(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (22) අත්අඩංගුවට ගත් මොහු අද උදෑසන සඟවා තිබු ආයුද පෙන්වීම සඳහා පොලිසිය විසින් රැගෙන යද්දි මාතර කිරලකැලේ ප්‍රදේශයේදි පොලිසියට අත්බෝම්බයක් ගැසිමට තැත් කළ මොහොතේ පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකරුගේ බෑගය සඟවා තැබූ තැනින් ගෙන ඒමට සැකකරු රැගෙන ගිය අවස්ථාවේදී අද පෙරවරු 7.15 ට පමණ බෑගයේ තිබූ අත්බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට සැකකරු උත්සාහ කළ බවයි.
“ඔහු බෑගයේ තිබූ අත් බෝම්බයක් පොලිස් නිලධාරීන් වෙත දමාගැසීමට උත්සාහ කළ නිසා පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තිබ්බා. එයින් ඇතිවූ තුවාල නිසා ඔහුව රෝහල්ගත කළත් පසුව මියගියා” යයිද ගුණසේකර මහතා පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සැකකරු තවත් මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පරීක්ෂණ වලින් හෙළිවූ බවයි
.
පාතාල නායකයකු ලෙසින් හැඳින්වූ උදම්මිට සමරේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේද චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා යයි කියැවේ.
අත්තනගල්ලේ පැවැති සංගීත සංදර්ශනයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් සහ පසුගිය මැයි මාසයේ වේයන්ගොඩදී 54 හැවිරිදි කාන්තාවකට වෙඩිතබා මරා දැමීමටත් ඇයගේ පුතාට වෙඩි තැබීමටත් චාමර ඉන්ද්‍රජිත් සම්බන්ධ වී ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල නායකයාගේ ගෝලයෙකි.
කොල්ලය සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ආපසු සුපුරුදු සෙල්ලම පටන් අරන් වගෙයි. අත්අඩංගුවේ ඉන්නන සැකකරුවෙකුට මාංචු දාලනේ අරගෙන යන්නේ අනික අත්අඩංගුවේ ඉන්න සැකකරුට කොයින්ද බෝම්බ. අනික උදේ පාන්දර ජනතාව නිදාගෙන ඉන්දෙද්දී තමයි මේවා වෙන්නේ. මෙහෙම මෝඩ කතා ගොතන්න එපා. ඕවා කොන්ඩේ බැදපු චීන්නුවත් විස්වාසකරන්නේ නැත.
මේක බොහෝ සැක කරුවන් කරන මෝඩ වෙඩක් , මාංචු පිටින් ඉඳගෙන බෝම්බ ගහන්න මේ අයට විෂෂ දස්කම් තෙයෙනවා
අනික් එවුන් කීප දෙනාත් නිසැකවම ආයුද හංගල ඇති. උනුත් එක්ක ගිහින් ඒ ආයුද ටික ඉකමනට හොයා ගන්න තව ඉදිරියට එන්න හිතන එවුන්ටත් පාඩමක් වෙන්න.
පොලිසිය දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ. ජය!
තව ආයුධ ඇති. අනිත් අයට ඒවා පෙන්වන්න කියන්න.
දෙයියනේ, අපි හිතපු විදිහටම වුණා.
බොහොම හොඳයි. හැමෝගෙම කාලය ඉතුරුයි. මෙහෙම කරනවට දැන් මානව හිමිකම් කට්ටිය කෑගහයි. ගණන් ගන්න එපා. දැන්වත් පොලිසිය හරි මගට ආව එක හොඳයි.
ආයුධ පෙන්නන්න එක්කන් යන වැඩේට මානව හිමිකම් කාරයෝ කෑ ගැහුවට , අපි දන්නවා ඔය ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම විදිය ඔහොම තමයි කියල.......[පහුගියේ අවරුදු තුනේ මේ ගොල්ලෝ සෙල්ලම් දැම්මේ ඔන්න ඔය ටික කරේ නැති නිසා]
මෙහෙමවත් මේක ඉවර කරලා දන්නා
දැන් අනිත් දෙන්නත් යන්තම් නැගිට ගන්න පුළුවන් වුණු ගමන් ආයුධ හොයන්න එක්ක යන්න. ඇපදීලා නඩු කල් දදා කාලේ කන්නේ ඇයි?
මේ වගේ සිද්ධි නිසා. අප ජාත්‍යන්තරය තුළ අප්‍රසාදයට ලක්වීම වැලැක්විය නොහැක.
මේ නිව්ස් එක සැහෙන කලෙක සිටන් කියවල තියෙනවා. නම්. ගම් දින. වෙනස්වෙලා විතරයි වැඩේ හරි වෙන්න පුළුවන් නිවැරදි නැහැ. මෙහෙම හිතෙන්නේ මට විත්රක්දෝ මන්දා. යටගිය දවස පර්සි මහේන්ද්‍ර රාජෝත්තමයාණන් රාජ්‍ය විචාරණය කොරණ කල්හි මෙවැනිදේ බොහෝ සිදුවිය.
ඔහොම තමා කරන්න ඕනා..................
ඔහොම තමා කරන්න ඔනා.
ඔහොම තමයි කරන්න ඕනේ....
යහපාලනේ යටතෙත් "සුදු වෑන්", "ආයුධ පෙන්වන්න යාම" පටන් ගත්තා එහෙනම්...
මෙසේ සිදුවීම ගැන සතුටුවිය හැකි නමුත් මෙහි දෙපැත්තක් තිබේ. ආයුධ පෙන්වන්න ගොස් ඇතිවන ප්රශ්නයේදී වෙඩි තැබීමට පොලිසියට ඉඩදීමේත් සීමාවක් තිබිය යුතුයි. නැතහොත් ඔවුන්ගේ පුද්ගලික වුවමනා එපා කම් සඳහාද මෙම කාරණය යොදාගනු ඇත. වාස් ගුණවර්ධන සිද්ධියේදී මෙය මනාව පැහැදිලි වේ.
ඔබට ජය පොලිස් මහත්වරුනි. දැන්වත් රට හදනවට ස්තුතියි.
මම මේ නිකමට අහන්නේ. අර සේයා දියණිය මැරුවයි කියලා මුලින් අල්ලපු ඒලෙවල් ළමයාව හරි, කොන්ඩයාව හරි ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් තිබ්බා නම් මොනවා වෙන්න තියෙන්න ගියාද?
මේක හිට්ලර්ගේ වර්ගයේ ක්‍රමයක්. පොලිසිය කියන කියන විදියට ඉන්න වෙනවා.
ලංකාවේ මරු නිතිය ...කෝ මානව හිමිකම් ....
පොලිස් කාරයෙක් මරල යහතින් ඉන්න දෙයිද?
අපි දන්නා විධියට අපරාධ කරුවෙකු පොලිසිය මගින් ප්‍රවාහනය කරනවිට අත්මාන්චු දමනවා . එහෙම තිබුනානම් ඔහුට ඔය විදියට මැරෙන්න කොහොමත් වෙන්නේ නැහැ .අපි දන්නේ නැහැ ලංකා පොලිසියේ රෙගුලාසි ? සැකකරු එක්වරම බෝම්බයක් දමා ගසන්න ගියා කීවම අපිට මතක් වෙන්නේ හින්දි චිත්‍රපට වලනම් එකපාරටම බෝම්බ අතට එනවා ...කිනම් සැකකරුවෙකු වුවත් පොලිස් භාරයට පත්වූ පසු ආරක්ෂා කිරීම පොලිසියේ රාජකාරියක් ඔවුන් මරණයට පත්වීම පරීක්ෂණ කටයුතු වලට මහත් බාධාවක් . අපි දකිනවා මෙරටේ දරුණු අපරාධ කරමින් වෙඩිතියමින් පුද්ගලයන් පොලිසිය විසින් පැය ගණන් පසුපස හඹා යමින් මහන්සි වී අත්අඩංගුවට ගත් පසු පොලිස් රථයට ඇතුළු කරන විට පවා පොලිස් නිලධාරියා සැකකරුගේ ඔලුව අතින් ආවරණය කරනවා කොහෙවත් නොවදින ලෙසට ..
ගරු මංගල පින්සිරි ඇමතිතුමනි. අපිට හොදින් තේරෙනවා ඔබ කියන දේ වගේම මේකෙන්ම අපිට අවබෝදවෙනවා මාතර පාතාලය මෙතරම් ව්‍යාප්ත වෙන්න හේතුවත් අපි ජන්දය දුන්නේ රට පාතාලයක් කරන්නත් නෙමේ. රට වෙනුවෙන් දිවිදුන් අහිංසක පොලිස් නිලධාරියකුගේ මරණයට කතා නොකරන හොර දෙශපලුවන් පත්ලයෙකුගේ මරණයට බොහෝ කණගාටු වෙන බව අපි දන්නවා
මේ ගැන සැකයි. මේක අනිත් අපරාධකාරයින්ගේ කෙරුවාවලුත් මොහුගේ ගොඩට දාන්න යොදාපු එක්තරා උපායක්ද කියල කියන්නත් බැහැ!