(මනෝප්‍රිය ගුණසේකර)
කොළොන්නාව මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24ක් එම ඉඩමෙන් ඉවත් කොට ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා , ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 13,14 සහ ඔක්තෝම්බර් 04 වැනි දිනවලදී වැඩිදුර විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද නියම කළාය.
මෙම නඩුව විභාග කිරීම සඳහා අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා රාජකාරීමය කටයුත්තකට විදේශගතවී ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.
ඒ අනුව මෙම නඩුවේ සාක්කිකාර ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතාට ලබන සැප්තැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරිය වැඩිදුරටත් නියම කළාය.
2015 අපේ‍්‍රල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන් ස්ටේලා රණතුංග මහත්මිය සහ මොරීන් රණතුංග මහත්මියගේ ඥාතියෙකු වන ඔස්ටේ‍්‍රලියානු ජාතික නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තෙකි.
නරේෂ් කුමාර් ෆාරිස් නමැති විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට තීරණය කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද නෙවයි හෙට බාලගිරි දෝෂෙද? මල්ලිගෙ ඇමති බලේද? එහෙමත් නැතිනම් අපේ කරුමෙද? හැම දේම ක්‍රියාත්මක දුප්පතාටද?
කොහොමහරි තවත් සැප්තැම්බරයක් පන්න ගත්ත නං ගොඩ. එතකොට මේ රජයේ ආයු කාලය ඉවරයි.
කතා කරන විට මේ අය තරම් අවංක ජනතාවාදී දේශ ප්‍රේමි මහත්වරු ලංකාවේ තියා තුන් ලෝකේම නැහැයි කියලා හිතෙන්නේ.
බිය නොවන්න 2020 වෙනකල් කල් දානවා.
මේ මහා භද්‍ර කල්පය පවතින තුරු පවත්නා දේවල් කීපයක් තියෙනවා. බුද්ධාගම එහෙම පවතින බව අපි විශ්වාස කරනවා. මේ තියෙන්නේ අනික් ඒවා. මේ වගේ නඩු තව දෙක තුනක් තියෙනවා මේ කල්පය තුළම පවත්වාගෙන යන.
උසාවී ගැන රන්ජන් කියන දෙය හරියටම හරි! ලංකාවට දෙයියන්ගේ පිහිටයි.
මෙම නඩුව විශේෂ අධිකරණයට යොමු කර ඉතා ඉක්මනින් අවසන් කලයුතු දෙයකි. මොවුන් මේ උත්සාහ කරනුයේ මෙය තවත් වාර හතරක් පමණ කල් ගෙන නිර්දෝෂී පුද්ගලයන් ලෙසින් ඡන්දයට යාමටයි. එම නිසා එයට පෙර ඔවුන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කර පෙන්විය යුතුයි.