(ජේ.කේ.එල් චාමින්ද)
මාතර ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි නැමති සැකකරුවන් දෙදෙනා අද (24) දහවල් බන්ධනාගාර නිලධාරින් විසින් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මෙකී සැකකරුවන් දෙදෙනා ප්‍රතිකාර කිරිමෙන් පසු රෝහලින් මුදාහැර තිබු අතර බන්ධනාගාර නිලධාරින්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව යොදා තිබිණි.
එහෙත් කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. මෙම සැකකරුවන් තිදෙනා තිදෙනා ජුලි 02 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර කිරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිස්සු වහගන යන්නේ? මේ අයවලුන් පාතාල ක්‍රියා හා මංකොල්ල කෑම සඳහා මූලික වූ වරදකරුවන් නම් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැක පිට නොවේ. මෙසේ මේ අයව සඟවාගෙන ගොස් පසුව ඔවුන් කරන වැරදිවලට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට උවමනා වූ විට ජනතා සහය පතනවා. ජනතාව කෙලෙසද මොවුන්ව හඳුනන්නේ? මේ අයවලුන් ජනතාවට පෙන්විය යුතුයි එවිට මොවුන් ජනතාව හොඳින් හඳුනා ගැනීම නිසා මේ අයට වැරදි කිරීමේදී සැගව සිටිය නොහැකි වනු ඇත.
ඒ කියන්නේ පොලිසියටත් විශ්වාසයක් නෑ... මේ අය කොල්ලකරුවො කියලා? මූන වහගෙන ගෙනියන්නේ ඒ නිසානේ.. මේ අය කෙළින්ම මංකොල්ලයට සම්බන්ධ අය නම් මුහුණු නිරාවරණය කළයුතුයි.. සමහරවිට මේ අය තවත් අපරාධවලට සම්බන්ධ ඇති ඔවුන්ව සමාජය දැකගත යුතුයි...
ලැජ්ජාවේ ..පව් අනේ...
අායුධ පෙන්නන්න එක්කන් යන්නේ නැද්ද?
ලක්ෂ කෝටි ගණන් වියදම් කරගෙන කාලය නාස්ති කරනවට වැඩිය නරකද එක පාරටම මේ දෙන්නවත් අරගෙන යන බන්ධනාගාර බස් රථයෙන් පාලමක් උඩදී වතුරට මාංචුත් එක්කම පැන්නන්නා නම්. දවස් දෙකකින් විතර මිනි දෙක ගොඩ ගන්න පුළුවන්. රටටත් මහජනතාවටත් සෙතක් පාඩුවක් වෙනවනම් වෙන්නේ දේශපාලකයන්ට විතරයි.
ඔය හැම චන්ඩියෙකු ,මංකොල්ල කාරයෙකුම පිටිපස්සේ අපේ රටේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙකු සිටින බව අමතක කරන්නට එපා.....
මේ අයවත් හංගපු ආයුධ පෙන්වන්න එක්ක ගියොත් මොකද ?
මොන්ගල් සමරෙ මේ අයව අරක්ශා කොරයි අපේ සල්ලි වලින් තවදුරටත්
දැන් ඉතින් ඇප අරගෙන එලියට ඇවිල්ලා අයෙත් පුරුදු සෙල්ලම් පටන් ගනී. අරක්ෂකොයෝ හතර වටේම දාගෙන ඉන්න පාලකයන්ට ප්‍රශ්නයක් නැහැනේ.
රුකඩ ආණ්ඩුව ආපු දවසේ ඉදල පාතාලය හිස ඔසවලා....ලංකාවට හිට්ලර් වගේ ඒකාධිපති ආණ්ඩුවක් ඕන ...
බන්ධනාගාරය වෙත රැගෙන යන අතරතුර බන්ධනාගාර නිලධාරියකුගේ ගිනිඅවිය රැගෙන පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් එල්ලකළ වෙඩිපහරින් එක් සැකකරුවෙක් එතැනම මියගිය අතර ඉතිරි සැකකරු රෝහලවෙත රැගෙනයන අතරතුර මියගියේය.
මේ වෙලාවට තමයි හිතෙන්නේ පිලිපීනේ ජනපති ඩුදේටෝ වගේ කෙනෙක් හිටියනම් කියලා. ලුසේනා
මෙම අපරාධය සිදුවන ඇසින්දුටු සිද්දිය පොලිසියට දැනුම් දුන් බුද්ධිමත් තැනැත්තාට ස්තුති කළ යුතුය. කාටත් මොහුව අමතක වී ඇති සෙයක් පෙනේ. මෙම සිදුවීමට අදාළ සී සී ටී වී කැමරා දර්ශන නැරඹීමේදී මා දුටුවේ අපේ පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය අනුව තවම ඔවුන් වෘත්තීය මට්ටමින් අසම්පුර්ණ තත්ත්වයක පසුවන බවයි.
එක මකුනෙක් මැරුවේ නැත්නම් ,අපිට මකුණෝ දාහක් මරන්න වෙනවා , එකයි ඇත්ත සහ ප්‍රයෝගික පැත්ත. මෙයින් යමෙකුට අසාධාරණයක් , විය හැකිය . එය ඔබට හෝ මට විය හැකිය. නමුත් ලංකාවේ පාතාලය ,මර්දනය කිරීමට හොදම ක්‍රමය මෙයයි.
මුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියල දාන්න ඕන...
lalithsjm, ඔයා තියන දේ හරි. එහෙම තමයි කරන්නම ඕනේ.
මේ දවස්වල ගගේ වතුරණේ පැනලා යන්න කිවා නම් හරි ගඟ හරහා.