(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් පමණ තිබෙන බවත් එවා නිවැරදි ලෙස නඩත්තු නොකිරීම නිසා ඉන් විශාල ප්‍රමාණයක් කැඩීගොස් ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇත.
මෙම පරිගණක පසුගිය කාලය පුරාම හරියාකාරව නඩත්තු කර ඇති නැති බවද ඇමැතිවරයා පෙන්වා දී තිබේ .
පාසල්වල උසස් පෙළ සිසුන්හට ටැබ් පරිගණක ලබාදීමට පෙර මෙම මහින්දෝදය විද්‍යාගාරවල ඇති පරිගණක නඩත්තු කළ යුතුව ඇතැයි ද සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයට, මහින්ද නම ඇලජික් බව ඔබතුමාට අමතක වුනාද? පරිඝනක අලුත්වැඩියා කරන්න කලින් විද්‍යාගාරවල නම වෙනස් කරලා ඉන්න වෙයි.
නිසි සැලැස්මක් හා අවබෝධයක් නැතිව ජනප්‍රියත්වය හා ඡන්දය බලාගෙන කරන දේවල ප්‍රථිපලය වන්නෙම මහජන මූදල් නාස්තිය හා විනාශය පමණයි. අවශ්‍ය පරිඝණක ගුරුවරුන් හා කාර්මිකයන් නැතිව මෙතරම් විශාල පරිඝනක ප්‍රමාණයක් පාසැල් වලට මුදා හැරීමේ අනිවාර්ය ප්‍රථිපලය තමයි මේ...
හොඳට කොමිස් ගහලා බාලබඩු ගෙන්වලා වෙන්න ඇති !!!
දැන් කාලේ තියෙන පරිගණකවල අවුරුදු 3 ක් යනකොට දෘඩාංග දෝෂ ඇතිවෙනවා. ඒවා බොහෝවිට අලුත්වැඩියා කරන්න පුළුවන් වෙනවා.
මේවා මේ ඔය ඇමතිගේ ගැලරියට කරන කතා. විශාල ප්‍රමාණයක් කියන්නේ කීයක්ද? හදන්න බැරි වෙන්නම කැඩිලද? මොන මොන පැති වලද එහෙම වෙලා තියෙන්නේ? ඒවා මොකවත් නැතිව හීනෙන් දැක්කා වගේ කතාව. මේ ඇමති කියන විදිහට අධිවේගී මාර්ග හදන්න කලින් රටේ හැම පාරම කාපට් කරලා ඉන්න ඕන. පෙට් ස්කෑනර් ගේන්න කලින් හැම රෝහලෙම පහසුකම් එක ගානට ගේන්න ඕන. ටැබ් දෙන එකයි වසර ගාණකට කලින් දීපු පරිගණක කැඩිලා කියන එකයි අතර සම්බන්ධයක් නෑ.
මෙම පරිගණක බොහොමයක් E Wis සමාගමෙන් සපයපු පරිගණක කවුරුත් දන්නවනේ මේ සමාගම දකුණු පළාතේ පරිගණක එකලස් කරන ආයතනයක් පටන් ගත්ත කියලා. මෙයාලගේ අරමුණ වුනේ ඒවා විකුණන එක විතරයි.
පරිගණයක බලාත්මක ජීව කාලය වසර තුනයි. ඊට පසු නඩත්තුව හෝ ප්‍රතිස්ථාපනය අත්‍යවශ්‍ය වේ. අනික් ටැබ් බෙදීමට වඩා මෙම මධ්‍යස්ථාන යාවත් කාලින කිරීම සෑම දරුවන්ටම පහසුකම් සැලසීමකි. අකිල තුමා මේ ගැන අවධානය යොමු කර ටැබ් පිනට දෙනවා වෙනුවට පාසල් වල සතු සම්පත් වැඩි දියුණු කිරීමට එම මුදල යොදවනු ඇතයි අපේකෂ කරමු, පතමු.