(තරිඳු ජයවර්ධන)
විනය හේතු මත කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් ඉවත් කරන ලද විදුහල්පතිවරුන් දෙදෙනකු යළිත් පාසලට ගෙන්වා අද (26) එම විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාපිය වන්දනා වැඩසටහනක් පැවැත්වීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
පාසලේ ගුරුවරියකට අඩත්තේට්ටම් කිරීම සහ ගුරුවරයකුගෙන් එල්ල වූ අයුතු බලපෑම්වලට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක් විදුහල්පතිවරයකු විනය පරීක්ෂණයකට යටත්ව මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ගැන්වීය. ඒ සම්බන්ධයෙන් එම ගුරුවරිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම විදුහල්පතිවරයා ගුරුවරියගේ අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වන්දි වන්දි ගෙවන ලෙස ද විදුහල්පතිට නියෝග කළේය.
අනෙක් විදුහල්පතිවරයා සහ ගුරුවරියක සම්බන්ධයෙන් මතුවූ ගැටලුවකින් පසු ඔහු එම පාසලෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබිණි.
පොසොන් පොහොයට සමගාමීව එම පාසලේ අද (26) මාපිය වන්දනා වැඩසටහනක් පවත්වා ඇති බවත්, ඒ සඳහා මෙම විදුහල්පතිවරුන් දෙපොළ පාසලට ගෙන්වා ඇති බවත්, ඔවුන් දෙදෙනාට සමරු දෙකක් ද පිරිනමා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. මෙය ඉතාම වැරදි පූර්වාදර්ශයක් බව ද ස්ටාලින් මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් විමසීමට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද අමාත්‍යංශ නිලධාරියකු පැවසුවේ ලේකම්වරයා විදේශගතවී සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දැන් විනය හොද නිසා නැවත සේවයට වාර්තා කළා? මේ ගුරු හොරුන්ගේ නම්ගම් දැනගැනීම මහජනතාවගේ අයිතියක්.
ඕක මොකක්ද? මිනීමරපු පොලිටික්කො සභාවට නන්වලා උපහාර තියන්නෙ.
ලංකාවෙ සේරම වැඩ කනපිටට? ඇස්පනාපිට වැරදි කරන අයටත් වන්දනා මාන.
මේ මිනිස්සුන්ට විදුහල්පතිවරු කියන්නත් ලැජ්ජයි. කව්රු එන්න කිව්වත් යන්න ඉස්සරවෙලා හිතන්න ඕන.
විදුහල්පති දෙපොළ ගෙන්නලා තියෙන්නේ ආපහු සේවයේ පිහිටුවන්න නෙමෙයි. මාපිය වන්දනා උපහාර උළෙලට සහභාගිවෙන්න විතරයි. ඒක හරියට බණ අහන්න ආරාධනා කරනවා වගේ පින්කමක්.
උපහාර උළෙලවල් සංවිධායකවරු කවුරුද? එම සංවිධානවලට පාසල් විදුහල්පතිවරු හිටියද? පාසල් විනයකමිටු සාමාජිකයෝ හිටියද? එහෙම නැතිනම් දේශපාලකයෝ කීදෙනෙක් හිටියද?
මහා නමක් තියෙන පාසලක්ද.?