අජන්ත කුමාර අගලකඩ
රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳව ඊයේ (26) පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදි ඉදිරිපත් වු කාරණා සැළකිල්ලට ගනිමින් මෙය මුලින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවට අදහස් ඉදිරිපත්ව තිබේ.
මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී අදහස් දක්වා ඇත.
කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 5,000 ක් වැයකර සිසුන් හට ලබාදෙන ටැබ් පරිගණකය නැවත බාර නොදෙන නිසා වාර්ෂිකව මිලියන 5,000 බැගින් වැය කිරීමේ හැකියාවක් නැති බව සඳහන් කර තිබේ.
ටැබ් පරිගණක ලබාදීම කොතරම් දුරට අත්‍යවශ්‍ය ද යන්න නැවත සළකා බැලිය යුතු යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් උසස් පෙළ කළා ටැබ් තියා හරි හමන් කැල් එකක්වත් නැතුව. අනිවාර්යෙන් ව්‍යාපෘතියෙන් සැහෙන්න කුට්ටියක් එනවා වගේ. සල්ලි වැඩිනම් කරන්නම දෙයක් නැත්නම් දුෂ්කර ගම්මාන වල පාසල් වල සිසුන්ට ඩෙස් බන්කු ටිකක් හදල දීල පොත් පත් ටිකක් අරන් දෙන්න. වාර්ෂිකව මිලියන 5000ක් කියන්නේ සුළු පටු ගානක් නොවේ.
ටැබ් පරිගණක දීමට ප්‍රථම දැනට පාසල් වල ඇති පරිගණක වලින් නියම ප්‍රයෝජනය ගන්නවා නම් සුදුසුයි. දිවයින තුළ ඇති පාසල්වල ඇති බොහොමයක් 90% පමණ පරිගණකවලින් නිසි ප්‍රයෝජන නොගනී. මේ සම්බන්ධව පාසල්වල ගුරුවරුන්ටත් මෙම සම්පත් කළමනාකරණය ගැන දනුම අල්ප වේ. මේ නිසා මහජන මුදල් අපතේ යා හැකි බැවින්, මීට වඩා අත්‍යාවශ්‍ය කාරණාවලට මෙම මුදල් වෙන්කරන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
මේක පොල් බෑය අරන් දුවන බල්ලට අතේ තියන උම්බලකඩයෙන් ගැහුවා වගේ වැඩක්... දැනටමත් පාසල් ළමුන් අතර ස්මාර්ට් දුරකථන වැහි වැහලා අධයාපනය කඩා කප්පල්කර ගැනීමටත් නොයෙක් අපචාර වලටත් මෙය ප්‍රබල හේතුවක් වෙලා තියනවා. එහෙම වෙලාවක මේ ටැබ් ලබා දීමෙන් මේ රටේ පාසැල් දරුවන්ගේ අධයාපනය කඩා වැටීමට එය හේතුවක් වනු නොඅනුමානයි.
රජයෙන් ලබාදෙන පාඩම් පොත් ඉවත්කර ටැබ් පරිගණක 6 පන්තියේ සිට ලබාදෙනවා නම් ඉතා වටිනවා. පොඩි දරුවෙකුගේ පොත් බෑගයක බර කිලෝ 8 ක් පමණ වෙනවා. මුට්ට කරගහන්න පුරුදු වෙන්න නම් හොඳයි.
ඉස්සරහට එන ඡන්දෙට වියදම් කරන්න මුදල් යහමින් ඕනෑනේ. කොහොම හරි ඕක කරගන්න බලන්න. රටට හෙනගහලා ගියත් මොකද?
නියමු ව්‍යාපෘතියක් නම් කොළඹට කිරි අපට කැකිරි තමයි. අන්තිමේ වෙන්නේ ගේම් ගහල ටැබ් කඩාගත්තු ළමයින්ට ටැබ් බෙදන හැටි ටැබ් දැකලවත් නැති අපේ අයට රූපවාහිනියෙන් බලාගෙන ඉන්න. ජයවේවා.!
ටැබ්, පරිගණක, ෆෝන් යන සියල්ල ඉගෙනගන්නා දරුවනට ස්මාර්ට් ඩිස්ට්රැක්ටර්ස් හෙවත් නොමග යවන සුලු උපකරණ ය. මේවා යොදාගෙන අධ්‍යාපනයට උදව්වක් කරගැනීමට තරම් විනයක් ඇති දරුවන් අපේ රටේ ඇත්තේ ඉතාම සොච්චමකි. උසස් පෙළත් අවසන් කල පසු මේවා ඉගෙන ගැනීම සුදුසුය. ඊට ප්‍රථම ගණිතය, සෞන්ධර්යය, භාෂාව හොඳින් උගත යුතුමය. මේවා අත දැරූ පමණින් අධ්‍යාපනය හොඳ දැයි තක්සේරු කරගැනීමට දෙමාපියන් කාට නම් කළහැකිද?
"හම්බන්තොට වරාය ඇතුළත රුපියල් මිලියන 100 කට වැඩි වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීමට ආයෝජකයින් සුදානමින් සිටින බව වරාය හා නාවික අමාත්‍යාංශය කියයි." හම්බන්තොට වාරයේ යෝජනයම මිලියන 100. මෙතන ටැබ් දෙන්න වියදම මිලියන 5000 කොහොමද රටක් දියුණු වෙන්නේ මේවගේ ආර්ථිකය සැලසුම් කරනකොට..
විශ්වවිද්‍යාල වලට ඇතුල්වෙන පිරිමි ළමයි ප්‍රතිශතය 35% ටත් අඩුයි. මේ ටැබ් දුන්නොත් කොල්ලෝ තවත් අමාරුවේ වැටෙනවා. ටැබ් වලින් ප්‍රයෝජනයක් වෙනවද කියල බලන්න 6 යේ පන්තියේ ළමයින්ට දුන්නොත් හොඳයි.
ප්‍රමුඛතා හඳුනා ගැනීමට ආණ්ඩුවේ ලොක්කන්ට උවමනාවක් නැතිකම සහ කොමිස්වල වටිනාකම තමයි මට නම් මේ වැඩෙන් පෙන්නේ. සියල්ල සම්පුර්ණ කරලා ඊට පස්සේ මේවා දෙන්න කියනවා නෙමෙයි, නමුත් ඉඳගන්න බංකුවක් නැති, ඉන්ටනෙට් නැති, ගෙවල්වලවත් ඉන්ටනෙට් නැති දරුවනට ටැබ් දුන්නහම ඔවුන් ඒවා පාවිච්චි කරන්නේ කොහොමද? අර පරිගණක දීමේ අසාර්ථක පාඩමෙන් වත් මේ මිනිස්සු යමක් ඉගෙන ගන්නේ නැද්ද? බ්‍රේස්ලට් න්‍යායම තමයි මේ.
මෙතන කැබිනෙට්ටුවේ කාට හෝ ගණන් වැරදී තිබෙනවා. ප්‍රථම වර ටැබ් දීමට රු. මිලියන් 500ක් යනවා නම් ඊළඟ වර්ෂයේ වැයවන්නේ රු.මිලියන 250ක් වගේ මුදලක් ප්‍රථම වතාවට ටැබ් දෙනවිට 12 ,13 ,වසර දෙකටම ටැබ් දෙන්න ඕන. නමුත් ඊළඟ වතාවේ ටැබ් දෙන්න අවශ්‍ය අලුතින් 12 වසරට ඇතුලත්වන දරුවන්ට පමණයි. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි ටැබ් දීම මේ වර්ෂයේ ආරම්බ කරන්න. ලබන වර්ෂයේ සිට වැයවන්නේ මේ වර්ෂයේ වැයවුන මුදලින් බාගයක් පමණ මුදලක්. උසස් පෙළ සියලු ළමුන්ට ටැබ් දීම අපහසුනම් අයි ටි උසස් පෙළ කරන ළමුන්ටවත් දෙන්න.
දරුවන්ට ටැබ් භරි වෙත මොනවා හරි ඕන දෙයක් කියලා තීරණය කරන එක අධ්යාපනඤ යෝ තීරණය කරන්න ඕන. දේශපාලනඤ යෝ ඒක කරන්න ගියොත් ගැලපෙන දෙයක් නොවේ. ඒක අධ්‍යාපන නිලධාරීන් විසින් කල යුතු දෙයක් ද නොවේ.
ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි ඇමති කෙනෙක්ගෙන් අද්යපනයට යහපතක් වෙඉද .
''මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් විනාශයි (අජන්ත කුමාර අගලකඩ) රජයේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් පමණ තිබෙන බවත් එවා නිවැරදි ලෙස නඩත්තු නොකිරීම නිසා ඉන් විශාල ප්‍රමාණයක් කැඩීගොස් ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇත. මෙම පරිගණක පසුගිය කාලය පුරාම හරියාකාරව නඩත්තු කර ඇති නැති බවද ඇමැතිවරයා පෙන්වා දී තිබේ . පාසල්වල උසස් පෙළ සිසුන්හට ටැබ් පරිගණක ලබාදීමට පෙර මෙම මහින්දෝදය විද්‍යාගාරවල ඇති පරිගණක නඩත්තු කළ යුතුව ඇතැයි ද සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.'' ටැබ් දෙන්න කලින් මේ ටික හරියට නඩත්තු කලොත් හොදයි නේද?
මෙතන තියන යටි අදහස කවුරුවත් තේරුම් අරන් නැහැ. මේ ටැබ් ලැබෙන උසස් පෙළ ළමයින් අවුරුදු 18 සම්පුර්ණ කරපු අය. මෙයාලට ඡන්ද හිමකම ලැබෙන්නේ ප්‍රථම වතාවට. මීලග මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට ලබාදෙන අල්ලසක් තමයි මේක. මේක හරිගියොත් වාර්ෂිකව ඡන්ද 200,000 කින් ඡන්ද පදනම වැඩිවේ යයි ඔවුන්ගේ බලපොරුත්තුවයි. නමුත් ඒක හීනයක් විතරයි. අපරාදේ මහජන මුදල් නාස්ති නොකර මිට වඩා ප්‍රයෝජනවත් දෙයකට යෙදුවොත් ඡන්ද ටිකක් වැඩිකරගන්න පුළුවන් වෙයි.
මොනවද ඔට්ටු ඔය ටැබ් අවුරුදක් වැඩ කලොත් පුදුමයි.
1948 සිට අද දක්වා අපේ රට තුන්වන ලෝකයේ රටක්. ඈත ගම්බද පාසල්වල අවම පහසුකම්වත් නැත. නව තාක්ෂණය දරුවන්ට හදුන්වා දීමේ වරදක් දකින්නේ නැහැ. නමුත් උසස් පෙළ සමත් වන දරුවන් සංඛාව වසරින් වසර වැඩි බවක් පෙන්නුම් කලත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන්නේ අඩු ප්‍රමාණයක්. පාසල්වලට ලබා දුන් පරිගණක 57000 ක් විනාශ වුයේ ඒ පිලිබඳ මුලික දැනුමක් නැති ගුරුවරුන් ඒ ඒ පාසල්වල සිටින නිසාය. දරුවන්ට ටැබ් ලබාදීමේ අවසන් පිළිතුරත් එයට සමාන විය හැකිය. ටැබ් දේනවාට වඩා දක්ෂ ගුරුවරු ලවා රුපවාහිනිය හරහා යම් තරමක සාර්ථක විෂය ඉගැන්වීම් කල හැකිය. එවැනි කටයුත්තක් කරන්නේ නම් මෙපමණ මුදලක් වැයවන්නේ නැත. අද ස්මාර්ට් දුරකථන හරහා සිදුවන අසම්මත සිද්ධීන් සලකා බැලීමේදී ටැබ් දිය යුත්තේ උසස් පෙළ දරුවන්ට නොව විශ්ව විද්‍යාල දරුවන්ටය. එහෙත් එයට පෙර ග්‍රාමීය පාසල්වල දරුවන්ට හිසට ආරක්ෂිත සෙවනක්, හිඳ ගැනීමට පුටුවක්, ගුරුවරුන් ලබාදීමට කටයුතු කල යුතුය. ප්‍රමුඛතාවය ටැබ් නොව දරුවන්ගේ මුලික අවශ්‍යතාවයයි.