(සුජිත් හේවාජුලිගේ )
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමෙන් ගිය වසරේදී රුපියල් විසිපන් කෝටි පනස් හතර ලක්ෂ තිස් අට දහසක මුදලක් උපයා ගෙන ඇත.
දෙපාර්තමේන්තු එක් දින සේවාවන් ගිය වසරේදී නිකුත් කරනු ලැබ ඇති ජාතික හැදුනුම්පත් සංඛ්‍යාව දෙලක්ෂ පනස් පන් දහස් හාරසීය තිස් අටකි.
එක් දින සේවාව මගින් වැඩිම ජාතික හැදුනුම් පත් සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ නොවැම්බර් මාසයේදිය. නිකුත් කර ඇති හැදුනුම්පත් සංඛ්‍යාව 26365.
එක් දින සේවාව මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අය කරන ගාස්තුව රුපියල් දහසකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයකරන ගාස්තුව රු හාරදාහවත් කලොත් ඔය වගේ හතරගුKයක් සොයාගන්න පුලුවන්වේවි. මුදල් ඇමතිට අයිඩිආ එකදෙමු.