සුජිත් හේවාජුලිගේ
විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත.
2017 වසරේ පමණක් ශ්‍රි ලාංකිකයන් 12,000 කට පමණ ද්විත්ව පුරවැසිභාවය දුන් බව ආගමන විගමන පාලක එම්.එන් රණසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා ශ්‍රි ලාංකිකයන්ගෙන් අයදුම් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් මසකට ලැබෙන බව කී ආගමන විගමන පාලකවරයා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් මගින් මේ අයදුම්පත් පුළුල්ව පරීක්ෂාවට ලක් කරන බවද ප්‍රකාශ කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන අන්දමට විදේශ ගත ශ්‍රි ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබ ඇත්තේ 2015 මාර්තු මාසයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට 800 ටම දුන්නත් අවුරැද්දට 9600. මොනවද දන්නේ නෑ පුළුල්ව පරික්ෂා කරන්නෙ.?
යුරෝපයේ පුරවැසි භාවය ස්ථීර පදිංචි බලපත්‍රයක් තියෙන කෙනෙකුට අයදුම් කල හැක. මෙය ලේසි කටයුත්තක් නොවෙයි. එම රටේ භාෂාව හොඳට කතා කළ යුතුය. හුඟක් දෙනෙක් මෙය ගන්න අයදුම් කරන්නේ නොයෙක් හේතු දක්වා තිබෙන බලපත්‍රය අහෝසි කරන නිසයි. තමරටේ පුරවැසි භාවය ලබා ගන්න අය කරන මුදල අඩු වුනොත් මීට විශාල ප්‍රමාණයකින් අයදුම්කරුවන් වැඩිවෙනවා...
35,000 කට ද්විත්ව පුරවැසිකම දුන්නා නම් එතනම තියෙනවා යූ.එස්. ඩොලර් මිලියන 100ක්.. ලංකාවට සංචාරකයෝ 2.5 මිලියන එනවා නම් වීසා වලින් එතනම තියෙනවා ඇ.ඩො. මිලියන 75 ක් (මේ සෑම සංචාරකයෙක් දින 10ක් ලංකාවේ ගත කරනවා නම් හෝටලයක දවසකට ඩොලර් 100 හෝටල් ගාස්තු ගෙවනවා නම් එයින් ආණ්ඩුවේ ටැක්ස් අාදායම ඩොලර් මිලියන 750යි. මේ අදායම් එන මාර්ග 3 ක් ගැන විතරයි මම ලිව්වේ... මගේ අම්මේ අනිත් ඒවත් එක්ක මේ සල්ලි කන්දරාවට මොනවද කලේ පසුගිය අවුරුදු 10 ටම ....
ද්විත්ව පුරවැසිභාවය දේශපාලඥයන්ට නම් වහකදුරු වගේ ඇති.
ලක්ෂ තුනක් ගෙවලා ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්න මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා? යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, හෝ ඇමරිකාවේ සිටියත්, වැද්දන් හෝ,ගෝත්‍රිකයින් ලෙස ජීවත් වෙන්න තිබෙන ආශාව නිසාම නැවත ලංකාවට සංක්‍රමණය වීමට මේ අයට ආශාවක් ඇති. අපි නම් උත්සහ කරන්නේ බෝට්ටුවකින් හරි අඩුතරමේ, ස්වාසිලන්තයට වත් පැන ගන්නයි.
උපන් බිමේ අගය විදේශ රටේ අපහාස උපහාස විදගෙන ඉන්න අයට තේරෙනවා. ඒකයි.