(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම සිදුකරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
16 දෙනාගේ කණ්ඩායම පක්ෂ නායකයන් පමණක් හමුවී සාකච්ඡා කිරිම ප්‍රමාණවත් නොවන බවත් මෙම වැඩපිළිවෙළ මෙයට වඩා ව්‍යෘප්ත කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍ය ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා මෙසේ ද කීවේය.
‘‘අපිට අපේ කියලා දේශපාලනයක් තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් අපි වෙන පක්ෂයකට බැඳිලා ඒ පක්ෂයත් එක්ක දේශපාලනය කරන්න ඕනෑ.
අපේ වැඩපිළිවෙළ මෙයට වඩා ව්‍යාප්ත කළ යුතුයි. දැන් අපේ යෝජනාවක් අනුව තමයි ඒකාබද්ධ විපක්ෂයට කෙලින්ම සම්බන්ධ වෙන්න තීන්දු කලේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙලා ඔවුන් සමඟ වැඩ කිරිමට අපි බලාපොරොත්තු වනවා යැයි ද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා සැහීමකට පත්වෙන්නේ ඔය සේරම "මහින්ද සරණන් ගච්චාමි" කියපු දවසටනේ. අපි දන්නේ නැද්ද? ජනාධිපතිවරණයෙන් පස්සේ ආණ්ඩුවට එකතුවෙලා ඉන්නකම්ම කලේ කිසිදෙයක් කරන්න දෙන්නේ නැතුව කකුල් මාට්ටු දාපු එකනේ.
අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි දෙකම නැහැ. මොකෙන් ඉල්ලුවත් මහත්තයෝ, ආයේ නම් දිනන්න බැහැ.
සිරිමල්, එතුමා ඔබගේ ප්‍රකාශයට අවනත වුවත් නැතත්, ජනතාව වන අප බලාපොරොත්තු වන්නේ අප 2015 ජනවාරි 08 කල මෝඩ ක්‍රියාවක් නැවතත් නොකිරීමටත්, රටේ ආරක්ෂාවත්, ආර්ථික දියුණුවත් සහ සාමූහික සමාජ තත්වය ඉහළ තත්වයකට ගෙනඒමට හැකි මහින්දවන් පුද්ගලයකු වෙත පාලනය බාරදී, රට මේ තිබෙනා අස්ථිර භාවයෙන් මුදා ගැනීමයි.
දේශපාලන අනාථයෝ වහසි බස් දෙඩුවට කවුරුවත් ගණන් ගන්නේ නැහැ. අරයගේ මෙයාගේ පස්සෙන් දුවන්න හැදුවා මිසක් ඉන්න තැන හරියට කකුල් දෙක තියලා හිටගන්න බැරි උනා. අවසානයේ දේශපාලන කනත්තට තල්ලුවෙයී.
මෙච්චර වයසට යනකල් දේශපාලනයක්ද කලේ? එහෙමත් නැතිනම් දූෂණයට කඩේ යාමද? රටේ දේශපාලඥයෝ සමාජ සේවයක් නෙමේ කලේ, දෙන දෙයක් අරගෙන අත උස්සපු එක... ඒවා හොර මැරකම්ද, දූෂණ ක්‍රියාද, රට අගාධයට යනවද? ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. පරපුරට එකතු කෙරුවා මිසක්.... අවුරුදු 30, 40ක් දේශපාලනය කරලා රට දියුණු වුණාද? එ්කයි ප්‍රශ්නේ... තවමත් ඉදිරියට කරන්න යන්නේ ඒකමයි. මහජනතාව ණය ගෙවනවා.
දැන් ඉතිරිවෙලා තියෙන්නේ ගෙදරට වෙලා ඉන්නයි... රටට පිළිලයක් නොවී...
කප් මහත්මයෝ, 2018 පෙබරවාරි 10 දින පැවැත්වූ, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තාම ඔබතුමා දන්නේ නැද්ද? ඒක තමා වර්තමානයේ ජනතා තීන්දුව... ඒක මගේ අදහස නොව - රටේ පොදු ජනයාගේ තින්දුවයි. අපට පක්ෂ දේශපාලනයක් අවශ්‍ය නැත. නමුත්, වාර්ෂික ඒකපුද්ගල ආදායම $300කින් වැඩිවන, උද්දමනය 3%ට වඩා අඩු, බැංකු පොලි අනුපාතය 10%ට වඩා අඩු, ත්‍රස්තවාදී බියකින් තොර, මහා මාර්ග, වරායන්, ගුවන් තොටුපළවල්, දුරකථන, විදුලි ඇතුළු අනිකුත් යටිතල පහසුකම් වර්ධනයක් ඇති, අලුතින් විශ්ව විද්‍යාල බිහිවන, ප්‍රාථමික අද්යාපනයේ ඉදිරියක් ඇති, රටේ සෞක්‍ය අංශයේ දියුණුවක් ඇති කරන .......... සියලු ජාතීන්ට එක් ශ්‍රීලාංකික පුරවසියන්සේ සලකන රජයක් තමා අපට අවශ්‍ය. ඔබම හිතා බලන්න - මේ සියලු දේ ක්‍රියාත්මකවුනේ මහින්දගේ කාලයේද - නැත්නම් වර්තමානයේද කියා. අපිට වැරදුන තැන අප නිවැරදි නොකළොත්, අපට ඉතුරුවන්නේ "වංක" දේශපාලුවන්ට "කඩේ යාම" පමණකි. අපේ අනාගත පරම්පරාව ගැන වත් සිතා, අපි "කඩේ යාම" පසෙකතබා, රටට වැඩක් කළහැකි අයෙකුට රට බාර දීමේ කාලය අපිට ලැබී ඇත.
මම හිතුවෙ දකුනෙ ඉන්නෙ කොන්ද පන තියෙන අය කියලා. විරවංශ ගාවට ගිය ආකාරය දැක්කම අනේ අනිච්චං කියල හිතුනා.
දැන් ඉතින් වවුලගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටු.