(නිමල කොඩිතුවක්කු)
දේශප්‍රේමය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සැබෑවටම රටට ආදරය කරන්නේනම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වන ලෙසට තමන් අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ඉල්ලූවත් නැතත් සැබෑ ශ්‍රි ලාංකිකයකු නම් එතුමන් එම තීරණය ගත යුතු බවත් බොරු දේශපේ‍්‍රමයක් හදාගෙන දේශපාලනය කරන්නන් ගැන රටේ ජනතාව මෙයට වඩා දැනුම්වත් විය යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.
‘‘අපේ රටේ ජනාධිපතිවරයා තවත් හිට්ලර් කෙනෙක් විය යුතුයි වැනි ආන්දෝලනාත්මක කාරණා පසුගිය දිනවල මාධ්‍ය මගින් පළවුණා.
ඕස්ටි්රයාවේ ඉපදිලා ජර්මනියේ තමයි හිට්ලර් පාලනය කළේ. හිට්ලර් මරණයට පත්වූ බංකරය මත ගසක් සිටුවා තිබෙනවා. එහෙම නැතුව ඔහු සිහිකරන්න වෙනත් කිසිදු සලකුණක් හෝ උත්සවයක් නැහැ. ජ්ර්මනියත් හිට්ලර්ගේ පාලනය ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු වී තිබෙනවා. හිට්ලර්ගේ ක්‍රමවේදය තුරන් කරන්න එම ක්‍රමවේදයට එරෙහිව ජනතාව පෙලගස්සන්න ජර්මනිය අද ලෝකයටම මුදල් දෙනවා.
ඔස්ටි්රයාවේ පිහිටි හිට්ලර්ගේ මුල් නිවස අසල සිටින අසල්වාසින්වත් කැමති නැහැ හිට්ලර් තමන්ගේ අසල්වාසියකු යැයි පවසන්න. එම නිවස ඉදිරිපිට සමරු පලකයකින් පවා ඔහුගේ මෙම ක්‍රමයට එරෙහිව කරුණු දක්වා තිබෙනවා. ඒ විදියට ඕස්ටි්රයාව සහ ජර්මනිය මෙම පාලනය හෙලා දැකළා තමයි කටයුතු කරන්නේ.
එවැනි ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාමාර්ග වලට යොමුවන්න අපේ රට වගේ ප්‍රජාතන්තවාදි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රටක් කල්පනා කරන්න හොඳ නැහැ. ඒ ගැන ප්රකාශවීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.

(ඡායාරූප - ලහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අනුන්ට අභියෝග කර කර ඉන්නේ නැතිව තමන්ට ලැබුණු ඇමතිකමේ වගකීම ඉටුකලොත් හොදයි.
එතුමා ඔය කපටිකම් වලට අහුවෙන්නේ නැහැ. ඇමරිකන් තානාපති තුමත් අකමැත්ත පලකරලා තියෙනවා එතුමා ඇමරිකන් පුරවැසිකම අතහරිනවට මොකද එයාලත් දන්නවා ගෝඨාභය මහත්තයාගේ සේවය ඇමරිකාවටත් අවශ්‍යයි කියලා. සමහරවිට ඊළඟ ඇමරිකන් ජනාධිපති අපේක්ෂකයා අපේ ගෝඨාභය වෙන්න පුළුවන්.
ඕක කෙරෙන්නම ඕනෑනම් මොන ක්‍රමේකින් හරි නාමයෝජනා ලබාදෙන්න උදව් කරන්න වෙයි. මොකද එහෙත් මණ්ඩලේ කචල් කියලයි ආරංචි.
පරමාර්ථය ඉදිරියේ පැවැත්මට නියමිත, තේරීමේ මහා තරගය මිස රටේ දියුණුව ගැන කිසිදු වැඩසටහනක් නොමැති බව කිව යුතුය.
ඕක කෙරෙන්නම අවශ්‍ය දෙයක්නම් ඔය අභියෝග කෙරිල්ල නවත්තල මොන ක්‍රමයකින් හරි නාම යෝජනා ලබාදෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. වියතුන් එක්ක පොඩිවට එළියක් පත්තු කරගෙන ආවා විතරයි.
එතකොට මහේන්ද්‍රන්ට මහ බැංකුව විනාශ කරන්න දුන්නේ සිංගපුරු පුරවැසිභාවයෙන් ඉවත්වුනෙන් පසුවද?
ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ,තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට ගලවා ගැනීමට ඔහු පෙන්වූ දේශප්‍රේමය සුළුවෙන් තක්සේරු කිරීමෙන් පලක් නැත. මායිම් ගම්මානවල මිනිසුන් පමණක් නොව මුළු මහත් ජනතාවම ඔහුගේ දේශප්‍රේමයට තවමත් ගරු කරති. හයෙන් පහක මහා බලයකින් යුත් ජනාධිපතිවරයකුට නොහැකි වූ ජයග්‍රහණයක් ලැබුවේ ඔහුගේ දේශප්‍රේමය නිසා මිස වෙන යමක් නිසා නොවේ. පෞද්ගලික දානමය පින්කමකදී අනුනායක හිමිනමක් කල ප්‍රකාශයක් ගෙන ගෝඨාට පහර ගැසීම ගෙදර තිබෙන මුව හමට තැලිමකි. ඇමරිකාවේ පුරවැසිකම තිබු පමණින් ඔහු යුද්ධයෙන් පරාජය නොවුවා සේම ,සිංහලකම, සංකෘතික හැසිරීම් , ආගමික දෘෂ්ටිය වෙනස් වුයේද නැත. අප අත්විදින මේ සාමකාමී පරිසරය ඔහුගේ දේශප්‍රේමයේ අශ්වාදයයි. අනුන්ගේ දේශප්‍රේමය ප්‍රශ්න කිරීමට පෙර තමාගේ දේශප්‍රේමය තහවුරු කල යුතුය.
මැතිවරණයක් තිබුනොත් මහා ජනතාවගේ තිරණය ඔබලා හැමෝටම දැක ගන්න පුළුවන්... දැන්වත් වැඩක් කරමු.
ඔබතුමාලාට මොකක්ද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ පුරවැසිකම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තමුන්නාන්සේලා ජනතා නියෝජිතයින් වශයෙන් ඔතැනට ඇවිල්ලා ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරලා ගෝඨාභය රාජපක්ෂගේ පැටිකිරිය හොයන්නේ බලයට ආවොත් බය නිසා නේද? තමුන්නාන්සේලා රාජපක්ෂවරුන්ට අභියෝග කරන්නේ රටේ දුප්පත් ජනතාවට දැනෙන්න දෙයක් කරලා තියනවද?
බලයට ඇවිල්ලා අවුරුදු 3 ක් වෙනවා. බොරු කිය කියා කාලේ ඉවරයි. දැන් කොහේදෝ ඉන්න කෙනෙක්ගේ පුරවැසි කම ගැන හොයනවා. රටට වැඩක් කරන්නේ කවද්ද?
කලනි, සේනක ඔබ දෙදෙනාම වැරදියි. ගෝටාභය මහතා යුද්දය දිනන්න ලොකු දෙයක් කලේ නැහැ. සියලුම මෙහෙයුම් සැලසුම් හැදුවේ හා ඒවා ක්‍රියාත්මක කලේ ත්‍රිවිධ හමුදාපතිවරු හා අනෙකුත් නිලදාරීන්ය. යුද්දයේ විශාල කොටසක් කලේ යුද හමුදාවයි. එහිදී යුද හමුදාවට නායකත්වය දුන්නේ කවුද කියන එක මුළු රටම දන්නවා. ගෝටාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය තියාගෙන ඉන්නේ ඕනෑම වෙලාවක ආපහු ඇමෙරිකාවට යන්න ඕන නිසයි.
නිකම් මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව පුළුවන් වැඩක් කරන්න.
රටේ අධ්‍යාපන ඇමතිගේ දැනුම. වෙන එකෙක් කියපු කතාවක් අල්ලාගෙන නහිනවා.. තව අවුරුද්දයි..ඔහොමම යමු.
අකිල උන්නැහේ කලබල වෙන්න එපා. ගොඨාභය මහත්තය අවශ්‍ය වෙලාවට සුදුසු විදියට කටයුතු කරාවි. මෙයාලගේ බොක්ක ගිනිඅරන් දැනටම.
එහෙනම් ඔයාලත් ඇමරිකන් වාහන භාවිතය අත් හරින්න
රටේ තියන දැවෙනම ප්රශ්නය දානමය පින්කමකදී අනුනායක හිමිනමක් කල ප්‍රකාශයක, සහ එය අල්ලා ගෙන ගෝඨාට මඩ ගැසීම, කයිවාරු නවත්වලා පුලුවන්නම් මාර්තුවල තියනවා කියපු පලාත්සභා ඡන්දය තියලා පෙන්වන්න.