(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්දව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නඟා තිබිණි.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.
‘මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂි දායකත්වයක් සිදු කළ නිළධාරියෙකි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපහස නඩුවක් දාලා වන්දියක් ලබා ගත්තා නම් හරි මේ රටේ වාචාල කටවල් තියන දේශපාලකයන්ට පාඩමක් උගන්වන්නත් එක්ක.
සැබෑ වෙනසක්.
සත්‍යපාල මහතා පළමුව චෝදනාවයි අපහාසයයි වෙන්කර හඳුනාගන්න වෙනවා. චෝදනාවක් අපහාසයක් නොවෙයි
බමුණුආරච්චි, "කඩේ ගිහිල්ල" තාමත් මහන්සි නැත්ද? "බොරු" චෝදනා අපහාසයක් නොවේනම්, වෙන මොකක්ද ?
කඩේ යාම කොන්ත්‍රාත් එකක් වශයෙන් බාර අරන් තියෙන බවයි පෙනෙන්නේ. මේ කාරණයේදී ආචාර්ය වීරසිංහට ඒක අපහාසයක්ද නැද්ද කියල අධිකරණය තීරණය කරයි.
මෙයාට රවී ගැන මෙහෙම කියන්න උපදෙස් දුන්නේ රවී වෙන්න ඇති ...
මම රවීට "කඩේ යනවා" කියනඑක මට කරපු බොරු චෝදනාවක් ද? මට කරපු අපහාසයක්ද? මොකද මම රවී වගේ දෙසපාලකයෙක්ට කිසිම හේතුවකට කඩේ යන්නේ නැත. ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපනවා කියනවානේ එහෙම නේද?
හොරුනොවන උදවියටත් චෝදනා කරලා රටේ ජනතාවට සැබෑ ප්‍රශ්නය අමතක කරවන්න හදනවා.
එහෙම චෝදනාවක් කළාද කියලා එතුමාට මතක නැතුව ඇති. ඔයාලා බොරුවට අමනාප වෙන්න එපා.
මේ අයට නොතේරුනාට මේ බැංකු අධිපතියාද අර්ජුන් මහේන්ද්‍රගේම සෙවණැල්ලකි මේ රට විනාශ කරන එක තමයි කරන්නේ.