අජන්ත කුමාර අගලකඩ
ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ආපදාවට ලක් වූවන්ට වන්දි ලබා දීම නව අමාත්‍යංශයට අයත් කටයුත්තක් වුවද ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඊට මැදිහත්ව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා එම මුදල් ලබා දෙමින් සිටින බවට දුමින්ද දිසානායක මහතා චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඊට පිළිතුරු දී ඇති වජිර අබේවර්ධන මහතා තමා එම කටයුතු අතට ගෙන ඇති බවත් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හරින්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව බවත් පවසා ඇතැයි වාර්තා වේ.
දෙදෙනා අතරේ වාදය යද්දි අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් විෂයක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක එක්ව සාකච්ජා කර කටයුතු කළයුතු බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මහජනතාව වෙනුවෙන් වැඩකල යුතු කාලය කා දමමින් බොරුවට ඇනකොටා ගන්නවා.
අපේ මුදල් අති විශාල ප්‍රමාණයක් නාස්ති කරමින් පාර්ලිමේන්තුව රැස් කරලා, කාලෙත් නාස්ති කරලා කා කොටා ගන්නවා. අන්තිමට තරු පහේ ආහාර වේලකුත් අපේ සල්ලි වලින්ම භුක්ති විඳලා අපේ සල්ලි වලින්ම ගත්ත බෙන්ස් එකේ නැගලා ගෙදර යනවා..
ලකුණු දාගන්න කරන වැඩ............. සිංහල ජනවහර කොච්චර ප්‍රබලද කියල හිතෙනව මේ වගේ වෙලාවට
තමන්ගේ විෂය පථයවත් මොකක්ද කියලා නොදන්නා ඇමතිවරු ඉන්නේ අපේ රටේ විතරයි .