විනීතා එම් ගමගේ
හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය.
එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලන ලෙස විපක්ෂ නායකවරයාගෙන් , විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන් ද ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය.
වර්ණසිංහ මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ වර්ණසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.
“නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව ඇඟ කිළිපොලා යන එකක්. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා එක්සිම් බැංකුවෙන් ගත් ඩොලර් මිලියන 307 ක මුදලින් යම් කොටසක් හිටපු ජනාධිපතිවරයා ලබාගත් බවට එම පුවත්පත හෙළි කර තිබෙනවා.
ඒ මුදල ඩොලර් මිලියන 7.5ක්. රුපියල් වලින් කෝටි 59ක්. එය ව්‍යාපෘතියට අදාල සමාගම වන චයිනා මර්චන්ට් සමාගම තම අනුගිණුමකින් ගෙවා තිබෙනවා.
ජනාධිපතිවරණයේ දී සිල් රෙදි, සාරි , ඔරලෝසු , ටී ෂර්ට් , යට ඇඳුම් බෙදුවේ මේ සල්ලිවලින් විය හැකියි. රටම ණය උගුලක දමමින් මහින්ද රාජපක්ෂ මහතා වරාය හදන්න ගත්තු සල්ලි අවභාවිත කළා.
එහෙමනම් අපි අහන්න කැමතියි එතුමා ගත් මුදල් අවභාවිතා නොකලා කියන්න පුළුවන්ද? රටම ණය කන්දක්. සියයට අටේ ගිනි පොලියට ගත් ණය යොදවලා මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය කරල තිබෙනවා. මේ වසරේ විතරක් ණය පියවීමට අපට රටක් ලෙස ඩොලර් මිලියන 14.8 ක් ගෙවන්න වෙලා තිබෙනවා. රටේ වාර්ෂික ආදායම කියද? ඩොලර් මිලියන 12.2යි. එහෙම නම් රටේ ආදායම මදි මේ ණය ගෙවන්න.
මේ ආකාරයට ණය අරන් ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවට කන බොන සියලු දේවලින් බදු ගෙවමින් ගෙවන්න වෙලා තියෙනවා. රාජපක්ෂ මැතිතුමා එක අවස්ථාවක කියා සිටියා තමන් එක ඩොලරයක් හෝ හොරකම් කර තියෙනවා කියා ඔප්පු කළොත් ඔළුවට වෙඩි තියා ගන්නවා කියලා. අපි අහන්න කැමතියි එකක් නොවෙයි 7.6ක් අවබාවිතා කරල තියෙන එක ගැන මොකද කියන්නේ කියලා.
නිව්යෝක් ටයිම්ස් මේ හෙලිදරව්ව කරලා දින කිහිපයක් ගත වෙලා. හැම වලාවෙම රටේ තත්ත්වය ගැන වොයිස් කට් දෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇයි නිහඬ කියා අපි අහන්න කැමතියි. පන්සලකට ගියත් පිංකමකට ගියත් රටේ ප්‍රශ්න ගැන කතාකරන එතුමා තවම එක වචනයක් වත් කියල නැහැ.
ඇයි ඒකාබද්ධ විපක්ෂය වත් පොහොට්ටුව හෝ ආර්ථික පර්යේෂණ ඒකකය හෝ අනාගතයේ දී මේ රට බාර අරන් ආර්ථික උපදේශකකම් කරන්න බලා ඉන්න අය හෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ? නාමල් රාජපක්ෂ මහත්තයා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තියෙනවා.
මේකෙ තවත් හෙළිදරව්වක් කරල තියෙනවා. ස්වාමින් වහන්සේ නමකට ජනාධිපතිවරණය ආසන්නයේ දී අවශ්‍ය කටයුතු කරගෙන යාමට ඩොලර් 38,000 ක් දීල තියෙනවා කියා එහි කියනවා. කවුද මේ. පන්සල්වලට වාහන දුන්නද එහෙම නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද දුන්නද? චයිනා මර්චන්ට් සමාගමට අයත් ගිණුමකින් තමයි මේ මුදල් දීල තියෙන්නේ.මේවා බරපතල සැකයක් මතුවෙනවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනි සෙනරත් මහතාට චෝදනාවක් එල්ල වුණා අරලිය ගහ මන්දිරයේ තිබුණු මුදල් වාහන වලින් රැගෙන ගියා කියලා.
ඒ මුදල් ගෙනයාමේ දී ගෝනිවල ගෙන ගියා කියා රියැදුරු කියා තිබෙනවා. එදා ඒ මුදල් සමඟ කාර්යමණ්ඩල ප්‍රධානියා චීන මුදලුත් ගෙන යන්න ඇති.
මේ සිදුවෙලා තියෙන අවභාවිතය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ විවාදයක් කරන්න ඕන. හැම දේටම විවාද ඉල්ලන ඒකාබද්ධ විපක්ෂයට අපි කියනවා විවාදයක් මේ ගැනත් ඉල්ලන්න කියලා.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඇත්තද නැත්තද කියල දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරුන්ටත් අනාගතයේ ජනාධිපතිවරු වෙන්න ඉන්න රාජපක්ෂවරුන්ටත් මඩ ගහන්න ගන්න උත්සාහයක් කියල කියන්න ඉඩ තියෙනවා. ඇමරිකාව කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කිව්වට ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දි ජනාධිපතිකම ඉල්ලනවා.
මේ රට සංවර්ධනය කරන්න ඕන කියල කියනවා නම් මේ ලංකාවේ අමාත්‍යංශයක ලේකම් ධුරයක් දරන්නේ නැතිව ඇමරිකවේ පුරවැසිකම තියාගෙන ඉන්නේ.
ඇමෙරිකාවට බනින ගමන් පුරවැසිකම තියන් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් ගෙන් ඉල්ලනවා මේ ගැන විවාදයක් ඉල්ලන්න කියලා. ඒකට ඇවිත් උත්තර දෙන්න කියා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආර්ථික මහාචාර්යවරු , ආර්ථික පර්යේෂක බන්දුල ගුණවර්ධන ශූරින්ට, අජිත් නිවාඞ් කබ්රාල්ට පුළුවන් විය යුතුයි.
මේ මුදල්වලින් මොනවද කළේ? හාමුදුරුවරුන්ට හෝ වෙනත් අයට හෝ අල්ලස් ලෙස මොනවද දුන්නේ කියා හෙළි කළ යුතුයි. ඡන්ද දායකයන්ට අල්ලස් දුන්නද? මේවා ජනතාව දැනගත යුතුයි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්වත් බොරුය ඔය සුද්දන්ගේ පත්තරවල යන නිවුස් අපි පිළිගන්නේ නැතය කියලත් කට්ටිය ලියයි දැන් මෙතන
මෙම පුවත ගැන පරීක්ෂණයක් කිරීම අනිවාර්ය වේ .
නිව්යෝරක් ටයිම්ස් කියන්නේ ලෝක පූජිත පුවත්පතක්. මේවාගේ බොරු දාන්නෑ. වගකීම් සහිත පුවත්පත්, බොරු දාලා තමන්ගේ ප්‍රතිරූපයට හානිකරගන්නෑ. ලංකාවේ මම විශ්වාසයෙන් යුතුව බලන්නේ ලංකාදීප අැතැම් එ්වානම් තනිකර කැලෑ පත්තර. අද දාන දේ හෙට එහෙම නෙමෙයි කියලා නිවැරදි කරනවා, සමාව ගන්නවා. දවසක් දෙකක් නෙමේ හැමදාම
බලාගෙන ගියාම හැමෝගෙම කටේ පස් තමයි. අවාසනාව නම්, එදිනෙදා ජීවිතය ගැට ගහගන්නට වෙර දරන රටේ සාමාන්‍ය ජනයා මත බදු පටවා මේ ණය ආපසු ගෙවීමයි.
අසංක, මුදල් ගෙවපු බැංකු ගිණුම් වල විස්තර ඔවුන් ලග තියන නිසා දන්නා කියන මිනිස්සුන්ට නම් ඕවගේ කතා හරියන්නේ නැහැ!
වහල් මානසිකත්වයක් අැති අයට මේක බොරුවක් ටයිම්ස් එක කුමන්ත්‍රණයක් කළා කියාවි.
ඩොලර් මිලියන 7.6 ක් කියන්නේ 2013 දී රුපියල් කෝටි 100 ක් විතර.
මිනිසුනේ.. දැන්වත් ,දැන්වත් ,දැන්වත් තේරෙනවාද මොවුන් රටට කර තිබෙන විනාශය ....
මේක බොරු පුවතක් නම් එම පුවත්පතට එරෙහිව පියවර ගන්න පුළුවන් රාජපක්ෂ මහත්තයට.
චීනෙන් රාජපක්ෂලාට චන්දෙට චෙක් දුන්නා කියලා නිව්යෝක්ටයිම්ස් එකට දැනුම් දීලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුවෙන්ලු. මේ බව නිව්යෝක්ටයිම්ස් ලිපියෙම තැන් දෙකක කියලා තියෙනවා. ලිපිය කියෙව්වානම් දකිනවා ඒක. ලංකාවෙ ආණ්ඩුවෙන් කිව්වා නම් පට්ට ඇත්තක් වෙන්න ඇතිනේ?
චීනෙ දුන්න සල්ලි ගැන බලන්න ඉස්සරවෙලා නරකද මහින්ද එලවන්න ඇමෙරිකාවෙන් ගත්තු සල්ලි බෙදා ගත්තු විදිය කිව්ව නම්.!
මේ චෝදනාව සත්‍ය උනත් , අඩුම තරමේ වරායක් හැදුනනේ මේ ආණ්ඩුවට ඩොලර් මිලියන 1100 ට විකුණගෙන කන්න. ඒ වගේම සිල්රේදී , සාරි බෙදුවානම් , ඒවා ජනතාවගේ අතටනේ ගියේ. රටම ආගාදයට දමපු ඔප්පුවෙච්ච මහබැංකු හොරකමේ , කම්ම්බහොරුන්ට මොකද වෙන්නේ කියලා වගේ වගක් නැහැ.
මෙය දැන් තියෙන මාධ්‍ය සංදර්ශන හා බැදුණු දෙයක් බව පැහැදිලිය. 2015 මැතිවරණය වෙලාවෙත් මේ ලෙසමයි හැසිරුනේ.
මේ රටට ගැලවීමක් තියනවද, ඒ කවදද කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවද ?
නිව්යෝර්ක් ටයිම්ස් කියන්නේ, ඇමෙරිකාවේ ජනාධිපති ගැනත් හෙලිදරව් කරන පත්තරයක්, ඒ නිසා කබ්රාල් කියනවා වගේ මේක බොරුවක් වෙන්න බැහැ. පුදුමයි විමලේ තාම මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා නොකීව එක.
රාජපක්ෂගේ කාලේ හොරකම් ගැන දන්නේ නැති අද ඊයේ ඉපදුණු ළමයි විතරයි. විහිළුව කියන්නේ, හැමෝම දන්නවා, හැමෝම මාලිගාවල් හදාගෙන ඉන්නවා. එ්ත් කිසිම පරීක්ෂණයක් නෑ. අපි ඔක්කොම මහන්සි වෙලා වැඩ කරලා බදු ගෙවනවා. අපිම ඡන්දෙ දීලා යවපු අය, ඒ අයගේ පැවැත්ම ගැන සාකච්ඡා කරකර ඉන්නවා. පුදුම රටක්....
නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත කල හෙළිදරව්ව, ශ්‍රී ලංකාවාසීන් තවදුරටත් අවාසනාවන්ත ජනතාවක් ලෙස පිළිගැනීමට බල කරයි. නැවතත් අනාගත ගැලවුම්කාරයා ලෙස නම් කල තැනැත්තාගෙන් තවදුරටත් කිසිවක් බලාපොරොත්තු වෙනවා නම් එය ඔහුට සහතික වශයෙන්ම ලබාදිය නොහැකි බව නැවත නැවතත් විමසා සිටීමේ අවශ්‍යතාවයක් නැත. දේශපාලකයින් සඟවා ගත් විසකුරු රහස් එකින් එක හෙළිදරව් වෙන්නේ අහම්බයන් සේ මිස පාලක කාරකාදීන්ගේ සුරුබුහුටිකම් නිසා නොවේ. මහා බැංකුව බිඳ මහා ධනයක් කොල්ල කා පලාගිය චෞරයන් නිදහසේ සිටියදී එවැනිම මුල්‍ය අවභාවිතයක් අසන්නට අපි අවාසනාවන්තයෝ වෙමු. වසර 70 ක් පුරා රැගෙන පැමිණි මෙම දුෂ්ට පිළිවෙත් තවදුරටත් ඉදිරියට ගෙනයාම නවතමු.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සත්‍ය තොරතුරු පලකිරීමේ කීර්තිනාමයක් දිනු ලෝකප්‍රකට පුවත්පතක්. ඉතාමත්ම නිවැරදි නොවන කිසිම තොරතුරක් ඔවුන් පල කරන්නේ නැහැ. මේ චෝදනා පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්න. බෝ පැල සහ වල් පැල වල වෙනස රටවැසියා දැන ගත යුතුයි.
ඔය කොමිසන් වැඩේ සුටුස් ගාල කෙරෙයි ඔය සිද්ධියට රනිල්ගේ නමත් ගාවගත්තා නම්.
කොමිසම දාලා හොයන්න ඕනේ... මේ විස්තර නිව්යෝර්ක් ටයිම්ස් එකට දුන්නු අය.. මොකද පත්තරේම කියනවානේ ලංකාණ්ඩුව ලබා දුන් තොරතුරු කියලා... එතකොට ඇත්ත නැත්ත හොයා ගන්න පුලුවන්... එෆ්.සී.අයි.ඩී. එකෙන්ම...
වරායක් හැදුව. මත්තල ආසියන්තර ස්ටේෂමකුත් හැදුවා. එච්චරක්යැ ක්‍රිකට් පිටියකුත් හැදුවා. ඇති පලේ මොකද්ද? ඔක්කොම හැදුවේ ඔහෙලට අපට ආදරේකට නෙමෙයි, කොමිස් ගහන්න! ඒක සමහර මෝඩයින්ට තේරෙන්නේ නැහැ. ඇයි මනුස්සයිනේ පෙන්නාලා දෙන්නකෝ කොමිස් නොගහ මේ ගොල්ලෝ කරපු එක ප්‍රයෝජනවත් වැඩක්! දැන් ඉන්න දේශපාලකයින් කරන්නෙත් එ්කම තමයි. මේ ඔක්කොම එකතුවෙලා අපට විකාර රූපී නාඩගම් පෙන්නවා. අපි හුරේ දානවා.. විසිල් ගහනවා.. එක එක පැත්තට. මේ අයට තේරෙන්නේ නැහැ. කෙලවිලා තියෙන්නේ අපිටම බව !
මහින්දව යවන්න ඇමෙරිකාවෙන් සල්ලි දුන්නේ... ඔය රිපෝර්ට් දීලා තියෙන්නේ... මංගලගේ කට්ටිය කියලා තවම දන්නේ නැද්ද?