(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් 3,60,00,000 ක් වටිනා රන් බිස්කට් සඟවා ගෙන සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයා පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය අද (23) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ දී නියෝජ්‍ය රේගු අධ්යක්ෂ මලික් ජයමාල් පෙරේරා මහතා විසින් පවත්වනු ලැබීය.
එහිදී එම රන් බිස්කට් සියල්ල රාජසන්තක කළ අතර, මෙම නිලධාරීවරයාට රුපියල් ලක්ෂ 30 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .
මේ අතර මෙම නිලධාරීවරයාට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් ද විනය පරීක්ෂණයක් සිදු කරන බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට කීදෙනෙක් ඔයවගේ කරනවා ඇද්ද? ඒ කරන ඒවායින් කීයක් අසුවෙනවා ඇද්ද? ඒ අසු වෙනවායින් කීයක් අත හරිනවා ඇද්ද? අල්ලලා අත ඇරියෙ නැත්තේ මේක විතරක් වෙන්න ඇති... ඒකට හේතුව මොකක්ද?
මොනවා කලත් වැඩක් නැහැ. අර විල්පත්තුවේ වණ රජා ඇවිත් කැගහපු ගමන් අපේ කට්ටිය නැට්ට අකුලා ගනීවි. මෙය ඊළඟට ප්‍රොමෝෂන් එකකුත් අරගෙන වැඩේ පටන්ගනිවී ඔය අල්ලපු නිලධාරීන්ට කොකා පෙන්න පෙන්න.
මෙහිදී සාමාන්‍ය පුරවැසියන් වන අපට මෙම ප්‍රශ්න නිරායාසයෙන්ම අපගේ සිත්වල නැගෙනවා. රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් සඳහා දඩය ලක්ෂ 30 ක්...? එය සාධාරණ දඩ මුදලක්ද? ( දන්නා කෙනෙකු සිටී නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු). වඩාත් බරපතල ගැටළුව වන්නේ මොහුත් රජයේ වැටුප් ලබන නිලධාරියෙක්... එබැවින් ලක්ෂ 30ක දඩ මුදලක් එකවර ගෙවන්නේ කෙසේද? එසේ කළේ නම් මොහු මෙමගින් සෑහෙන කලක සිට හුරුපුරුදු ලෙස අයථා අන්දමින් මුදල් යහමින් උපයා ඇතිබවක් ඔබට, අපට නොපෙනේද? මෙම අපගේ සරල ප්‍රශ්න මේ පිළිබඳව පරීක්ෂණ කරන නිලධාරීන්ගේ " සිත්වලට නොපැමිණියේ කිනම් කරුණක් " නිසාද?
මොන විනය පරීක්ෂණ ද හොරකම අසුවී ඇතිවිට. රැකීයාවෙන් නෙරප ගුවන් තොටුපොල අසලටවත් එන්න තහනම් කරන්න ඕන.
ලෝකේ දූෂිතම රටවල් අතර පෙරමුනින්ම ඉන්න රටක් හැටියට ලංකාව දැන් ලෝකප්රසිද්දය්.
එවලේම ලක්ෂ 30 ගෙව්වලු .කොහොමට සල්ලි ඇද්ද .මොකද ගස් වලින් කඩපුවද.ඕවම තමයි බිස්නස් .වහාම අල්ලස් හෝ දුෂන කොමිසමින් අත් අඩංගුවට ගන්න ඕන
ලෝකයේ අන්ත දුෂිත රටක මෙවැනි සිද්ධි සාමාන්‍යකරණය වීම විස්මයට හේතු නොවෙයි. නිතිය තදින් ක්‍රියාත්මක කර දේශපාලන ඇත පෙවිමකින් තොරව කටයුතු කිරීමට අපි බලපෑම් කරමු.