අජන්ත කුමාර අගලකඩ
අමාත්‍යංශවල දැනට හිරවී ඇති සංවර්ධන යෝජනා පිළිබඳව සොයා බලා කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති අනු කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර ඇත.
මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම, සහ මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් එම කමිටුවට පත්කර ඇතැයි වාර්තා වේ.කැබිනට් රැස්වීමේ දී අදහස් දක්වා ඇති සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සෙනවිරත්න මහතා 2015 සිට සංවර්ධන යෝජනා 48ක් පමණ විවිධ රට වලින් ඉදිරිපත් කර ඇතත්, ඒ එක්ක හෝ මේ වන තුරුත් ක්‍රියාත්මක වී නැතැයි චෝදනා කර ඇත.
ඒ සියල්ල අමාත්‍යංශවල හිරවී තිබෙන බවද ඇමැති සේනාරත්න මහතා සඳහන් කර තිබේ.තවත් ඇමැතිවරයන් ගණනාවකට මෙම චෝදනාව කර ඇතැයි වාර්තා වේ. ඇමැතිවරුන්ගේ එම අදහස දැක්වීම සැළකිල්ලට ගත් ජනාධිපතිවරයා සියලු අමාත්‍යංශවල හිරවී ඇති සංවර්ධන යෝජනා සමාලෝචනය කර කඩිනම් කිරිමට මෙම ඇමැති කමිටුව පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මුදල් මෙන්ම කාලය විනාශ කරන "අනු ,පරමාණු "කමිටුවක් ? ගැටලුව සංවර්ධන යෝජනා පිළිබඳව සොයා බලන්න කමිටු අවශ්‍යද යන්න. පළමුව මහජන මුදල් විනාශ කරපු සහ කරන හොර දේශපාලුවන් පන්නා දමන්න, දෙවනුව හොර දේශපාලුවන් වගේම නිලදාරී හොර නඩයකුත් ඉන්නවනේ ඒ අයත් පන්නා දමන්න. "අවංක නිලදරුවන් " ඉදිරියට ගෙන එන්න. නිරායාසයෙන්ම රටේ ඉදිරි ගමන එලි පෙහෙළි වෙනවා....
විවිධ රටවල් වලින් යෝජනා ගෙන්න ඕනනම් අපි ඒ එක රටකින් නායකයෙක් පත් කරගත්තනම් හරි. පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්ට බෑ රට ගොඩ දාන්න නිසි ක්‍රම වේදයක් යෝජනා කරන්න. අවුරුදු 3ක් එක දිගට මැයි වල ගං වතුර ආව. ඊළඟ අවුරුද්දෙත් එනවා කියල දන්නවා. ආවම බොරුවට වතුරට බැහැල රඟපානවා. එන්න කලින් විසදුමක් දෙන්නේ නෑ. පාර්ලිමේන්තු ඇවිල්ල බොරුවට අපිට පෙන්න මරාගෙන ඊට පස්සේ කාල බීල සන්තෝසෙන් විසිර යනවා අපි සංවර්ධනය වෙන්න ඕන අපේම ක්‍රමේකට මිසක් වෙන අයගේ ප්ලෑන් වලට නෙමේ.