( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර )
උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.
රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.
උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.
ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදුහල්පතිතුමාට සාධාරණය ඉටුකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතියි.
ඇයි ඔය නීතිය අනිත් පළාත් වල ක්‍රියාත්මක නොවන්නේ?
අපේ කාලයේ මෙහෙම දෙයක් උනේ නෑනෙ අපේ හාමුදුරුවනේ.....
ඉස්සර වාගේ නෙවෙයි දැන් රටේ නීතිය දැනෙන්න ක්‍රියාත්මක වෙනවා. මතකනේ ඒ කාලේ?
නියමයි. ජය වේවා විදුහල්පතිතුමනි. ඔය වගේ දේශපාලුවන්ට ලක්ෂ දෙකහමාර මදි. ලක්ෂ 50 ක වත් දඩයක් ගහන්න ඕනෙ.
ඉතා හොඳ දෙයක්.
මෙච්චර කල් කළා වගේ ඊළඟ ඡන්දේදීත් ඉහළම මනාපයෙන් මැති සබයට මෙයාව පත්කර යවන්න බුද්ධිමත් ඡන්ද දායකයනි.
ඉතාමත්ම විශිෂ්ට තීන්දුවක්. මින්පසු කිසිම රජයේ විදුහල්පතිවරයෙක් දේශපාලකයින්ට බුලත්දී පිළිගත යුතුනොවේ. මට දැනෙන්නේ පුදුම සතුටක්. මේ අයට ඔවුන්ගේ තරම කියාදිය යුතුවේ.
අධිකරණය මගින් මෙවැනි ආකාරයේ තීන්දු ලබා දීම විශිෂ්ඨ වේ. මෙනිසා දේශපාලන බලය සෑම දේ වෙනුවෙන් භාවිතා කිරීම වලකින අතර රටේ දියුණුව කෙරෙහි බලපායි.
මඩු වලිගෙන් ගහන්න ඕන මේ නුගත් චන්ඩි දේශපාලන ලොකු පුටුවල වාඩි කල ඡන්ද දායකයට. මතකනේ එක පාරක් නිලියක් තමන්ට මැඩම් නොකීවා කියලා උගත් ප්‍රාදේශීය ලේකම් වරියකට ගර්ජනා කලහැටි. කිසිම සංස්කෘතික ඉතිහාසයක් නැති දියුණු බටහිර රටවල අගමැතිලා බයිසිකල් වලින් බස් වලින් ගමන් යනකොට මෙන්න අපේ රටේ වෙන දේවල්. බුලත් අතක් ලැබිලා ගරු සරු ලබන්නත් තමන්ට ගරු කටයුතු තත්වයක් තිබේද කියලා මේ දේශපාලකයන් කල්පනා කළා නම් බොහොම හොඳයි.
විදුහල්පතිවරයෙක්ගෙ අගයක් වටිනාකමක් නොදන්න උද්දච්ච අදබාලයො. තව කොහෙද ඇමතිවරයෙක් උනොත් දන ගහල වදින්න කියයි. රටේ මිනිස්සුන්ගෙ කරුමෙ මේ වගෙ පාලකයො පත්වෙන්නෙ.
හොඳ නඩු තීන්දුවක්, අපේ ප්‍රණාමය විනිසුරුට සහ විදුහල්පතිට.
ජයවේවා ජයවේවා!
හොද පිළිතුරක් දීලා තියෙන්නේ ඔක්කොටොම ඇමතිවරුන්ට පෙන්න.
මේ වගේ දේශපාලකයන්ට තියෙන්නේ පුහු උද්දච්චකම විතරයි.
දේශපාලුවන්ව බුලත්අතක් දීලා පිළිගන්න? ඒ කාලේ ගිහිල්ලා බොහොම කල්. නම්බුව සැලකිල්ල ඉල්ලලා ගන්න බැරිය.
මෙහෙම් අය පාලනය කරන රටකනේ අපිත් ඉපදුනේ.
මෙම විදුහල්පතිතුමාගේ මේ කටයුත්ත පිළිබඳව ආඩම්බර වෙන්නොන. මේක අනිකුත් රජයේ නිලධාරීන්ට හොඳ ආදර්ශයක් සහ දේශපාලකයන්ට හොඳ පාඩමක්.
රජයේ සේවකයන්ට තර්ජනය කරන මෙවැනි අය තනතුරු වලින් පන්නා දැමීම පක්ෂ නායකයන්ගේ වගකීමයි.
දේශපාලකයාට ඉහලින් දිසාපාමොක් පරපුර ,