(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කොන්ක්‍රීට් විදුලි කණු නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගළක් නිර්මාණය කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ, හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකොන් මහතා සමත්ව තිබේ.
කොන්ක්‍රිට් විදුලි කණුවක නැගීම සදහා ඉණිමඟක් භාවිතා කිරිම අනිවාර්ය වේ. නමුත් මෙම පාවහන් යුගළ භාවිතා කරමින් වෙනත් පුද්ලයෙකුගේ අධාරයක් නොමැතිව කිසිදු අනාරක්ෂිත බවකින් තොරව කොන්ක්‍රීට් කණුව තරණය කිරිමටත් පහසුවෙන් අදාළ කාර්යේ නිරතවීමේ හැකියාවක් ඇත.
එමෙන්ම විදුලි බිඳ වැටිමකදී හෝ නව සම්බන්ධතාවයක් ලබාදිමට විදුලි කණුවක නැගීම සදහා ඉණිමඟක් ගෙනයාමට අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අවශ්‍ය වන අතර ලොරි රථයක්ද අවශ්‍ය වේ.
නමුත් මෙම පාවහන් යුගළ සහිතව එක් පුද්ගලයෙක් පමණක් ප්‍රමාණවත් වන අතර වාහනයකට ළඟාවිය නොහැකි ස්ථානයකදීත්, එමෙන්ම අපහසු කඳු මුදුණකදී වුවත් පහසුවෙන් අවශ්‍ය සේවය ලබා ගැනිම සදහා රැගෙන යා හැකි බව පාවහන් යුගළ නිර්මාණය කළ නිමල් සමරකෝන් මහතා පවසයි.
ඉතා සුළු මුදලක් වැය කරමින් නිර්මාණය කළ මෙම නව පාවහන් යුගළ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සදහා කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන් හරි කොපියක් ගහල තමන් හොයාගත්ත වගේ පෙන්නන්න තමයි දන්නේ. මෙහෙම ඉංජිනේරුවෝ තමයි ගොඩක්ම රජයේ ආයතනවල ඉන්නේ. මේක දැනට ඉන්දියාවේ පාවිච්චිකරන ක්‍රමයක්.
ජයවේවා !
මේක ඉන්දියාවේ බාවිතා කරනවාය කියලා අපි ඒකත් ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ නෑ නේ. අපිට හදන්න පුලුවන් නම් වෙන රටවල් වල බාවිතා කරන දේවල් වුනත් අපේ රටේ අවශ්‍යතාවලට අපේ රට තුලම නිශ්පාදනය කර ගත්තොත් තමා රටක් වශයෙන් ටිකෙන් ටික හෝ ඉදිරියට අඩියක් තියන්න හැකියාව ලැබෙන්නේ. මෙතන ජාතිවාදී පුවතක් තිබ්බනම් බලාගන්න තිබ්බා කමෙන්ට් වැටෙන ඉක්මන. ඒත් මේ වගේ දේකට ඒවා නෑ. ඒ අයගේ ඇත්තටම රට ගැන තියන හැගීම ගැන හිතන්න වෙන මුකුත්ම ඕනෑ වෙන්නේ නෑ....
මේක දෑනට ලෝකෙ ගොඩක් රටවල් වල පාවිච්චි කරන එකක්. මේ ව්ගේම එකක් ගස් නගින්නත් හදලා තියෙනවා. කොහොම උනත්, මෙතුමගෙ උත්සාහය අගය කරන්න ඕන.
කොපිය උනාට වැඩනම් මොකද. ඔය පණ්ඩිත කතා කියන්නනම් කට්ටිය ඉන්නවා එත් වැඩක් කරන්න තමයි කට්ටිය නැත්තේ. එතකොට ජපාන වාහන හදන්නේ කොපි නොවෙයිද? මොකද මුලින්ම වාහන හැදුවේ ජපානේ නොවෙයිනේ. හොද දෙයක් සරලයි, ලොකු වෙනසක් කරන්න පුළුවන්, ලාබයි. හොද දෙයක්.
ඉතින් මොකද.? ජපානෙත් ඉස්සරවෙලාම කොපි තමයි හැදුවේ.
කාගෙවත් කොපියක් නම් මොහුට පේටන්ට් බලපතක් ගන්න බැහැ. කොහොම උනත් ලංකාවට මේක අළුත් දෙයක්නේ. ඒක නිසා අගය. කරන්න පුලුවන්.
මේක ලෝකේ ගොඩක් රටවල කරන පරණ ක්‍රමයක්. අනුන්ගේ දෙයක් තමන්ගේ යැයි කීම වංචාවක්. අලුත් දෙයක් කරලා එකේ නම්බුව ගන්න.
නව නිපැයුම් ආකාර දෙකක් තියනවා , සම්පුර්ණයෙන් අලුත් නිර්මාණයක් කිරීම හෝ තිබෙන නිර්මාණයක් වැඩිදියුණු කිරීම. මෙය තිබෙන නිර්මාණයක් වැඩිදියුණු කිරීමක් විය හැකියි.
ඇයි ඉතින් සම්පත් ඔයා දන්නවනම් අපට කියලා දුන්නේ නැත්තේ? නිකන් කට තිබුනට වැඩක් කරපු මනුස්සයෙකුට පහත් කරන්න එපා. ඔයා ඔය අඳින ෂර්ට් කලිසම් ඔක්කොම කොපි තමයි. ඒවත් අඳින්න එපා.
මේක ඉන්දියාවේ හදපු එකක් ලංකාවට ගෙනත් එයා හැදුව වගේ පෙන්නනවා...
කොහොමද වෙල්ඩින්ග් එක කැඩුනොත්.
මේ නිපැයුම හොදයි නමුත් කියන්න යමක් තියනවා. මෙය පැළඳගෙන කනුවට නගින අයට ඔහුගේ ශරීරයේ සියලු බර දරා සිටීමට සිදුවන්නේ ඔහුගේ පාදයේ විලුබට පිටින් එය වැඩි වෙලාවක් රැදී සිටීමට අපහසු කාර්යක් මෙහි සම්පුර්ණ සපත්තුවම ආවරණ වන ලෙස හා සපත්තුව පහලට ලිස්සා නොයන ලෙස ආවරණයක් (ගාර්ඩ් එකක් ) තිබුනානම් ගොඩක් ආරක්ෂිතයි තවද මෙය පැළඳගෙන කනුව ඉහලට නගින පුත්ගලයට ඔහුගේ සිරුර සිරස්ව තබා ගැනීමට ඇත්තේ ඔහුගේ අත්දෙක පමණයි යම් හෙයකින් වැඩ කරද්දී හෝ ඉහල පහල යද්ද්දී අතට යාම උවහොත් හෝ ඉහලදී විදුලි සර වැදීමක් උවහොත් ඔහුගේ ශරීරයේ ඉහල කොටස ඉවතට විසිවීම හෝ කණුවෙන් පිටතට යාමක් සිදු උව හොත් ඔහුට එය පාලනය කර ගන්න බැහැ ඒ නිසා අනිවාර්යෙන්ම ශරීරය පටි (බොඩි හාර්නස්) කට්ටලයක් පැළඳීම කල යුතුය. මන්ද පාදයන් කණුවට බැදී පවතින නිසා විසි උවහොත් ඔහු ඉහල කණුවේ සිට පලට එල්ලෙමින් වැටී සිටිනවා එයින් ඔහුට බරපතල ලෙස අස්ථි බීමක් මෙන්ම හිස පල කණුවේ වැදී අනතුරක් සිදුවන්න පුළුවන්.