අමල් වික්‍රමරත්න
ගාල්ල කොළඹ,මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක් මේවනවිට ආරම්භ කර තිබේ. සති අන්තයේ නිවාඩු ලබා ගම්බිම් කරා ගොස් සිටි විශාල පිරිසක් මෙම තත්වය නිසා අපහසුවට පත්වී ඇතැයි මගීහු චෝදනා කරති.
රත්ගම,කහව, අම්බලන්ගොඩ,බලපිටිය සිට අලුත්ගම දක්වා ප්‍රදේශවලින් මගීන් ගැනීමේදී සහ බැස්සවීමෙදී රියදුරන්ට එල්ල වී ඇති තර්ජන නිසා අද (25) අලුයම සිට දුර ගමන් සේවා පෞද්ගලික බස්රථ මෙසේ වර්ජනය ආරම්භ කළ බව බස් රථ සංගම් සඳහන් කරයි.
මේවනවිට කොළඹ සිට තංගල්ල, කතරගම සහ තංගල්ල කොළඹ, කතරගම කොළඹ, ඇතැම් බස්රථ මගීන් රැගෙන යන නමුත් බොහෝ බස්රථ මේවන විටත් වර්ජනයෙන් ඉවත්ව බව ඇති රියදුරෝ පවසති.
මේ අතර කෙටිදුර ධාවනය කරන මගී බස්රථ රියදුරන් පවසන්නේ දුර සේවා මගී බස්රථ සාමාන්‍ය නැවතුම්වල මගීන් ගැනීම නිසා තමන්ගේ ආදායම පහළ බැස ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd