ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අප සැමටම ආදර්ශයක් යැයි ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ලියාම් ෆොක්ස් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙන්ම මෙරට කීර්තිමත්ම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා අනුස්මරණය කරමින් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ දී ‘ගුත්තිල වීණා වාදනය’ දැක්වෙන අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලියාම් ෆොක්ස් මහතා ඉකුත් දා ඒ බව කීවේය.
මෙම චිත්‍රය අනාගත පරම්පරාවලට මෙන්ම ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ කාර්යමණ්ඩලයට ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිහි කරාවි යැයි ද ලියාම් ෆොක්ස් මහතා කීය.
හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සුගන්ධි කදිරගාමර් මහත්මිය මෙම ආලේඛ්‍ය චිත්‍රය ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට’ ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ. චිත්‍රය නිරාවරණය කිරීමේ අවස්ථාවට සුගන්ධි කදිරගාමර් මහත්මිය එක්වූවාය.
මෙම සිතුවම ස්ටැන්ලි කිරින්දේ මහතාගේ නිර්මාණයක් වන අතර ‘ගුත්තිල නම් වීණා වාදකයා’ යනුවෙන් එය නම් කර තිබේ. ජීනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දූත පිරිස, එක්සත් රාජධානිය සහ ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානය’ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ්මන් කදිරගාමන් මැතිතුමා තමයි මුළු ලෝකයක් ශ්‍රී ලංකාව දිනාගන්න සිංහල ජාතිය බෞද්ධ නිහතමානි අහිංසක ජාතියක් බවත්... එල්.ටී.ටී. සංවිධානය මිලේච්ඡ ත්‍රස්ත සංවිදානයක් බව ලෝකයාට ඒත්තු ගැන්වීම කළේ එතුමා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාකරන්න අති විශාල කැපවීම් කල මහා උත්තමයෙක් අද කාටත් එතුමා අමතකයි.
ලාංකිකයින් එතුමාට ණය ගැතියි..
ලියම් ෆොක්ස්ට වඩා අවංක කෙනෙක් මේකට එන්න තිබුනේ..කදිරගාමර් සර්ට එ්ක අවනම්බුවක්.. මේ කෙනා හතර පාරක් ඉල්ලා අස්වුණා, වංචා එළිවෙලා..
මොහු අවංක ලාංකිකයෙක් . දැන් ඉන්න අයට හොද ආදර්ශයක්.
ලක්ෂ්මන් කදිරගාමර් මහතා අපේ රටට ඉතාම කලතුරකින් පහල වන නියම ජාතික වීරයෙකි! එතුමා එල්.ටී.ටී.ඊ. කුරිරු ත්රස්තවාදයේ නිරුවත ලෝක ප්‍රජාවට හෙළිදරව් කර ඔවුන්ගේ ජාත්‍යන්තර ත්රස්තජාලය අඩපණ නොකළානම් අදත් එයින් අප දුක් විදිනු ඇත! නමුත් එතුමා කල උදාර සේවය අද අගය කරන්නේ කීයෙන් කීදෙනාද? අද සිටින කාඩ්බෝඩ් ජාතිවාදීන්ට එතුමා කදිම ආදර්ශයක්!
ඒ උත්තමයා නැති වුනේ රටේ අවාසනාවට. නිවන් සුව පතමි.
කදිරගාමර් යනු ලොකු සේවයක් කල මහතෙකි.