(මහේෂ් කිර්තිරත්න)
නක්ලස් වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්විමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.
යුනෙස්කෝව විසින් නකල්ස් වනාන්තරයේ හෙක්ටයාර් 21000ක ප්‍රමාණය පේරණ කලාපයට ලෝක උරුමය ලෙස පිළිගැනිමට 2010 වසරේදි පෙන්වා දි ඇති අතර මෙම කළාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමිමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්වය උද්ගත වි ඇති බවද ජයතිස්ස මහතා පැවසිය.
මෙවැනි ක්‍රියා හේතුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය රැකගැනිමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩි ලෙස පවතින බවද ජයතිස්ස මහතා පැවසිය.
නකල්ස් වනාන්තරය ලෝක උරුම ලෙස පිළිගැනිමේදි වනාන්තරයේ හෙක්ටයාර් 21000 ට අමතරව පේරණ කලාපයේ හෙක්ටයාර් 14000 දහසකට ආසන්න ප්‍රමාණයක් සිතියම් ගත කර ඇති බවත් දේශපාලනඥයින් කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත නකල්ස් රක්ෂිතයේ නොව පේරණ කලාපයට අයත් මෙම ඉඩම් කොටස් බදු දිම තුළින් විශාල පරිසර හානියක් සිදු වන බවත් මෙය වැලැක්විම සදහා පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා වහා මැදිහත් විය යුතු බවද ජයතිස්ස මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටකොළු මල්,නිල් කටුරොල් මල් පිපෙන ,ආලෝකය සහ අඳුර එකිනෙකා කොදුරන සැන්දෑවක මම නකල්ස් කඳුයාය නැරඹීමට පුරුදුව සිටියෙමි. 16%ක් දක්වා වනගහනය අඩුකරමින් සංවර්ධනය මුවාවෙන් වනය විනාශ කල දේශපාලකයෝ දැන් නකල්ස් වනය ගොදුරු බිමක් කර ගැනීමට සැරසෙති. ජාතියක් වශයෙන් අපි නැගී සිටිය යුතු මොහොත එළඹී ඈත.
ගණන් ගන්න එපා මහත්වරුනේ, හිටපු කට්ටිය රට උකස් කෙරුවා. දැන් ආයෙත් ඉව අල්ලනවා. වැඩේ දෙන්න ඉස්සෙල්ලා රටම විකුණා ගෙන ඔය ගොල්ලෝ වත් ගොඩ යන්න බලන්න. බලයට පත්කරලා ඉන්නේ රට කන්නනේ! ජය වේවා!
හිටපු කට්ටිය රට උකස් කෙරුවා. දැන් ආයෙත් ඉව අල්ලනවා. වැඩේ දෙන්න ඉස්සෙල්ලා රටම විකුණාගෙන ඔය ගොල්ලෝ වත් ගොඩ යන්න බලන්න. බලයට පත් කරලා ඉන්නේ රට කන්නනේ! ජය වේවා!