IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

( ටී.කේ.ජී.කපිල )

  රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු   අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

  මොහු කන්කසන්තුරෙයි , මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

 අද  අලුයම 1.57 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

   ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320 ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52 ක් සහ හෂීස් ග්රෑම් 230 ක් සගවා ගෙන පැමිණ සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

   මෙම පුද්ගලයා  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරමින් සිටිති .

(ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ)



අදහස් (4)

ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

kalani Thursday, 28 June 2018 05:07 AM

අලගිය මුලගිය තැන සොයා සියලු දුෂ්ට යක්ෂයින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඩුවමකට ලක් කල යුතුය.

:       14       169

lalithsjm Thursday, 28 June 2018 05:16 AM

දැඩි දඩුවම් සමග ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කල යුතුයි. දඩුවම් ලිහිල් නිසා තමයි මෙවැනි අපරාධ අපේ රටේ වැඩි.

:       38       172

Ranjith Thursday, 28 June 2018 05:21 AM

සාම දර්ශකෙන් ආපහු බහීද දන්නේ නැහැ .....

:       98       66

Sanath Thursday, 28 June 2018 07:19 AM

ගුවන්තොටුපොලෙන් දවසකට 12000 ක් විතර මගීන් සංඛ්‍යාවක් රටට එනවා. මේ හැමෝම විස්තරාත්මකව පරීක්ෂා කරන්න ගියොත් මිනිස්සුන්ට දවසක් විතර පෝලිමේ ඉන්නවෙයි. ඒක නිසා ඔත්තුවක් ලැබුනොත් නැත්නම් අවිශ්වාසයක් ඇතිවුනොත් විතරයි හොඳින්ම පරීක්ෂා කරන්නේ. එහෙම වුනාම අනික් මිනිස්සු අතරේ කොච්චර කුඩු ජාවාරම්කාරයෝ ඇතිද?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 400 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 559 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site