(සනත් ගමගේ)
අම්බලන්තොට මල්පෙත්තාව කෑම අලෙවිසැලකින් මිළදී ගත් කුකුළු මස් කොත්තුවක ගෙබ්බෙක් සිටින බව දැනගත් කොත්තුව මිළදී ගත් කාන්තාව ගෙම්බා සිටි කොත්තුව සමඟ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය යූ.පී මාලක සිල්වා මහතාට පැමිණිලි කර ඇත.
අදාළ කොත්තුව සමඟ ආපන ශාලාවට පැමිණි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා මහතා සහ අම්බලන්තොට කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා සිද්ධිය සම්බන්ධව ආපනාශාලා හිමි කාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ව ගෙබ්බා සිටි කුකුළු මස් කොත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයාගේ භාරයට ( 24) ගෙන ඇත.
සැකකාර ආපනශාලා හිමි කාරීනිය හෙට (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.
කුකුළු මස් කොත්තුව සමඟ ගෙබ්බාගේ සිරුර කොටස් කැඩී ඇති බව නිරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය යූ.පී මාලක සිල්වා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙඹි කොත්තුත් නරක නෑ... කුකුල් මස් වගේම තමයි.
මේක අපේ මන්ත්‍රීවරුන්ට කළ අවවාදයක් වෙන්න බැරිද?
මේ කොත්තුව ප්‍රංශයෙන් එවාපු එකක් වෙන්ටැති.
එතකොට කඩේ ගිනි තියන්න ඕනේ නැද්ද?
කොත්තු ගහපු කෙනා අන්ධයෙක්ද?
ගෙම්බා එවන්න ඇත්තේ අතුරුපස වෙනුවට..
චීනුන් බහුලව ඉන්න ප්‍රදේශයක මේවා සිද්ධීන් නොවේ..
පඩි ගෙව්වේ නැහැ. වෙලාවට නින්දක් නැතිව කොත්තු ගැහුවා. නිවාඩුත් නැහැ. මම අන්ධයෙක් නොවේ.
ඔය කොත්තුව සුදුසුම තැන දියවන්නාවේ ගාලේ කැන්ටිමයි. ගෙම්බෝ වැඩියෙන්ම ඉන්නේ එතනනේ.
අවුලක් නෑ ලෝයර් ගෙම්බා කුකුලෙක් කරයි
ශ්‍රී ලංකාව ක්‍රමයෙන් චීනයේ යටත් විජිතයක් බවට පත්වමින් ඇත යන කාරණයට පැහැදිලි සාක්ෂියක්
ගෙඅම්බි කකුල් ප්රන්සයේ ඉතා මිල අදික කෑමක්. බංගලාදේශය එව්වා අපයනය කරනවා .අපිත් මෙඅක කලොත් සල්ලි තමා
අම්මෝ.... කඩේ මුදලාලි රට තොට ඇවිද්ද මනුස්සයෙක් නම් කොත්තුව ඔහොම අඩු ගණනට ගන්න බැහැ. අපේ ගෙම්බෝ වැහි දවසට පාරෙ සමතලා වුනාට, ලෝකෙ ගෙම්බො හරි ගණන්.
කොත්තුවේ ගාන ගෙම්බටත් එක්ක අය විය යුතු බව උසාවියේදී මතක් කලොත් නරකද?
ඕක හබන්තොට වරායේ වැඩ කරන චීනෙකුට හදපු කොත්තුවක් වැරදිලා මේ කාන්තාවට දීල තියෙන්නේ. ඉස්සරහට තව තව සත්තු ඉදියි.