(තරිඳු ජයවර්ධන)
නිධන් හැරීමට උපයෝගී කර ගන්නා බවට සැක කරන පොළොව යට ඇති දෑ නිරීක්ෂණය කළ හැයි නවීන් ස්කෑන් යන්ත්‍රයක් සහ ඇත්දල කොටස් කිහිපයක් කොබෙයිගනේ නිවසකින් සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කොබෙයිගනේ පාසලක් අසල නිවසක නිධන් හෑරීමට පිඹුරුපත් සකසන බවට පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.
එම නිවසේ තිබී සොයා ගත් ස්කෑනර් යන්ත්‍රය ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් බවත්, එමගින් පොළොව ඇතුළේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි බවත් පොලිසිය පවසයි.
එම උපකරණයට අමතරව කළු ගල් කැපීම සඳහා භාවිතා කරන විශාල ප්‍රමාණයේ ග්‍රයින්ඩර් කටර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 29 තරුණයකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ලොකු විහිළුවක්. ලංකාවේ මේ වගේ "ස්කෑන් යන්ත්‍ර දැකල නැහැ. අපිට මේක ලොකු දෙයක්. අනිකුත් රටවල්වල මේක සුළු දෙයක්. මේ යන්ත්‍රයෙන් පොළව යට හැම දෙයක්ම බලන්න පුළුවන් කමක් නැහැ. යකඩ, රිදී, අැලුමේනියම් වගේ දේවල් බලන්න පුළුවන්. අනේ මම දන්නේ නැහැ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැත්තේ ඇයි කියා... හරි දුකයි
දැන් මෙතන ප්‍රශ්ණ කිහිපයක් පැන නගිනවා... පළමු එක තමයි නිදන් හැරීමට සුදානම් වුණා කියලා නඩු පවරන්න පුළුවන්ද? දෙවැනි කාරණය වන්නේ ඔය කියන නවීන ස්කෑනර් යන්ත්‍රය ලඟ තබා ගැනීම හෝ භාවිතය තහනම්ද? ඊළඟ ප්රශ්නය වන්නේ එය ලඟ තබා ගැනීම හෝ භාවිතය තහනම් නම් එය මෙරටට ආනයනය කළේ කෙසේද? තහනම් නැතිනම් එය අත් අඩංගුවට ගත්තේ ඇයි? කියන කාරණය...මට නම් හිතෙන්නේ පොලිසිය මෙතනදී ඉස්සර වුණා වැඩියි වගේ...
කොහොම වුනත් මේ වගේ අධිබලති යන්ත්‍ර සුත්‍ර ඇමරිකාවෙන් ගෙන්වන්න අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට බැහැ. ඒවා ලඟ තියාගන්නත් බැහැ. අනේ මන්දා මේවා හතර බීරි කතා... මේක පිටිපස්සේ අනිවාර්යයෙන්ම සිල් රෙදි පොරවාගත්තු ලොක්කෙක් ඉන්නවාමයි.
සුජීව හරි ... සමහර අය මේ භාණ්ඩය පාක් එකට පවා අරගෙන එනවා ළමයිනට සෙල්ලම් කිරීමට වැලි අසුරා තිබෙන අසුරනයේ වටිනා ලෝහ වැටී වැලි අස්සේ නොපෙනී ගියාම සොයාගන්න. එතරම් සුලභ දෙයක්...
ඕක සුළු දෙයක් නේ! පොලව පලා මද කන්න පුළුවන් අයියලත් අපේ ප්‍රාදේශීය සභාවල ඉන්නවා. වැඩිකල් නොයා ඉර හඳ උලා කෑමේ ප්රගතිශීලී වියාපුර්තියකුත් උන්නැහේලා පටන් ගනීවි!