පුෂ්පකුමාර ජයරත්න
විකිණීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි ගණනක් වටිනාකමක් ඇතැයි කියන විශාල ප්‍රමාණයේ වාලම්පුරියක් සමග පුද්ගලයන් සත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එකකයේ නිලධාරීහු සමත්වුහ.
කුරුණෑගල කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එකකයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩී. පුන්‍යසේන මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව දින කීපයක් පරීක්ෂණ සිදු කොට සැකකරුවන් සමග මෙම වාලම්පුරිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වාලම්පුරිය මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් කීප දෙනෙකු පැමිණෙන බවට ලද තොරතුරුවලට අනුව පුන්‍යසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී වාලම්පුරිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාලම්පුරි කියන්නේ සිප්පි කට්ටක්. ඒක සතෙක්ගේ ගෙයක් කෝටි ගානකට ගන්නේ. මොන මෝඩකමක්ද
වාලම්පුරි තහනම්ද? මොන නීතිපොතේ මොන වගන්තියෙද එහෙම තියෙන්නෙ?