ඩයනා උදයංගනී
පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහා විහාරාධිපති, ආචාර්ය කොලොන්නාවේ ශ්රී සුමංගල හිමියෝ ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහා නායක පදවියට සඳහා පත්කරනු ලැබ තිබේ.
සිරිසුමන කාරක සංඝ සභාව විසින් ව්‍යවස්ථානුකූලව අද (26) මෙම පත්වීම සිදුකරනු ලැබිණි. කොලොන්නාවේ ශ්රී සුමංගල හිමියෝ මීට පෙර ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අනු නා හිමි ලෙස ද කටයුතු කර තිබේ.
මාතර ශ්‍රී විමලරතන එහි හිටපු මහ නායක හිමියන් වසර 104 ක් ආයු වලඳා පසුගියදා අපවත් වී වදාල බැවින් මෙම පදවිය පුරප්පාඩු වී තිබිණි.
පන්නිපිටිය ශී‍්‍ර දෙව්රම් මහා විහාරයේ නිර්මාතෘවරයාණන් වන කොලොන්නාවේ ශ්රී සුමංගල හිමියෝ ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ති‍්‍රපිටක ධර්මය කලූගල් පුවරු මත ලිවීමට කටයුතු කරමින් සිටින අතර කුඩා සාමනේරයන් වහන්සේලා 660 නමක් සසුන්ගත කර ඇති බව විහාරස්ථ දායක සභාව පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසුනඹර එකළුකරන්නට හදපිරි සුභාශිංසන !
ශ්රී ලංකාව තුළ භික්ෂුන් වහන්සේ නිකාය කීයකට වෙන්ව සිටින්නේ දැයි නොදනිමි. එසේම එක නිකායක සාමාජිකයින් කොපමණ සිටින්නේදැයි කිසිවෙක් නොදනී.. කෙසේවුවත් අපගේ ගෞරවය!!!