(නාලක සංජීව දහනායක)
ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යා ලේඛන දෙමින් අගමැතිවරයාගේ ප්‍රතිරූපයට හානිකිරීමට ඔහු සමීපයේම සිටින නිළධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය.
තම ප්‍රතිරූපයට හානි කරන එවැනි පුද්ගයන්ගෙන් අගමැතිවරයා පරිස්සම් විය යුතු යැයිද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
ආර්ථික කරුණු කාරණා සම්බන්ධයෙන් අගමැතිවරයාට ඉස්සර හොඳ දැනුමක් තිබුණා. ඒ නිසා ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් අගමැතිවරයාට හොඳ ප්‍රතිරූපයක් තිබුණා. නමුත් ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේකන දීමෙන් ඒ ප්‍රතිරූපය විනශාකිරීම සඳහා අගමැතිවරයා ළඟම ඉන්න පිරිස් කටයුතු කරන බවක් පේන්න තියෙනවා. මේ අනතුරුදායක පුද්ගලයන්ගෙන් අගමැතිවරයා පරිස්සම් විය යුතුබවද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස්රමයේදී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද බල්ටියක් වත් ගහන්න හිතිලාද.?
ඒ කියන්නේ එයා බබා ? බාලාන්ස පන්තියේ වෙන්න ඇති තාම ඉගෙන ගන්නේ ? සුදුලුනු පොඩි කරනවද ? ඔය " ගස් ටික අපි හොදින් අදුරන නිසා ගහේ කොලටික කඩල " දාන්න එපා..!
මේ මහත්තුරු ඒ කාලේ මහින්ද මහත්තයට කලෙත් ඉතින් ඔය ටිකමනේ.
මලයා... ආර්ථික න්‍යාය පැත්තකට දාල " කටුසු න්‍යාය " විෂයට අතිරේක පන්ති දාන්න වගේ සැරසෙන්නේ ???
එයාලා ඔබතුමා තරම් දක්ෂ නැහැ - ඔබතුමා රු 2500 කින් මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියලා ඔප්පුකරානේ හැබෑට.
උපදෙස් ලබාදීම ගැන අගමැතිතුමා ඔබට ස්තුති කරාද? එතුමාගේ රජයේ මුදල් ඇමතිකම හෝ ආර්ථික උපදේශක තනතුරක් භාරගන්න කිවුවද? එහෙම උනොත් මසකට රුපියල් 2500කින් හොඳට කාල, බීල ඉන්න පුළුවන් රටක් හදන සැලැස්මක් ඔබට තිබේද? මෙයාත් එයාගේ බොස් වගේම පන්සල්වල රැස්වීම් තියල රජයට මඩ ගහන ව්‍යාපාරයේ බලවත් සාමාජිකයෙක් බවට පත්වෙලා තිබෙන බව නම් පැහැදිලිවම පේනවා!!!!
මෙයාගේ ආර්ථික උපදේශ කවදත් මහින්ද ගණන් ගත්තේ නැහැ. ඒ නිසා රනිල්ටවත් දීලා බලන්න කියලා හිතෙන්න ඇති. හැබයි මහින්දයී රනිලුයි දෙන්නම දන්නව මෙයා ආර්ථික විද්‍යාඥයෙක් හො මහාචාර්යවරයෙක් නොවන බවටත් උසස් පෙළ ආර්ථික විද්‍යා ටියුෂන් මාස්ටර් පමණක් බවත් පරහට තියෙන්නේ ඒ කාරනය වෙන්න ඇති මගේ හිතේ.....
මොනවද කියන්නේ...
කාලයක් එහෙ හිටිය නිසා හොඳට දන්නවා ඇතිනේ. ඒකාලේ ෂෝක්. දැන්තමා තිත්ත. ඔබතුමා අර දානෙට ගියේ නැද්ද? එදා බිම වැතිරගෙන උක්කුටිකයෙන් එකත්පස්ව සිටියේ ළඟදීම ආණ්ඩුබලය ලබාගැනීමට නියත විවරණ ගන්නනේ. ඔබතුමන්ලාගේම යාලු මිත්‍ර රූපවාහිනි නාලිකා සැදී පැහැදී සිටියේ අනුනායක හාමුදුරුවරුන් විසින් නියත විවරණ ලබා දෙන මහා දේශනාව ආරළු බුරුළු ඇතිවම විකාශය කිරිමටනේ. ඒඋනාට වඳින්න ගිය දේවාලය ඔලුගෙඩිය මතට කඩාවැටුන එකනේ උනේ. ඔබතුමන්ලාට අවශ්‍යව තිබෙන්නේ හොඳින් හෝ නරකින්හෝ මේ ආණ්ඩුව පෙරළීමටනේ. ඉතින් ආණ්ඩුවට හැදිලා තියෙන පාන්ඩුවට ක්ෂණික පිලියමක් ලබාගත හැකි බෙහෙතක් අරගෙන හැකිතරම් ඉක්මනින් ඔය කයිවාරු ගහන හොරුන් ටික සිරගෙවල්වලට ගාල් කිරීමට කටයුතු නොකළහොත් රටට අත්වන ඉරණමට වගකිව යුත්තේ යහපාලන ආන්ඩුවේ සිටින මෙලෝ රහක් නැති සෝමාරි ගොබිලන්බව කිවානන් ඔයිට වැඩිය හොඳයිනේද? අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වැසීමෙන් පළක් නැති බව ඒගොල්ලන්ට කියල දෙන්නකෝ මහත්තයෝ. පරණ යාළුවොනේ.