සිරංගිකා ලොකුකරවිට
සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යන සෑම ළමයකුටම ටැබ් දීමේ වැඩපිළිවෙල නතර වුණත් යළි එය ඉතා ඉක්මණින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (22) ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය හා පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අකිල විරාජ් මහතා මෙසේද කීය.
‘‘ටැබ් දීම තාවකාලිකව නතර වුණා. ටැබ් යළි ලබාදීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන සකස් කර තිබෙන්නේ. ඉතා ඉක්මණින් පාසල් දරුවන්ට ටැබ් යළි දෙනවා. තොරතුරු තාක්ෂණය සමඟ අපේ අධ්‍යාපනය ඉදිරියට යා යුතුයි. ඉස්සර අපි පාසල් යන කාලේ පාසල් පරීක්ෂකවරු හිටියා. ඔවුන් පාසලට එන දිනවල දී විදුහල්පතිවරු, ගුරුවරු බොහොම ප්‍රවේශමෙන් ඒ පැමිණීමට මුහුණ දෙනවා.
ඔවුන් පාසල්වල ගුණාත්මක බව ගැන සොයා බැලුවා. අපි මේ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරනවා. අධ්යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු නම දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත්කරනවා.
මේ සඳහා දැනටමත් අවශ්‍ය පියවර අරගෙන තිබෙන්නේ. ඔවුන් පාසලේ ඉගෙනුම් හා ඉගැන්වීමේ ක්‍රමය විතරක් නොවෙයි භෞතික සම්පත් ගැනත් දරුවන්ගේ කාර්ය සාධන ගැනත් අවධානය යොමු කරනවා. එමගින් අධ්‍යාපනය තවත් ඉහළ තලයකට ගෙන යන්නට අපට හැකි වේවි.‘‘
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා සහ මොහාන් පී. ද සිල්වා මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලියවත් නැති පාසල් වල පුටු මේස හදලා දෙන්න ටැබ් වෙනුවට... හරියට වැසිකිළි ටිකක් හදලා දෙන්න. සංගීත භාණ්ඩ ටිකක් අරන් දෙන්න.
ඔය උන්නු එකේ තව පොඩිත්තක් උන්නා නං නරකද සර්? ඡන්දෙත් අල්ලලාම දීල දාන්න ඇහැකිනේ...
රටේ දියුණුවට බාධාවී ඇති එකම අඩුව...
රටේ ආර්ථිකයට දරා ගන්න බැරි තරම් ඇමති වරු ගණනක් පත් කරලා ඉන්නවා . නමුත් ඔවුන්ට තමන්ගේ අමාත්‍යංශ වල රාජකාරි කරන්න ඉඩ නොදී, ඔවුන් ගන්නා තීරණ ඉහලින් වෙනස් කරනවානම් රටක් ඉදිරියට යයිද? මේ කියන යහපාලනයට වඩා හිට්ලර් ගේ පාලනය හොඳයි කියලා කියන තත්වයකට රට පත් කලේ කවුද ?
ඕක මෝඩ අදහසක්. එක එක ළමයට පරිඝණක දෙන රටක් පුළුවන්නම් කියන්නකො. ඹබ තුමාට තොරතුරු තාක්ෂණය ඒක්ක යන්නම ඔනනම් පරිඝණක පොදු පහසුකම් මධ්‍යස්ථාන පාසල් මට්ටමින් පිහිටුවීම උචිතයි. ඔබ තුමාගේ යෝජනාව නිසා තරුණ විය හා බැඳුන සමාජ ප්‍රශ්න තවතවත් උග්රවෙනව වගේම නැති ප්‍රශ්න ඇති වෙනවා. ඔබ තුමාලා කරපු දේශපාලන ගොන්වැඩ හොඳටම ඇති. මගේ රටට තවදුරටත් එවැනි ගොන්වැඩ දරාගන්න බෑ. පින් සිද්දවෙයි තව නම් ඒවගේ ඒවා කරන්න එපා. කියක් හරි යොයාගන්නම ඔන නම් වෙන මොකක් හරි කරන්න.
සමහර ළමයි ගස් යටද ඉගෙනගන්නා අතර ,සමහර පාසල් වල මේස පුටු අඩුයි. මොනවා දෙන්නත් පළමුව ටැබ් දෙන්න හිතුව එකත් නරකම නැහැ. බයිලා ගායනා අහලම දැන් ඇතිවෙලා.
ටැබ් ලංකාවට ආනයනය කරන යාළුවො ඇති. ටැබ් ලැබුනාට මදි ගෙවල් පාසල් වලට wi-fi ලබාදෙන්නත් ඕනේ.
පාසල් වලට කලින් WIFI දීලා හිටියොත් හොදයි.
අනේ මේ පිස්සු කරන්නේ නැතිව අර ගම්බද පාසල්වලට අවශ්‍ය පහසුකම් දෙන්න.
මේ වැඩේ කිසි තේරුමක් නැති වැඩක්. හැම අවුරුද්දෙම ටැබ් ලක්ෂ දෙක ගානේ දෙන්න ආණ්ඩුව ලොකු වියදමක් දරන්න ඕනේ. ඒ වියදමින් පුළුවන් පාසල් දියුණු කරන්න, එතකොට අවුරුදු 10 වගේ යනකොට හැම ළමයෙකුටම සාමාන්‍ය මට්ටමේ හරි හොඳ පාසලක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ සල්ලි ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු කරවන්න. හැම අවුරුද්දෙම ටැබ් ලක්ෂ දෙක ගානේ එනකොට ඊ වෙස්ට් වැඩි වෙනවා. අපේ රටේ සාමාන්‍ය කුණු පවා දාන්න තැනක් නැහැ. මෙයාලට ඕනේ කොමිස් ගහන්න. ළමයින්ගේ අධ්‍යාපනය අඩාල කරලා මොට්ටයෝ කරලා මෙයාලගේ මොට්ට ආකල්ප ඔලු වලට දාල මේ රට මේ විදිහටම පාලනය කරන්න. මම වැඩ කරන්නේ ලංකාවේ අංක එකේ පරිගණක සමාගමක. මම දන්නවා මේ වැඩ කෙරෙන විදිහ. මෙන්න මේවට තමයි රටට ආදරය කරන, අධ්‍යාපනයට ඇත්තටම ආදරය කරන මිනිස්සු නැගී සිටින්න ඕනේ. මේක කොමිස් මගඩියක් විතරයි.
අනේ මහත්තයෝ ටැබ් නෙමෙයි ඒ සල්ලි වලින් කොපි පොත් ටිකක් දෙන්න... ඒක ලොකු පිනක්. අපේ ජාතිය තවත් විනාශ වෙනවා දකින්න අපි කැමති නැහැ.
එක ලොකු දෙයක් මේ දවස්වල අපේ දරුවන් ගෙවල් වටේම තියෙන Free WiFI වලින් නාන නිසා Tab එකක් දෙකක් ලැබුනොත් නම් මරේ මාරු.
ඔය ගමන්ම බ්‍රේස්ලට් එකකුයි. වෝක්ස් වැගන් කාර් එකකුයි දුන්නොත් නරකද.
අනේ මහත්තයෝ ටැබ් දෙන්න කලින් විසදන්න ප්‍රශ්න ගොඩක් අධ්‍යාපන ක්ෂත්රයේ තියනවා, ඒවා විසදලම ටැබ් බෙදමුද? මම ඉන්නේ අනුරාධපුරයේ, මහපොළවෙන් මතුවුන නායකයාගේ පළාතේ. ඩෙස් බංකු, පාසල් ගොඩනැගිලි, පුස්තකාල, විද්‍යාගාර වගේ මුලික පහසුකම් වත් නැති පාසල් මේ ප්‍රදේශයේ ඕන තරම් තියනවා. ටිකක් නගරයෙන් එලියට ඇවිත් බලන්න. මේ පළාත්වල ළමයින් මොනතරම් දුක් විදිනවද කියලා. ටැබ් ලබාදෙන්න ඔය තරම් උනන්දු වෙන්නේ එකේ ටෙන්ඩරයත් හිතවතෙකුට ලබා දීලා ගානක් ගහගන්න නෙමෙයි, දරුවන් ගැන සද්භාවයෙන් කියලා හැමෝම දන්නවා….
ඉතා දූරදර්ශි ක්‍රියවක්. අද බොහොමයක් අධ්‍යාපනික අවස්ථා අන්තර්ජාලය සහ පරිගණකය හරහා විවෘත වෙනවා. මෙය දුෂ්කර පාසල්වලට වෙන අවාසි අඩු කිරීමට මහඟු පියවරක්..
අයෙත් මැතිවරණයක් ලග ලග වගේ.
ඔන්න ඒ පාර මෙයා පටන් ගත්තා
මේ අයට ඒක තමයි ලොකුම ප්රශ්නය. ළමයින්ට ස්කොල නැහැ. මිනිසුන්ට කන්නට බොන්නට නැහැ. ජීවත් වෙන්නට විදිහක් නැහැ. ඉන්නවට ඉන්නවා. තම තමුන්ගේ කොමිස් ඒක බලාගෙන ඩීල් දානවා.
මේ පරිගණක පාසල් අධ්‍යාපනයේ දියුණුවට යොදවන්නේ කොහොමද කියල පැහැදිලි නැහැ. ඒවා යොදාගෙන දවසේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ ඉගෙනුමක් දෙනවද? මේ අහන්නේ ඕස්ට්‍රේලියාවෙත් මෙවැනි ක්‍රමයක් 2007 මහා මැතිවරණයෙන් පසු ක්‍රියාත්මක වුන නිසා. සමහර ප්‍රාන්ත රාජ්‍ය ටැබ් සමඟ අධ්‍යාපනය එකතු කරා. ඒවගේම අනවශ්‍ය භාවිතය වලක්වන්න පියවර ගත්ත නමුත් සමහර සිසුන් අනවශ්‍ය භාවිතයට යොදාගෙන අසුවුණා. ලංකාව මේ ගැන ගන්න සිතන පියවර දැනගන්න සතුටුයි.
අනේ ලොකු පිනක්. කතාවට පමණක් සිමනොවී ඔබතුමා මේක ඉටුකරන්න ශක්තිය ලැබේවා ප්‍රර්ථනා කරනවා.
හනේ මෙහෙමත් ජෝකර්ලා..............
ගරු ඇමතිතුමනි, රටේ දරු පරපුර වෙනුවෙන් කරන්නට බොහෝ දේ තිබියදී තවත් ගොන් වැඩ කරන එක දැන්වත් නවත්වන්න. රටේ සියලු දිස්ත්‍රික්කවල ඇති පාසල්වල ඇති අනන්ත වූ විශාල අඩුපාඩු එසේ ගාල් වෙමින් තිබියදී ඒ දරුවන්ට ඉඳගන්න පුටුවක් නැතිව ඉගෙන ගන්න පන්ති කාමරයක් නැතිව බොන්න ජල බිඳක් නැතිව ඉගැන්වීමට ගුරුමහතුන් නැතිව රට පුරා දුෂ්කර හා අර්ධ දුෂ්කර පාසල්වල දෙමාපියන් හා දරුවන් මහමග ඒ දේවල් ඉල්ලා උත්ඝෝෂණ කරමින් සිටියදී පාසල් ළමුන්ට ටැබ් දීමට යොදන මුදල ඒ අඩුපාඩු සැකසීමට නොයොදා මෙවන් තකතීරු වැඩවලට මුදල් යොදවා රටේ නම ගිය තවත් මන්ද බුද්ධික ඇමතිවරයෙක් නොවී රට දරුවන්ගේ සමස්ත අවස්ථාවන් සලකා බලා රටේ අග නගරය හා ඒ අවට ඉන්න දරුවන් හා දේශපාලකයන්ගේ මෙන්ම හෙන්චයියන්ගේ දරුවන් සැනසීම සඳහා වැඩ නොකරන ලෙස ඉල්ලා සිටිමි. ටැබ් එකකින් පාසල් දරුවන්ට කරන්න ඇති දෙයක් නැති බවද හොඳින් මතක තබා ගන්න. ඒ ශාස්ත්‍රය දීමට අවැසි නම් සියලු පාසල්වලට පරිගණකාගාර සපයන ලෙසද දන්වමි. මහජන දේපල මෙවන් බොරුවදන්වල නොයොදන ලෙසද දන්වමි.
දැන් තවත් ඡන්දයක් ළඟයිනේ !!!
අධ්‍යාපන ක්ෂේත්රයේ අඩුපාඩු නම් එමටයි. නමුත් මේ කරන්න යන වැඩේ ඉතාමත් අගය කළ යුතුයි. පාසල්වල අඩුපාඩු ඉවර වෙනකල් හිටියොත් අපේ ළමයින්ට මූලික තාක්ෂණය ලැබෙන්න තව ශතවර්ෂයක් ගතවේවි..!!!
බෙදාගන්න බැරුව හිරවෙලා තියෙන කොමිස් කුට්ටිය 2020ට කලින් සාක්කුවට දාගන්න පුදුම තදියමක්නේ තියෙන්නේ කට්ටියට...
සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යන සෑම ළමයකුටම ටැබ් දීමේ වැඩපිළිවෙල කෙසේවත් නතර කිරීමට අවශ්‍ය නොවේ. පරිගණක යොමුකිරීම් සුදුසුම 10 වන ශ්‍රේණියෙන් මූලික දැනුම ලබාදීම අාරම්ඹ කිරීමයි. පාසල්වලට පහසුකම් දෙනවා හා සමානවම අධ්‍යාපනය ලබන සිසුන්ට වටිනා අධ්‍යාපනයක් ලබාදීම සහ නගරබද සහ ගම්බද ලංකාවේ සියලුම පළාත්වලට අධ්‍යාපනය සමානාත්ම විය යුතුයි. එය රජයේ යුතුකමක් පමණක් නොව වගකීමකි. රටක අනාගත සංවර්ධනය සහ දියුණුව රඳා පවතින්නේ එම රටේ අධ්‍යාපනය ක්‍රමය මතයමයි. දියුණු රටවල් සමග, ලෝකයාත් සමග ඉදිරියට යාමට ඇති එකම මග අධ්‍යාපනයයි. හොඳ අධ්‍යාපනයක්, ගුණාත්මකව ලබදෙනවිට රටක උගතුන් සමග බුද්ධිමතුන් බිහිවේ. එහි නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන උගතුන්, බුද්ධිමතුන් ලංකාවේම රඳවා ගැනීමට, ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීමට නම් රජය නව දේශපාලන සමාජයක්, ක්‍රමවේදයක් ලංකාවේ ඇති කළයුතුමය. අලුත් ලංකාවක් දියුණු ලංකාවක් බිහිකිරීමට අධ්‍යාපන සම්බන්දව හසල අත්දැකීම් තිබෙන ඇමතිවරයකු අද ලංකාවේ අගමැතිවරයාව සිටියි. පත්කර ඇති අධ්‍යාපන ඇමතිවරයාට, අගමැතිවරයා විසින් ලබාදී ඇත්තේ අධ්‍යාපන පමණක් නොව රටේ අනාගතයේද පසුබිම සකස් කිරීමේ වගකීමයි....