බිඟුන් මේනක ගමගේ
බලලෝභී දේශපාලකයන්ගේ පලිහක් බවට භික්ෂුව පත්වීම කනගාටුවට කරුණකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියෝ පවසති.
ඇතැම් හිමිවරුන් අනවශ්‍ය ලෙස දේශපාලකයන්ට සමීප වී ඇතැයි චෝදනා කළ උන්වහන්සේ එහි අවසන් ප්‍රතිපලය වන්නේ කිසිදු පාලකයකුගේ වරදක් පෙන්විය නොහැකි තැනකට භික්ෂු නායකත්වය තල්ලු වීම යැයි පැවසූහ.
දස රාජ ධර්ම, සප්ත අපරිහාණි ධර්ම, පංඡ සීලය ආදී රාජ්‍ය පාලක ධර්ම තිබියදී සෘජු බවට උපමා පිණිස හිට්ලර් වැනි ම්ලෙච්ඡ පාලකයන් ගැන කතාකිරීමම අර්ථවිරහිත යැයි මහාචාර්ය රතනපාල හිමියෝ පැවසූහ.
භික්ෂු විනයට අවනත නොවී කටයුතු කරන භික්ෂුන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි ද සංඝාධිකරණ තීන්දුව බලගැන්වීමට රාජ්යාධිකරණ සහාය විය යුතු යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ ඉන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බෞද්ධ දර්ශනය මිනිසුන්ට කියල දීලා මේ සසරෙන් මිනිස්සුන්වත්, ඒ වගේම හාමුදුරුවන්වත් එගොඩ කරන්නත් මිස රට ජාතිය බේරගන්න හෝ දේශපාලනය කරන්න හෝ, අනෙක් ආගම ජාති මර්දනය කරන්න නෙමි. ශාක්‍ය වංශිකයෝ දහස් ගණනක් මරලත් බුදු හාමුදුරුවෝ ඒවා වලක්වන්න ගියේ නැහැ. සමහර හාමුදුරුවරුන්ට මරණ දඬුවම දුන්නත් බුදු හාමුදුරුවෝ ඒවා නවත්තන්න ගියේ නැහැ. බෞද්ධ ධර්ශනයේ ඒවා දැක්කේ ඒ ඒ අයගේ පින පව අනුව වෙන දේවල් සහ නොපමාව කුසල් රැස් කරන්න කියන එක. අද වෙලා තියෙන්නේ හාමුදුරුවරු දන්නේ නැහැ බෞද්ධ දර්ශනය කියන්නේ මොකක්ද කියලා. මිනිස්සු කොහොමවත් දන්නේ නැහැ. ඒ උනාට නමට බුද්ධාගමේ.
බලලෝභී දේශපාලකයන්ගේ දුෂ්ට අරමුණු ඉෂ්ට කරන ප්‍රධාන පාර්ශවය භික්ෂුව බවට පත්වෙලා.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ වාර්තාවක් පලවෙලා තියෙනවා හිටපු ජනාධිපති වරයාගේ මැතිවරණ අරමුදලට චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන හත හමාරක් දුන්නාය එකෙන් ඩොලර් තිස් අට දාහක් "ජනප්‍රිය ස්වාමින් වහන්සේ" නමකට දුන්නාය කියල. ඩොලර් 38,000 ක් කියන්නේ කොස් ඇටද කජු ඇටද? දානමය පින්කමකට, වරු පිරිතකට වැඩම කරලා හොයාගන්න පුලුවන්ද ඔය ජාතියේ පිරිකරක් ? මේ අන්දමට දුෂිත දේශපාලඥයින් පුජාකරන පඬුරු පාක්කුඩම් දකින කොට අපේ ස්වාමින්වහන්සේලා ඇති පලිහක් වෙලා ඉතුරු උනා.
අපි ෙමා්ඩ නෑ........
ඔබ වහන්සේගේ ප්‍රකාශය ඉතා ප්‍රසංසනීයයි. අපි බලමු බමුණුට මේක වැටහෙයිද කියලා ?
දැන් ඔය අධිකරණ සංඝ නායක හාමුදුරුවරු රටේ හැම පළාතකම ඉන්නවා. නමුත් වැරදි කරන හාමුදුරුවරු එක්කෙනෙකුට හරි විරුද්ධව නඩුවක් ගොනු කරලා නඩු අහල වැරදිකරුවන්ට දඬුවම් දුන්න බවක් නමේ මේ කපේ අපි නං අහල නැහැ. මේකේ තේරුම මොකක්ද.
පලිහක් කෙසේ වෙතත් අපේ ස්වාමින්වහන්සේලා හොර දේශපාලුවන් උස්සගෙන යන දෝලා කරුවන් වෙලා!
කෙසේහෝ භික්ෂුන් වහන්සේලා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වියයුතුය.
සම්පුර්ණ ඇත්ත...
සහතික ඇත්ත. ඔබ වැනි අය තවතවත් බිහි වේවා.!
භික්ෂු විනයට අවනත නොවී කටයුතු කරන භික්ෂූන්ට රාජ්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි ද සංඝාධිකරණ තීන්දුව බලගැන්වීමට රාජ්යාධිකරණය සහය වියයුතුයි.
බුදුන් දේශනා කළේ ගලායන සියලු ගංගා මුහුදට වැටුණු පසු ඒවා සියල්ල එකම වතුරක් බවට පත්වෙනවා කියලා. මේ අචිරවතී, මේ ගංගානම් ගඟේ ජලය කියලා වෙන් කරන්න බැහැ. ඒ වාගේ බුදුන්ගේ සසුනටත් කොහෙන් කවුරු ආවත් අවසානයේ එකම කුලයකට අයිතියි කියලයි. ඒත් දැන් සියම්, අමරපුර, රාමඤ්ඤ කියලා ප්‍රධාන සංඝ කුල තුනක් තියෙනවා. ඒවාත් නැවත උඩරට, පහතරට, කුල ගෝත්‍ර අනුව බෙදිලා. එහෙම ගත්තාම සියම් නිකාය කොටස් 7යි. අමරපුර කොටස් 21යි. රාමඤ්ඤ තාම බෙදිලා නෑ. ඒ අනුව ලංකාවේ බුදු සසුන 29 කට කැඩිලා. ඉතින් තව මොනවද? මේ ඔක්කොම " බහු ජන හිතාය, බහු ජන සුඛාය 'ද? නැහැනේ පැවිද්දන්ගේ හිතසුව පිණිසනේ..
බොරුවට දේශපාලකයින්ට දොස් කියලා පලක් නැහැ. සමහරක් භික්ෂූන් බඩගෝස්තරය වෙනුවෙන් දේශපාලකයින්ව, ආයුධයක් හා පලිහක් කරගෙනයි සිටින්නේ. බොරු කියලා, අපි, අපිවම රවට්ටගෙන වැඩක් නැහැ.. තිත්ත ඇත්ත ඒකයි.
සමහර ලාභ ප්‍රයෝජන පසුපස හමායන භික්ෂුව කඩේ යන දේශපාලන පලිහක් වෙලා...
හැම භික්සුවම නොව සමහර භික්ෂුන් පමණක්
භික්ෂුන් වහන්සේලා කිහිප නමක් කරන කියන දේ තමා පොල්ගෙඩි අකුරෙන් ප්‍රසිද්ධ වෙන්නේ. ඒ හේතුවෙන් සමස්ත භික්ෂු ශාසනයටම අනවශ්‍ය කළු පැල්ලමක් එකතුවෙලයි තියෙන්නේ. මේ තවත් ඒ වගේ කතාවක්. නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ වාර්තාවක් පලවෙලා තියෙනවා හිටපු ජනාධිපති වරයාගේ මැතිවරණ අරමුදලට චීන සමාගමකින් ඇමෙරිකානු ඩොලර් මිලියන හත හමාරක් දුන්නාය.
සිදුහත් කුමරු හැරගියේ රාජ්‍යත්වයයි. අපේ කාලයේ වචනවලින් නම් දේශපාලනයයි. අනේකවිධ වධ වේදනා විඳින කෝටි සංඛාත මිනිසුන් ඉන් මුදවා ගැනීමට දේශපාලනය අපොහොසත් බව උන්වහන්සේ තේරුම් ගෙන සිටියහ. නිර්වාණය, විමුක්තිය හඳුන්වාදෙමින් උන්වහන්සේ ගමක් ගමක් ගානේ වැඩම කළහ. තම අනුගාමික භික්ෂුන් වහන්සේ අමතා "චාරිකහන් භික්ඛවේ බහුජන හිතාය, බහුජන සුඛාය" යනුවෙන් උපදෙස් දුන්හ. බුද්ධත්වය ලැබීමෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කරවා සිටියදීත් ' පිණ්ඩපාතය' කළහ. ඒ දේශපාලකයා ඈතින් තබමිනි. නිර්වාණගාමී මාර්ගය වෙනුවට දේශපාලනය තෝරාගෙන දේශනා කරමින් රාජ්‍ය මහාමාත්යන්ගේ උපදේශකයින් ලෙස සේවය කරති. දේශපාලනයෙන් මානව දුක විසදිය නොහැකි බව බුදුන් වහන්සේ පැහැදිලි කර තිබියදීත් ඒ වෙනුවෙන් වේදිකාවට වැඩම කරති. අනුශාසනා කරති.