මනෝප්රිය ගුණසේකර
නඩු ප්රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්රථම ත්රී පුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) විනසුරු මඩුල්ල අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා විසින් අද (22) පත් කරන ලදී.
ත්රී පුද්ගල විශේෂ මහාධිකරණයේ ප්රථම විනසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් පත් කොට ඇති බව වාර්තා වේ.
අප්රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා ත්රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවිය යුතු බව රජය මීට පෙර අවස්ථාවකදී තීරණයක් ගන්නා ලදී.
ඒ අනුව මෙම ත්රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවනු ලැබු අතර මෙම ත්රී පුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක අනුව මෙම මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පත් කොට ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම සුබදායක ආරංචියක්.
පලවෙනි නඩුව මහා බැංකු කොල්ලය වේවා.
මේ විනිසුරුවරු එඩිතර නීතිගරුක හා ජාතික සම්පත් වලට ආදරය කරන අයවලුන් උනොත් හොඳයි. එසේ වේවායැයි පතමු.
බැඳුම්කරෙන් මහ බැංකුවට ප්රකෝටි ගණනක් විද්ද අගමතිගේ ගජ මිතුරා නිදැල්ලේ සිංගප්පූරැවේ ඉන්නවා. බැඳුන්කර ජරාව කවපු මන්ත්රී හොරු හංගනවා.
අපයගේ ප්රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා සත්තයි. ඔකේ මුලින්ම අහන්නේ මහබැංකු මංකොල්ල නඩුව තමා. ඔය කියන වංචා දුෂණ මිනි මැරීම් එකක්වත් කරල තියෙන්නේ ඔප්පුකලහැකි සාක්කි ඉතුරුකරල නෙවේනේ. එකනේ ඔය එක කට්ටියක් පුලුවන්නම් ඔප්පුකරල පෙන්නපල්ලා කියල කට මැත දොඩවන්නේ. අපි නොදන්න දුෂණ නඩු කිව්වලු.