(ඩී.කේ.රත්න)  

වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ හදිසි වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිමට අද ( 25)  උදැසන සමත්ව තිබේ.

වැලිමඩ පොලිසියේ බුද්ධි නිළධාරින්ගෙන් ලද තොරතුරකට අනුව වැලිමඩ ගිරාඹේ විද්‍යාලය අසලදි හෙරොයින් මිලිග්‍රෑම් තුන්දහස් තුන්සියයක් සමඟ හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. 

මොහු ගිරාඹේ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයෙකි. 

මීට අමතරව හෙරොයින් පැකැට් කිහිපයක් ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක්ද ඒ ආසන්නයේදීම අත්අඩංගුවට ගැනීමටද පොලිස් නිළධාරින් සමත්ව තිබේ. මෙම සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව පසුගියදා කැප්පෙටිපොල ප‍්‍රදේශයේදී මල් මිලදී ගැනීමට පැමිනෙන මුවාවෙන් හෙරොයින් අලෙවියේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් රැගෙන ආ තවත් හෙරොයි පැකැට් 45 ක් සොයාගැනිමටද පොලිසියට හැකිව තිබේ.

පොලිසිය විසින් මෙම සැකකරු අඹුසැමි යුවල අත්අඩංගුවට ගන්නා අවස්තාවෙදි මෙම හෙරොයන් පැකැට් පොලිසියට නොපෙනන සේ විසිකර දමා තිබේ.