අමල් වික්රමරත්න
රත්ගම පොලිසිය ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අත තිබු ඇලුමිනියම් මට්ටම් ලීයක් අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
විදුලිසැර වැදුණු ඩික්සන් නමැති පුද්ගලයා එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවල නිරත වුවකු බව පොලිසිය සඳහන් කරයි.
විදුලිසැර වැදුණු ඔහු රත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය රෝහලට ගෙන යන විටත් මිය ගොස් ඇතැයි වාර්තාවේ.
මෘත දේහය කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්තාත් මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිබල විදුලි කම්බියක් ලඟින්ම යන තරම් උසට ගොඩනැගිල්ලක් හදන්න සැලැස්ම අනුමත කෙරුව... නගර සභාවේ ඉංජිනේරුවා මේකට වගකියන්න ඕනෑ. ඒ ගොඩනැගිල්ල වෙනස්කරන්න බැරිනම් විදුලි කම්බියේ පිහිටීම වෙනස්කරන්න තිබුණා.
මට්ටම් ලීය අධිසැර විදුලි කම්බියක ගැටීමට තරම් ළඟකද මෙම ගොඩනැගිල්ල ඉදිවෙන්නේ ? එසේත් නැත්නම් මට්ටම් ලීය අඩුතරමින් මීටර් 5 ක් වත් දිග විය යුතුය.ගොඩනැගිල්ලට අනුමැතිය දුන්න වැදගත් මහත්තුරු වගකීම බාරගනියි නේද ???
පගාවට අනුමැතිය උඩසිට පහලටම ජයවේවා.!