IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කැබිනට් රැස්වීමේදී මත ගැටුමක්

අජන්ත කුමාර අගලකඩ

ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආපදාවට ලක් වූවන්ට වන්දි ලබා දීම නව අමාත්‍යංශය‍ට අයත් කටයුත්තක් වුවද ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඊට මැදිහත්ව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා එම මුදල් ලබා දෙමින් සිටින බවට දුමින්ද දිසානායක මහතා චෝදනා කර ඇතැයි එම ආරංචි මාර්ගවලින්  පැවසේ.

ඊට පිළිතුරු දී ඇති වජිර අබේවර්ධන මහතා තමා එම කටයුතු අතට ගෙන ඇති බවත් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හරින්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව බවත් පවසා ඇතැයි වාර්තා වේ.

දෙදෙනා අතරේ වාදය යද්දි අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් විෂයක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක එක්ව සාකච්ජා කර කටයුතු කළයුතු බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.   



අදහස් (5)

කැබිනට් රැස්වීමේදී මත ගැටුමක්

Raveendra Tuesday, 26 June 2018 05:10 PM

මේ අය මහජනතාව වෙනුවෙන් වැඩකල යුතු කාලය කා දමමින් බොරුවට ඇනකොටා ගන්නවා.

:       0       62

faizerTuesday, 26 June 2018 06:09 PM

ඡන්ද ගොඩ තර කර ගන්න හා ලකුණු දා ගන්න. නැතුව අපිට ආදරේට ද?

:       0       0

manoj Wednesday, 27 June 2018 04:53 AM

අපේ මුදල් අති විශාල ප්‍රමාණයක් නාස්ති කරමින් පාර්ලිමේන්තුව රැස් කරලා, කාලෙත් නාස්ති කරලා කා කොටා ගන්නවා. අන්තිමට තරු පහේ ආහාර වේලකුත් අපේ සල්ලි වලින්ම භුක්ති විඳලා අපේ සල්ලි වලින්ම ගත්ත බෙන්ස් එකේ නැගලා ගෙදර යනවා..

:       0       1

gayan Wednesday, 27 June 2018 05:44 AM

ලකුණු දාගන්න කරන වැඩ............. සිංහල ජනවහර කොච්චර ප්‍රබලද කියල හිතෙනව මේ වගේ වෙලාවට

:       0       0

sam Wednesday, 27 June 2018 07:11 AM

තමන්ගේ විෂය පථයවත් මොකක්ද කියලා නොදන්නා ඇමතිවරු ඉන්නේ අපේ රටේ විතරයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site