(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් වටිනා එකක් ග්‍රෑම් 100 බැගින් වන රත්රන් කැබලි 60 ක් සමග ආගමන - විගමන නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (22) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි .
ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු මත, රේගු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ .
මෙම රත්තරන් විදේශික ජාවාරම්කරුවෙකු විසින් මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට ලබා දී ඇති බවත්, එතැන් සිට මෙම රත්තරන් තොගය ශ්‍රී ලංකාව තුළට මොහු විසින් රැගෙන යන බවත් සිදු කරන ලද මූලික රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
මීට පෙර ද මේ ආකාරයට එක් වතාවක් රත්තරන් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කළ බවත්, මෙවර මේ පිට කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දෙන බවට පොරොන්දු වී තිබුණ බවටත් මෙම නිලධාරීවරයා රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .
එහෙත් මෙම ජාවාරම කලක සිටම කටුනායක ගුවන් තොටුපොළ තුළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරී ඇති බවට රේගුවට විවිධ තොරතුරු මගින් දැන ගැනීමට ලැබී ඇති බවද රේගුව සඳහන් කරයි.
මෙම නිලධාරීවරයා නීතිඥවරයෙකු ද ඊයේ (22) රාත්‍රීයේම ගුවන් තොටුපොළ වෙත කැඳවා ගනිමින් මෙයින් ගැලවී යාමට බලවත් ප්රයත්නයක්ද දරා තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ඇතුළු රේගු නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප කිනම් නිලධාරියකු අවංකව තම සේවය ඉටු කරන්නේ ද යන්න නැවත නැවතත් සිතන්නෙමු.
මේ වගේ අපරාධ කරන අයට ඇප නොදිය යුතුයි...................
එහෙනම් හොද රෙගු නිලධාරිත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේවා අල්ලන්න.
මේ ඔක්කොම කරන්නේ ලංකාවේ සිංහල ආගම නිලධාරීන් . සල්ලිවලට හැමදාම හොර බඩු මේ ගොල්ලෝ ගේනවා. මුන් ලංකාවේ ව්‍යාපාර හොදට කරනවා. කව්ද වැරදිකාරයා ? අපේ බලු සිංහල ආගමන නිලධාරින්
මිනිසා සුඛෝපභොගී ජීවිතයක් ගතකල යුත්තේ දැහැමින් ශ්‍රමයෙන් හරි හම්බකර ගන්නා ධනයෙනි . තමන් සේවය කරන ස්ථානයට වංචා කිරීමට හිතීමත් මහා පව්කාර කමකි .
වර්ෂය 1989 ස්ථානය කොළඹ 4 ප්‍රධාන රාජ්‍ය බැංකුවක් .. වාර්ගික ප්රශ්නය ඇවිලී සිංහල ජනපිරිස් එහි අවට තිබෙන වියාපාර වලට පහරදී මංකොල්ලකමින් වැසියන් ඝාතනය කරමින් යන අවස්ථාවේ කලබලයට පත් බැංකු සේවක පිරිස හිතුවේ එම පිරිස් බැංකුව ඇතුලටත් පැමිණේ කියා කලබල වී දුවමින් තැන තැන සැඟවීමට උත්සාහ කිරීමය .මේ අවස්ථාවේ දවසේ ගනුදෙනු මුදල් තුලනය කර මේසය මත තබා සුරක්ෂිතාගාරයේ තැන්පත් කිරීමට යන අවස්ථාවයි .. ශාකා කළමනාකරු ද්‍රවිඩ ජාතිකයෙක් නමින් කුමාරස්වාමි .ඔහු අර තැතිගෙන එහෙමෙහෙ දුවන සිංහල සේවකයන්ට පවසා සිටියේ මේ මුදල් සුරක්ෂිතාගාරයට දැමුවාට පසු මාව මැරුවත් කමක් නැහැ මේ මුදල් මංකොල්ල කන්න දෙන්නේ නැහැ ඒකනිසා කරුණාකරලා භය නොවී මේ මුදල් සුරක්ෂිතාගාරයට දමන්න ඒන්න කියා . මම මෙය සටහන් කලේ සමහර නිලධාරීන් තම සේවා ස්ථානයටම වංචා කරද්දී එම කලමනාකාරතුමාගේ අවංක සේවය හා සේවා ස්ථානයට තිබුණු ආදරය කැපවීම කෙලෙසද කියා පෙන්වා දීමට මෙන්ම ඔහුට උපහාරයක්ද වශයෙනි .