බිමල් ශ්‍යාමන් ජයසිංහ
මතුගම නවුත්තුඩුව ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ලබාගැනීමට මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුම අසලට පැමිණි පොලිස් නිලධාරින්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහ කළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (24) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයා හා පවුලේ අය මරා දමා දේපල ද විනාශ කරන බව තර්ජනය කළ පුද්ගලයකු රුපියල් රුපියල් 150,000 ක් ඉල්ලා ඊයේ (23) දිනය පුරා එම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී තිබු බව පොලිසිය කියයි.
ඒ අයුරින් අද (24) දින ව්‍යාපාරිකයා මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත එම මුදල 50,000 ක් දක්වා අඩු කරගෙන තිබු බවයි.
රුපියල් පනස් දහසක මුදල ලබා ගැනීමට කප්පම්කරු එකඟකර ගැනීමෙන් පසුව මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුම පසු කර තිබෙන සංඥා පහන් කණුව අසල එම මුදල තබන ලෙස ව්‍යාපාරිකයාට පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්සිරි ඇමතිතුමනි, මේවාට ධාර්මිකව පිළිතුරු දෙන්න. මොකද මේක යමපාලනය නෙවේ යහපාලනය.