(විනීතා එම් ගමගේ)
තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
රටේ ප‍්‍රධානම ඇමතිවරු දෙදෙනෙක්, හා ඊටත් උඩින් සිටින තව කෙනෙකුත් එකතුවෙලා අනිවාර්යයෙන්ම ඥානසාරට ජම්පරේ ඇන්දවිය යුතු යැයි කතා කළ බවට තමන්ට ආරංචී වී තිබු බව ද උන්වහන්සේ සඳහන් කළහ.
යුක්තිය ඉෂ්ඨ කරන්නට ඉඩක් නොදී විශේෂයෙන් රාජ්‍ය නොවන සංවිධාන වල, පිළිවෙතින් බෞද්ධත්වයට එරෙහිව කෲර විදියට චෝදනා එල්ල කරන තානාපති කාර්යාලවලට ඕනැ අන්දමින් වාර්තා සකස් කරමින් රාජ්‍ය නොවන සංවිධානවලට අයත් බත් බැලයින් කිහිප දෙනෙක් එකතුවී සංවිධානය වී කළ කුමන්ත‍්‍රණයක් ලෙස තමන්ට එරෙහි තීන්දුව එළියට පැමිණියේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
අවුරුදු 15 ක පමණ තිස්සේ තමන් සිරගත කරන්නටත් ජම්පර අන්දවන්නටත් මේ රටේ බලවේග රාශියක් ක‍්‍රියාත්මක වූ බවත් අදත් එය ක‍්‍රියාත්මක වන බවත් ඥානසාර හිමියෝ කීහ.
උන් වහන්සේ මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි බොදු බල සේනා මුලස්ථානයේ අද (26)පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී විශේෂ (ප්‍රකාශයක් කරමින් තව දුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.
‘‘රාජ්‍ය නොවන සංවිධාන වල හා මේ රටේ ආගමික ඝට්ටනයන් නිර්මාණය කිරීම නව යටත් විජිත කරන වැඩ පිළිවෙලක් යටතේ ක‍්‍රියාත්මක වන මුල ධර්මාවාදි ක‍්‍රිස්තියානි සංවිධාන 455 ක් අපි එක්ක ගැටෙනවා.
අනෙක් පැත්තෙන් මේ රටේ සාම්ප‍්‍රදායික සහ පාරම්පරික මුස්ලිම් ජනතාවත් සිංහලයාත් අතර ඇති ඓතිහාසික බැඳීම් දෙකඩ කිරීමට වහබ්වාදි සංක‍්‍රමනික කල්ලි රට තුළත් රටින් පිටතත් දරුණු ගණයේ මති මතාන්තර ගොඩ නගනවා. ඒ අයගෙත් හීනයක් තිබුණා එක දවසකටවත් බොදු බලසේනාවට ජම්පර අන්දවන්න ඕන කියලා.
මේ දිනෙන් දින වැටෙන ජාතිය නගා සිටුවන්න ගන්න උත්සාහයේ දී අපෙන් නිර්දය ලෙස විවේචනයට බඳුන් වුණුපක්ෂ විපක්ෂ භේදයක් නැනතිව මේ දේශපාලන ධාරාවේ උඩින් ඉන්න මැති ඇමතිවරුන් මට ජම්පර අන්දන්න උත්සාහ කරනවා.
දේශපාලකයන් කියන කියන ඕනැම දඩයමක් කරන්න සුදැනම් නිලධාරි පෙලැන්තියක් මේ රටේ ඉන්නවා. හැම ආයතනයක ම මේ අය ඉන්නවාත විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ එහෙම කට්ටියක් ඉන්නවා. ?ට මදුවිතක් තොලගාන ගමන් හෙට කාටද වැඬේ දෙන්නේ කියල මේ අය කථා කරනවා. තුච්ඡු තුප්පහි ගණයේ නිලධාරි රෙජීමයක් මේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. පොලිසියේ අධිකරණයේ සමහර විට බන්ධනාගාරයෙත් මේ අයගේ කොටසක් ඉන්නවා. ’’
(ඡායාරූප - චතුර එස් කොඩිකාර )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි .
හිරි හරි වැරදි කරලා හිරේ යන්නේ ආණ්ඩුවේ වරදින් .............
මෙවන් වදන් වලින් ශ්‍රී ලංකාව තවත් ලෝකෙට කොන් වෙනවා
උන් වහන්සේ නැත්නම් අද වෙනකොට සිංහලයා ඉවරයි
සිරගත වීමේ වරද මා විසින් බාරගනු ලබයි
උසාවියට අපහස කල එකටත් වගකියන්නේ රජයද?
දැන් එතකොට අර මාතර පොලිස් නිලධාරියාව මරලා රිමාන්ඩ් එකේ ඉන්න පාතාලේ ඇත්තොත් මේ කතාවම කියාවිද මන්දා.?
මධුවිත තොල ගාන ගමන් නිලධාරි තීන්දු ගන්නවා කියලා හරියටම දන්නෙ කොහොමද?
දැන්වත් නීතියට ගරු කරන්ඩ ඉගෙන ගත්තනම් හොදයි.
සෑම්, හොඳ සිහිබුද්ධියක් තියන කෙනෙක් බව පේනවා. සිංහල බෞද්ධ අපි ඇස් ඇරගෙන ඉන්නේ.
හිරේ සිටිය යුතු පුස්සන් සමාජයට මුදා හැර වීරයින් කරවීම ගැන රජය ජනතාවට වගකිව යුතුයි. ඒ හේතුව නිසා තමයි රට මේ තරම් ආරාජිකවී තිබෙන්නේ.
මූලධර්මවාධින් හෝ අන් අහිතකර බලවේගයක් පැරදීමට පළමුව රටේ දිලීදු කම නැති කල යුතුය. එයට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ රටේ සාමයයි. දෙවැන්න රටේ නම කැත නොවීමයි එයට ඇතැමුන් නිහඩව සිටීමෙන් දායක විය හැක. එවිට ඔය කියන අහිතකර බලවේග පැරදවීම ඉතා පහසුය.
"චරත භික්‌ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්‌සා නං දේසෙථ භික්‌ඛවෙ ධම්මං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ" යනුවෙන් ගම් දනව් සිසාරා දෙදෙනෙක් එක මග නොවැඩ සියලු සත්වයින්, බහුජනයා අැතුලු ලෝකයාගේ හිතසුව පිනිස චතුරාර්ය සත්‍යය දේශනා කරන ලෙස බුදු හිමින් පලමු රහත් සැට නමට වදාලා. මම හිතන්නේ බුද්ධාගම රැක ගැනීමට බුදු හිමිගේ මේ අවවාදය හොඳටම අැති. දේශපාලකයන් පසු යාම හෝ ඔය කියන සංවිධාන සමග ගැටීම පලක් නෑ. බුද්ධාගම රැකෙන්නේ සැඳැහැතියගේ හද තුළ එ් පිළිබඳ අැති පැහැදීම මතයි. එ්ක නීතිවලින් කරන්නත් බෑ. ඔබ වහන්සේලා දෙකට බෙදිලා කඩේ යාමෙන් අැති වෙන්නේ අාගම පිළිබඳ කලකිරීමක්.
සිරගත කිරීම සම්පුර්ණයෙන්ම රටේ නීතිය භාර ගත යුතුයි.
ඇප පිට හෝ එලියට දැමීමේ වගකීම කවුරු හරි ගත යුතුයී!
සිරගත කිරීමේ වගකීම සම්පුර්නයෙන්ම ආණ්ඩුව බාරගත යුතුයි නේන්නම්.
වගකීම භාරගන්න සිරගත වුනාද ? අපිනම් කියන්නේ දඬුවම විඳින්න නොදුන්නට වගකීම ආණ්ඩුව ගන්න ඕනේ කියලයි.
උසාවියේ තීන්දු දෙන්නේ ගරු විනිසුරුතුමන්ලා .ඒ දෙපැත්තේ කරුණු සලක බලාලා. අපි බලමු ඊළඟට ඉහළ උසාවිය දෙන තීන්දුව කොහොමද කියල.
"කම්මන්නා වසලොහොති කම්මනා හොති බ්‍රහම්මිනෝ "කියල බුද්ධ දේශනයේ තියෙන්නේ ඒ හින්ද වෙන්නැති.
මෙයාට රටේ නිතිය බලපාන්නේ නැද්ද? කාගේ නීතියද මෙයාට තියෙන්නේ
හිරේ ඉන්නකොට ගොට්ලර් ආවාද බලන්න...