නිර්මාණය කරන මාර්ගයක් රැගෙන ආවා.
බෞද්ධ ජනතාව ලෙස අපට යුගයේ සුවිශේෂී වගකීමක් හා අභියෝගයක් පැවැරී තිබෙනවා.
බෞද්ධ හර පද්ධතීන් ආරක්ෂා කර ගන්නා ගමන් අපේ ජනජීවිත දියණුව කරා ගෙන යමින් ඉදිරියට යෑම එම අභියෝගය සහ වගකීමයි. ඒ සඳහා අපි අධිෂ්ඨානශීලිව කටයුතු කළ යුතුයි.
අද අපේ රට විවිධ අභියෝගවලට මුහුණ දී සිටිනවා. ඒ අභියෝගවලින් ජයගැනීමට මෙන්ම අපේ ජීවිතවල පුද්ගල සංවර්ධනයට ද බුදු දහම ඉතා විශිෂ්ට මාර්ගයක් පෙන්වා දී තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීමෙන් රට ලෙසත් පුද්ගලයන් ලෙසත් ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව අපට ඉදිරි ගමනක් නැහැ.
අද වැනි පොසොන් පොහෝය දිනක අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනා හා මගපෙන්වීම යටතේ මේ පිංකම ආරම්භ කළේ ඉතා දුෂ්කර පසුබිමක බව අපි සියලු දෙනාම දන්නවා. මේ ආලෝක පිංකම අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳව මගේ ආදරණීය පියාණන් විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාට හා එහි අධ්යක්ෂ මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ගෞරවය හා කෘතඥතාව හිමිවිය යුතුයි. ඒ ගැන විශේෂ ස්තූතියක් පිරි නැමිය යුතුයි.
ආලෝක පූජාව පැවැත්වීම ඉතා විශාල පිංකමක්. “දීපදෝ හෝති චක්කුදෝ” කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආලෝක පූජා පැවැත්වීම මගින් පෙනීම වර්ධනය වෙනවා යන්න එහි අදහසයි.
වාර්ෂිකව පවත්වන මේ ආලෝක පූජාව මගින් මුළු මහත් පරිසරයම ආලෝක වූවා වගේ මේ ආලෝක පූජාවේ අනුහසින් අපේ බෞද්ධ ජනතාව ද ඇතුව සමස්ත ජනතාවගේ ජනජීවිතය ධර්මයෙන් ආලෝකමත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වගකීමක් නම් තමයි, ඒ වුනාට ඒ 'අපේ' කියන ගොඩට අපේ බොහොමයක් ලොකු හාමුදුරුවරු අයිති නැද්ද කියලත් හිතෙනවා.
ඔබතුමා ඔහොම කීවට යහපාලන රජය ඒ බව කොහෙත්ම තේරුම් අරන් නෑ නේ. ගණන් ගන්නෙවත් නෑ නේ.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටේකුත් ටිකක් ඔනාලු, හත් පට්ටේ නම් හොහාගන්න පුළුවන්ලු ඒඋනාට ටික තමයිලු ප්‍රශ්නේ!
චන්දයක් ලග එනව වගේ.බුදු දහම,බෞද්ධ අපිව මතක් වෙන්නේ චන්දෙ ලග එනකොට.
රට පාලනය කරන්න ඉන්න අය බන කියනවා. බන කියන්න ඉන්න කට්ටිය දේශපාලනය කරනවා. අපි මේ අයගේ බයිලා නාට්ටිය බලාගෙන ඉන්නවා. ලංකාවේ බුද්ධාගම වල පල්ලට යනවා.
'ගෞතම ශ්‍රාවක වූ යම් කෙනෙකුගේ චිත්ත සන්තානයෙන් දිවා රාත්‍රී දෙකෙහි බුද්ධගත සතිය පවත්නේ නම් ඒ අය සැමදා සුවසේ නිදා සිට පිපෙන නෙලුම් මලක් සේ සුවසේ අවදිවෙයි '. ධම්ම පදය පැහැදිලිව කියයි. සමාධිගත වූවකු සේ සුවසේ නිදාගැනීම, මලක් සේ සුවදවත්ව පිබිදීම, එකිනෙකා ප්‍රිය මනාපවිම ආදී අනේකවිධ ආනිශංස බුදුගුණ සතිය වැදීමෙන් අත්විදිය හැකි බව බෞද්ධ ජනතාවට තේරුම් කරදීමේ වැඩ පිළිවෙලක අවශ්‍යතාවය මතුව තිබේ. බුදුගුණ නිතර සිහිපත් කරවීමෙන් සිත පිරිසිදුව උපදින රූපකලාප නිරෝගී ප්‍රසන්න රූප බැවින් රෝගාබාධ රහිත ශ්‍රී ලාංකික ජාතියක් බිහිකර ගත හැකිය.