(කාංචන කුමාර ආරියදාස)
භික්ෂූන් වහන්සේලාට හා රණවිරුවන්ට සිදුවන හිරිහැර ,බාධක පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රධාන ස්ථාන වලදී කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ සිටින අයෙකු නිසා තමන්ට හැකියාවක් නොමැති බව ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා දඹුල්ලේදී පැවසීය.
එසේ කතා කළහොත් සිදුවන්නේ කොක්කු දෙන්නෙක්ගේ සහාය ඇතිව උඩින් ගිය ඉබ්බාට වන දේ බවද හෙතෙම අවධාරණය කළේය. රණවිරුවන්ට හා භික්ෂූන් වහන්සේලාට සිදුවන හිරිහැර කරදර බාධක පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ පිළිබඳව තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් බොහෝ විට ආණ්ඩුවෙන් ඉවත් වීමට පවා සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පැවැති දන්සැලකට සහභාගී වු විජිත් විජයමුණි සොයායිසා අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එම දන්සලේදී අනුශාසනාවක් කළ ස්වාමීන් වහන්සේගේ නමකගේ අනුශාසනාවක් කෙටි කරන්නැයි අමාත්‍යවරයාගේ නියෝජිතයකු විසින් ස්වාමීන් වහන්සේ නමට ලබා දුන් උපදෙස් දීමකින් ඇති වු මතභේදයකින් පසුව අනුශාසනාව කෙටි කිරීමට දුන් උපදේශය සම්බන්ධයෙන් තමාද එකඟ නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වූ පියසේන ගමගේ මහතා ප්‍රදේශයේ දිළිඳු පවුල් 500 හට එක් පවුලකට රුපියල් 2,500 බැගින් වූ වියළි ආහාර මලු බෙදා දීමේ අවස්ථාවට අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සම්බන්ධ විය.
දඹුල්ල අතුපාර යාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති අලුත්ගම උපනන්ද හිමියන් පැවිදි අනුශාසනාව පවත්වමින් ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියා කලාපය පිළිබඳව එමෙන්ම වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට සිදුව ඇති හිරිහැර කරදර රණවිරුවන්ට සිදුවන කරදර හිරිහැර පිළිබඳව මේ වනවිට රණවිරුවන් බොහෝමයක් හිරේ දමා තිබෙන බවත් රට වෙනුවෙන් කථා කරන භික්ෂූන් වහන්සේලා මර්දනය කරන බවද උන්වහන්සේ පැවසුහ.
උන්වහන්සේගේ එම දේශනය අතරතුරදී අයෙක් පැමිණ අනුශාසනාව කෙටි කරන ලෙස දැනුම් දී තිබේ. පසුව උන්වහන්සේ ප්‍රසිද්ධියේම මෙම සියලු කටයුතු දීර්ඝව සූදානම් වෙද්දී භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනාව පවා කෙටි කරන්නටයි උපදෙස් දීම පිළිබඳ ව කළකිරුණු සිතින් තව දුරටත් ඇමතිවරයාට ගතු කියන්නට වූහ. ඇමැතිවරයා අදහස් පළ කළේ ඉන් අනතුරුවය.
තමන් කිසිම විටෙක භික්ෂූන් වහන්සේලා සමඟ අමනාපයක් ඇති නොකර ගන්නා බවත් තමන් භික්ෂූන් වහන්සේලා සමඟ ඉතා සමීපව අනුශාසනා පිළිපදමින් ක්‍රියාකරන අයකු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අනුශාසනාව කෙටි කරන ලෙස භික්ෂූන් වහන්සේට දැනුම් දී ඇත්තේ අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයට අධ්‍යක්ෂවරයකු ලෙස ඇමතිවරයා විසින් පත් කළ ව්‍යාපාරිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කිවුවේ දැන් කොන්දේ ගෙවිලා තියෙන තැටි ඔක්කොම අලුත්වැඩියා කරගෙන " බල්ටි " උනත් ගහන්න සුදානම් කියන එක නේද ? ඕවට ගමේ ගොඩේනම් කියන්නේ බට පදුරු න්‍යාය නොහොත් උන පදුරු න්‍යාය. ඕන සුළගක් වරෙව් අපි "නොගැලවේ ".
ආණ්ඩු පක්ෂේ ඉන්න ඔබතුමාටම කතා කරන්න බැරිනම් ඉතින් හිතාගන්නකෝ අනිත් අය කතා කලොත් මොනවා වෙයිද කියලා. කතාව නම් භික්ෂුන් වහන්සේලා අපහසුතාවයට පත් නොකරන්න. කතාව පටන් අරන් තියෙන්නෙම භික්ෂුන් වහන්සේ නමක් අපහසුතාවයට පත් කරලා. මේවට ඔබතුමාලට බැනලා වැඩක් නෑ. ඡන්දේ දුන්න මිනිස්සුන්ට තමයි තලන්න ඕනෑ.
අර දාසය දාහත කරන්න හිතක් නැද්ද? ඒගොල්ලොනම් අර මැරුණා කිව අප්පච්චිට පන පොවලා කලින් විඳි සියලු සැප සම්පත් යලිත් වතාවක් ඊටත් වඩා ඉස්තරම් අන්දමට අත්පත් කරගන්නට හිමින් සීරුවේ දැල එලාගෙනයි යන්නේ.
සිවුරු දාගත්ත අයත්, හමුදා නිල ඇඳුමක් දාගත්ත අයත්, මොන වරදක් කළත් දඬුවමක් දෙන්න බෑ මේ කියන විදියට. අනේ මන්දා අපේ රට කොහෙන් නතර වෙයිද කියලා...
දාණමය පිංකමකදීත් අද දේශපාලනය කතා කරන්න උත්සහා කරනවා. භික්ෂුව වගේම හමුදා නිළධාරියාත් මේරටේ නීතියට යටත් බවත් අධිකරණ තීන්දුවලට ගරු කරන්න බැදී ඉන්න බවටත් අමුතුවෙන් මතක් කරදිය යුතු නැත.
අාපහු අප්පචි ළඟට යන්න හදන්න වගේ...
මේ කියන සියලු දෙනාම හිරේ දාන්න ඕනේ... සහජීවනය ඇති කරන්න දෙන්නේ නැත්තේ මොවුන්..
කිසිම ජන පදනමක් නැති පරාජිතයෙක්, කතාකරන හැටි විතරක්..
සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා කිසිවෙක් හෝ සැබෑ රණ විරුවන් කිසිවෙක් හෝ අධිකරණයෙන් දඬුවම් ලබා නැහැ. අධිකරණයෙන් දඬුවම් ලබා ඇත්තේ දෙපැත්ත සොයා බැලීමෙන් පසු විනිශ්චයට භාජනය කොට රටේ නීතිය උල්ලංඝනය කරමින් අපරාධ කර ඇති බව සැකයෙන් තොරව ඔප්පු වූ අය පමණයි. තැන් තැන්වල වීරයෝ වෙන්න හදන මේ වාචාල මිනිස්සු කියන්නේ රටකට නීතියක් එපා කියලද,.?
කොහොම උනත් දාල යන්නත් දුක ඇතිනේ නේද?