(රංජන් කස්තුරි සහ නාලක දහනායක)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා සේවාවන් ආරම්භකර තිබෙන අතර ඒ සඳහා රුපියල් 25000ක මුදලක් අය කෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී .එම්.එල්.අයි දිසානායක මහතා පැවසීය.
බදු ගෙවන්නන්ට සිය පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාගත හැකි අතර ඒ සඳහා විශේෂඥ දැනුමක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරී මණ්ඩලයක් පත්කර සිටන බවද දිසානායක මහතා කීවේය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ මෙම සේවාව ආරම්භ කළ අතර මෙවැනි සේවාවන් වෙනත් රටවලද ක්‍රියාත්මක වන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
බදුගෙවන්නන්ට මෙම විශේෂඥ සේවාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම වාසිදායක වන අතර පිටතින් එම සේවාව ලබාගැනීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙලෙස මුදල් අයකරනු ලබන්නේ බදු ගෙවන්නෙකුගේ පෞද්ගලික බදු ගැටළු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට වන අතර පොදුවේ බදු නීති හා ගැටළු සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නොමිලයේ තොරතුරු සපයන බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවන්න තිබෙන බද්ද රු 10000 යි. ඒකට උපදෙස් ගන්න රු 25000. බදු ගෙවිල්ල මෙතරම් සංකීර්ණ නිසයි මිනිසුන් ස්ව කැමැත්තෙන් බදු ගෙවන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ. වචනයක් වැරදුනොත් මොන මරාලයක් කඩා වැටෙයිද දන්නේ නැහැනේ. තව විදිහකින් කියනවානම් අසාධාරනෙන් හරිකමක් නැහැ බදු ගන්න පුලුවන්නම්. එකනේ උපදෙස් ගන්න තරම් බදු ගෙවිල්ල සංකීර්ණ කරලා තිබෙන්නේ.
බදු ගෙවන්න මිනිස්සු කැමති නැත්තේ මේක නිසා තමයි. උපදෙස් ගන්නම 25000/ ගෙවන්න ඕන. අපි තනියම කොහොම පුරවල යැව්වත් ඒකෙ මොනවහරි වැරද්දක් පෙන්නලා ඉන්ටර්විව් කරලා දඩ ගහල බද්ද වැඩිකරනවා. හැබැයි දේශීය අදායම් එකේ අඳුනන කෙනෙකුට ගානක් දීල ෆෝරම පුරවල යැව්වම මොන ප්‍රශ්නයක්වත් නැහැ. මේ ෆෝරම හරියට අර ඉඩම් ඔප්පු වගේ මට නම් අණ්ඩර දෙමළ. මේක සරල සිංහලෙන් ලියල වැඩිය විස්තර අහන්නේ නැතුව පුළුවන් තරම් ගෙවන්න කිව්වනම් තියෙන මිනිස්සු කැමැත්තෙන්ම බදු ගෙවයි.
මේ ආණ්ඩුව පොකට් එකට විදින උන් තමයි. අහිංසක ජනතාවට දස වද දෙන පින්ගුත්තරයින් රැලක්. බද්දට කලින් උපදේසෙට කියල ගේම දෙනවා. ගෙවන බදුවලින් රටට,ජනතාවට සේවයක් සිදු නොවෙන නිසා ජනතාවට තියෙන්නේ බදු නොගෙවා සිටීමටයි.
25,000/- ගෙවලා හොරාගේ අම්මාගෙන් පේන අහන්න කී දෙනෙක් කැමති වෙයිද දන්නේ නැහැ.
ලංකාවේ බදු ක්‍රමවේදය සම්පුර්ණයෙන් වෙනස් කලයුතුවේ. මෙරට තියන්නේ "ඇත්තෝ කති බොති නැත්තෝ ලේවකති " බදු ක්‍රමවේදය. ඇත්තේ ගනු මිස දෙනු නොමැති බදු ක්රමවේදයකි. දියුණු රටවල දෙවිදියම (ගනු හා දෙනු ) තියන හින්දා සැවොම බදු ගෙවීම පැහැර හරින්නේ නැහැ. දැනට හොඳ නැද්ද බදු ගෙවන්නා තමන් ගෙවන බදු ප්‍රමාණය, ගෙවියයුතු ප්‍රතිශතය ,අදායම් නිර්ණය කරන ක්‍රමවේදය, තමන් හට අදායම් බද්දෙන් නිදහස් ප්‍රමාණය ආදී සියලු විස්තර සරල පැහැදිලි භාෂාවෙන් දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පලකලොත්. නැතිනම් මැතිවරණ කොමිසමත් එක්ක එකතුවී සියලුම ඡන්ද දායකයින්ට අත් පොත් පිංචක් ලෙස බෙදා හැරීම.
යකෝ බොරු කියන්න එපා වෙන රටවල බදු උපදේශනයට මුදල් අයකරනේ නැහැ පොඩි උදහරණයකට කැනඩාවේ සතයක් ගැනේ නැහැ........... උපදෙස්වලට හැබැයි හැමෝම බදුගෙවනවා ඒ වගේම නිශ්චිත අදායමට එහා ගියොත් බදුගන්නවා නමුත් අදායම අඩුනම් කපාගත් බදුමුදල් අපසුදෙනවා මේක සුරාගෙන කන බදු ක්‍රමයක් ඒගෙන ගනිල්ලා කැනඩාවෙන් .