(බිඟුන් මේනක ගමගේ)
ක්‍රමයක් ඇතැයි යන මතය සාවද්‍ය බවත් ගුවන්තොටුපොළ ආවේක්ෂණ පද්ධති සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වන බවත් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. ආගමන විගමන පාලකවරයා මෙම අදහස් පළ කළේ ගුවන් තොටුපළ හරහාම අපරාධකරුවන් පැන යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද චෝදනාව ගැන කළ විමසීමේදීය.
රටින් පිටවීමට අධිකරණය මගින් තහනම් නියෝග පනවා ඇති පුද්ගලයන්ගේ නාම ලේඛන පරිගණකගත කරන ලද ප්‍රත්‍යන්ත පාලන තොරතුරු පද්ධතියක් මගින් සුපරීක්ෂණය වන්නේ යැයි ද රණසිංහ මහතා කීවේය.
රටින් පිටවීමේ තහනම් නියෝග හා පිටවීම වළක්වා අත්අඩංගුවට ගැනීම වශයෙන් අධිකරණයෙන් තහනම් නියෝග වර්ග දෙකක් නිකුත් වන අතර ඒ අනුව ආගමන විගමන නිලධාරින් විසින් පුද්ගලයන් හරවා යැවීම හෝ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් කටුනායක පොලිසියට බාරදීමෙන් පසුව අදාළ නියෝගය නිකුත් කරන ලද අධිකරණයට බාර කෙරෙන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද. යටින් ගාණ දුන්නම පරිගණක පද්ධතියම එවෙලාවට අක්‍රියව තියෙයි. නැතිනම් දේශපලුවෙක් අතදාල වැඩේ හොඳින් කරගෙන යයි. පස්සේ කියයි මුදු මාර්ග ඔස්සේ ගිහිල්ල කියලා, රටේ සියලුම අපරාද කරුවන්ගේ මුහුණු පින්තූර හා ඇඟලි සලකුණු දවස පුරාම යාවත්කාලින කෙරුවොත් පමණක් ටිකක් අඩුවෙයි.
ජනාධිපතිතුමා කියන්නේ 2015 ජනවාරි සිට අල්ලපු හොරු දකින්න නැති නිසා වෙන්නේ ඇති.
වෙන නමකින් වෙන පාස්පෝට් එකකින්නේ යන්නේ. ඇඟිලි සලකුණු අනිවාර්ය වියයුත්තේ මේ නිසයි. තාක්ෂණය අතින් අපි තවම ඉන්නේ ගල් යුගයේ...