ඩයනා උදයංගනී
ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ යට හෝ වෙනත් කිසිම ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධව නොසිටි බවට ත‍්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්‍ෂක අංශ මෙන්ම ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වූ සියලූ අංශ අධිකරණයට වාර්තා කර තිබියදීත් ඔහු කොටියෙක් ලෙස හංවඩු ගසා පරීක්‍ෂණ නොමග යැවීමට හා යටපත් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
ප‍්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ බවට රට තුළ මතයක් ඇතිකිරීම ආරම්භ වූයේ ඔහුගේ අතුරුදන්වීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා හා බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බව හෙළි වූ පසුව යැයි කී ඇය එතෙක් කිසිවෙකුත් ඔහු කොටියෙක් යැයි කීවේ නැතැයි ද සඳහන් කළාය.
මෙය දේශපාලන වාසි ගැනීමේ අරමුණින් පතුරුවන අසත්‍ය ප‍්‍රචාරයක් පමණක් බව ද ඇය කීවාය.
එමෙන්ම සමාජ මාධ්‍යජාලා ඔස්සේ මේ දිනවල තමන්ට හා දරුවන්ට මරණ තර්ජන එල්ල කරන අය ගැන සොයා බලා තම ආරක්‍ෂාව තහවුරු කර දෙන්නැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප‍්‍රකාශ කළාය.
මෙම තර්ජනාත්මක ප‍්‍රචාර පළ කිරීමේ කටයුතු මෙහෙයවන්නේ ජනාධිපති උපදේශකවරයෙකු වන උලපනේ සුමංගල හිමියන් බව කී එක්නැලිගොඩ මහත්මිය උන්වහන්සේගේ මුහුණු පොත් පිටුවේ ද එවැනි ප‍්‍රචාර පළ කර තිබෙන බව කීවාය.
තමන්ට කුණුහරපයෙන් බනිමින්, තමා මරා දමන බව ආදී තර්ජන කරමින් හා තමාට හෙණ ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කරන දේ තුළින් පටාචාරාවක බඳු තමාට දැඩි අසාධාරණයක් සිදුවන බව ද ඇය කීවාය.
එමෙන්ම තමා ඇමෙරිකානු තානාපතිවරයාට පාවා දෙමින් පතුරුවන විවිධ මඩ ප‍්‍රචාර මේ රටේ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකුට කරන අපහාසයක් බව කී එක්නැලිගොඩ මහත්මිය ඒ ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.
එමෙන්ම මහා සංඝරත්නය පටාචාරාවකට එරෙහිව ගෙන යන වැඩපිළිවෙල නවත්වන ලෙස තමා මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය.
සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මේ බව පැවසුවේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය ජය ගනීවි...
ලේබල් ගහන්න දෙයක් නැහැ.
පටාචාරා කියන්නේ උතුම්වූ කාන්තාවක් , අරහත් භික්ෂුණියක්; මෙතුමිය කොහොමද පටාචාරාවට සමාන කරන්නේ?
ඔබ දිරිය කතක්, කිසිම දේකට නොසැලෙන්න.
සමාජ මාධ්‍යජාලා තිබෙන්නේ නීතියට මුවා වී අනුන්ට මරණීය තර්ජන කිරීමට නොව. ලංකාවේ වෙබ් සමාජ මාධ්‍යජාල බොහෝවිට භාවිතා වන්නේ සමාජ විරෝධී ක්‍රියා වලටයි. මෙවැනි වෙබ් සමාජ මාධ්‍යජාල භාවිතය ලංකාවේ තහනම් කල යුතුයි.
පටාචාරාවක් වගේ නෙවෙයි මට නම් පේන්නේ...
එතකොට හමුදාව රසායන අවි භාවිතා කළා කියල කිව්වේ කව්ද. ලුසේනා.
ඔබට සිදු වූ අසාධාරණයට දඬුවම් දුන්නේ උසාවිය මිස ඔබ නොවේ. පැමිනිලිකරුත් පොලිසිය මිස ඔබ නොවේ. ඔබ සාක්කිකරුවෙකු පමණකි. නමුත් යුක්තිය, සාධාරණය, නීතිය පසෙක ලා සක්කිකරුවෙකු පමණක් වන ඔබ පසු පස එලවති. මෙතෙක් තර්ජන හමුවේ නොසැලී සිටි ඔබට ඒ ශක්තිය දිගටම ලැබේවායි පතමි.!
ගැහැනියක් වෙලා තනිවම සටන් කිරීම අගය කරමි. මම හිතන්නේ ඔබ ඔබේ ස්වාමියා වෙනුවෙන් හෙලන්න තවත් කඳුළු නැතිවුවත් ඔබ ඔබට වගේ දුක්ගැහැට විඳින්න වුනු අන්‍යන්ට සාධාරණය සොයාදෙන්න කරන වෑයමක් කියලයි.
ඕවා හරිද වැරදිද, අපි දන්නේ නැහැ ,නමුත් හමුදාව රසායනික අවි භාවිතා කරා කියලා කිව්වේ ඇයි.?
ඔබේ සැමියාට ජීවිතය අහිමි කල පාපතරයින්ට කවදා හෝ වන්දි ගෙවීමට සිදුවනු ඇත. ස්වභාව ධර්මයේ නීතිය එයයි.
රටක් බිල්ලට දෙන පුද්ගලයින් හමුවට යන මාධ්‍යවේදීන් ගැන නම් දුකයි...
එව බලව මේ පොසොන් සමයේ " ඩොලර් වලට කහින නූතන පටාචාරා (තමන් විසින්ම ලේබල් ගසාගත් ) වස්තුව " නොමිලයේ පෙන්වනු ලැබේ.
එතකොට ලංකාවේ හමුදාව රසායනික අවි භාවිතා කලා කියලා බොරු කිව්වේ. මොකද රසායනික අවි නිෂ්පාදනයට ලංකවේ තාම තාක්ෂණය දියුණු නැ කියලා ඔප්පු වුනා. ඉතින් මේවගේ දේවල් කියන්නේ කාගේ උවමනාවටද? එක්නැලිගොඩ ඝාතනයක්නම් ඔහුට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. නමුත් මේ කියන දේවල් වල වගකීම ගන්න ඕනේ. ඒවත් විමර්ශනය වෙන්න ඕනේ සාධාරන විදියට..