අජන්ත කුමාර අගලකඩ
උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර ලෙස උපාධිධාරීන් 4800 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පසුගියදා පැවති සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු 25 ට වැඩියෙන් ලබාගත් උපාධිධාරීන් පළමු අදියර යටතේ බඳවා ගැනීමට එහිදී තීරණය වී ඇත.
උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් කර තිබිණි.
උපාධිධාරින් රජයේ රැකියා වලට බඳවා ගැනිමේ වැඩසටහනට අයදුම්පත් 66000 ක් පමණ ලැබී ඇති නමුත් සම්මුඛ පරීක්ෂණවලට පැමිණ ඇත්තේ 38000ක පමණ පිරිසක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
සම්මුඛ පරීක්ෂණ වලට පෙනී එම පිරිසෙන් ලකුණු 25ට වැඩියෙන් ලබාගත් පිරිස 4800ක් පමණ වන බවද අගමැතිවරයා සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 25ක්? රාජ්‍ය සේවයට දෙවියන්ගේ පිහිටයි.
සම්මුඛ පරීක්ෂණ ලකුණු ලබාදුන්නේ 100 ප්රතිශතයෙන්ද පැහැදිලි නැත. 25% නම් අපේ උපාධිධාරීන්ගේ තත්වය කණගාටුදායකයි..
ලකුණු 25ට වැඩියෙන් අරන් ඉන්නේ 4800ක් නම් අනෙක් අය ආයෙ අරගෙන මොනවා කරන්නද? මෙවැනි අයත් එක්ක මේ රට කවදා දියුණු කරන්නද.?
ලකුණු 100 ක් ගත්තත් මේ බහුතරයකට අත්‍යාවශ්‍ය රැකියා කුසලතා නම් නැතිව ඇති. දැන්මම කට අරගෙන ඇති සේවය ලබා ගන්න එන මහජනතාවට ගොරවන්නයි , අයිස් ගහ ගහ ඈනුම් යවන්නයි.