(රංජන් කස්තුරි)
කෑගල්ල , උදුගොඩ , කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම විදුහලේ පළමු ශ්‍රේණිය අද (26) වසා දැමීමට පියවර ගෙන තිබිණි.
එම සිසුන් තිදෙනාට උණ හා කැස්ස වැළඳීම නිසා ඉකුත් සතියේ උදුගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එම සිසුන්ට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
එම සිසුන් තිදෙනාට අමතරව එක් වැඩිහිටි කාන්තාවකට ද එම වෛරස් උණ රෝගයම වැළදී ඇති බවද එම කාන්තාව එක් සිසුවෙකුගේ ඥාතියකු බවද උදුගොඩ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ලෙඩක්. මගේ දරුවන්ටත් හැදුනා. පුදුම දුකක් වින්දේ. තවමත් හොඳ නැහැ.
එපා කරපුම ලෙඩක්. මගේ දරුවන්ටත් හැදුනා. පුදුම දුකක් වින්දේ. තවමත් හොඳ නැහැ.