නිමන්ති රණසිංහ
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය බිද රුපියල් හාරලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පරිගණක සොරකම් කරන ලදැයි කියන එම පාසලේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සිව් දෙනෙකු ලබන 25 වැනිදා තෙක් රක්ෂිත භාරයේ මාකොල සහතික කළ පාසල තුළ රදවා තැබීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
පාසලේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ගේ උන්තිය මෙන්ම සුබසිද්ධිය වෙනුවෙන් සහ සැකකාර දරුවන්ගේ විනය සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් මෙම ශිෂ්‍යයින් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් රිමාන්ඞ් භාරයේ මාකොල සහතික කළ පාසල තුළ රදවා තැබීමටත් පරිවාස වාර්තාවක් කැඳවීමටත් එලෙස නියෝග කළේය.
ඒ අනුව එලෙස රක්ෂිත බන්ධනාගාරය භාරයේ මාකොල රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට නියෝග නිකුත් වූයේ කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවෙකු සහ සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.
නවගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල සිල්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග සහ අධිකරණ අංශයේ ස්ථානාධිපති කේ. එන්. අබේවික්‍රම ඇතුලු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් උසස් පෙළ නමුත් කර තියෙන්නේ පහත පෙළ වැඩක්.
පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සඳහා පෙර හුරුවක් යැයි හැඟෙනවා. අනාගත රට පාලනය කරන දරුවන් පිරිසක්....
ප්‍රාදේශීය සභාපති කෙනෙකු යටතේ විශේෂ පුහුණුවක් දුන්නොත් ඉදිරියේදී නියම වැඩ කාරයෝ වෙන්න ඉඩ තියෙනවා.
මේ ළමයින්ට ලංකාවේ දේශපාලනයෙන් කරලියට ඇවිත් ඉහලම තැන්වලට යන්න හොඳ අනාගතයක් ලංකාවේ නම් තියේවි.