ක්‍රිෂාන් ජිවක ජයරුක් සහ අමල් වික්‍රමරත්න
පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන කොස්ගොඩ මහේෂ් හා ඔහුගේ මිතුරකු වන අනුරාධපුර පදිංචි අකිල කිත්සිරි නැමැත්තා ද මේ අතර සිටින බව පොලිසිය කියයි.
මීට අමතරව එම පාතාල කල්ලියේ තවත් සැකකරුවකු මාතර හුණුකොටුව හංදිය ආසන්නයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවටගනු ලැබීය.
මේ වන විට කරාපිටිය රෝහලට දැඩි පොලිස් හා එස්.ටී.එෆ්. ආරක්ෂාවක් යොදවා වේ.
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක මුදල් හා රන් ආභරණ මංකොල්ලකෑම සඳහා පැමිණී කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලිය සහ පොලීසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) යන අය වේ.
ඡායාරූප - අමල් වික්‍රමරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඟවපු ආයුධ සොයපු නැති එකේ වරද දැන්වත් සඟවපු ආයුධ සොයන්න පටන්ගන්න. නැත්නම් තව ආයුධ කීයක් පත්තුවෙලා අහිංසකයන් කීදෙනෙකු බිලිවෙයිද දන්නේ නැහැ.
ප්‍රශ්නයක් නැහැ, ලබන සතියේ ඇප මත මුදා හරිනවා.
බඩගින්නට තියෙන ප්‍රශ්න වලට සල්ලි ටිකක් හොයා ගන්න මේ වගේ දෙයක් කරාම නම් පොලිසියත් වෙඩි තියාවි... පුලුවන්නම් අර මහ බැංකුව කඩාපු හොරු ටික අල්ලගන්නකො.
මේ සමාජ පිළිල ඉවත් කරන්නට ගොස් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වටිනා ජීවිතය නැතිවීම සැබවින්ම කණගාටුදායක දෙයක්.... මේ සිද්ධිවලින් පෙනෙන්නේ අද පොලිස් රාජකාරිය ජීවිතය පරදුවට තබා කරන රාජකාරියක් වී ඇති බවයි.
පොලිස්පති ඔබතුමාට ලැජ්ජාවක් තියෙනවනම් කරුණාකරලා ඉල්ලා අස්වෙලා පුළුවන් කෙනෙකුට ඔය තනතුර දෙන්න. පාතාලය දැන් පොලිස් නිලදාරීන් පවා මරණ තැනට පත්වෙලා. අහිංසක මිනිස්සුන්ට දෙවි පිහිට තමා. රටක ගිය කලක් අම්මපා.
මා මේ සිද්ධියේ වීඩියෝවක් දුටුවෙමි. මා එහි නිරීක්ෂණයකළ එක දෙයක් නම්, මෙහෙයුමට සහභාගි වූ කිසිඳු පොලිස් නිලධාරියෙක් "බඳට වෙඩි නොවදින ආරක්ෂක වැසුම්" පැළඳ නොසිටීමයි. මේ "ආරක්ෂක වැසුම්" යුද සමයේදී ආරක්ෂක හමුදා විසින් බහුලව භාවිතා කරන ලදී. මේ ආරක්ෂක වැසුම් පොලිස් ස්ථාන වලට ලබාදීම සඳහා පොලිස්පතිවරයාගේ අවධානය යොමු වේවායි සිතමි.
අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින එන ජී ඕ තියෙනවනේ. අපේ බදු මුදල් වලින් මේ අයටත් කන්න බොන්න දෙන්න එපැයි.
මේ සිද්ධිය නිසා මාතර ජනතාව බියෙන් ඇලලී ගියා. දිවි පිදූ වීර පොලිස් නිලධාරියාට රට ජාතියේ ප්රසංසාව. රටේ මේ ඇතිවෙන අහිතකර තත්වයට ප්‍රධානම හේතුව වනුයේ සරත් ෆොන්සේකාව අදාළ ඇමතිකමට පත් නොකිරීමයි. ඔහු ඇමති කමට පත්වේ යයි බියෙන් හොර මැර පාතාලයන් බියෙන් පසුවුණා. ඔහුට නොගැලපෙන ඇමතිකමක් දීම නිසා ඔහුගේ ප්‍රතිරූපය විනාශ කර දැමීමේ වැඩ ක්‍රියාත්මක වෙනවා වගේ පේනවා. හමුදාවලින් පැන සිටින අය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්නේ නම්, බොහෝ මැරවරකම් ගැන වටිනා තොරතුරු ගැනීමට හැකිවේවි. බැංකු,පෞද්ගලික ආයතන වලින් ආරක්ෂක මුදලක් ගෙන ඉලක්කයට වෙඩි තැබිය හැකි දක්ෂ නිලධාරීන් උපක්රමශීලීව නිසි තැන් වල යොදවන්නේ නම්, සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. කරුමය කියන්නේ පක්ෂ විපක්ෂ එකිනෙකා කුළල් කා ගන්නවා විනා මෙවන් දේට වැඩි අවධානයක් නොදී සිටීමයි.
මේ අපේ මිනිස්ස්සු දැඩි ආරක්ෂාව දුන්නේ අනෙක් අයගේ ප්‍රහාර තර්ජන තියෙන නිසා අනෙක පොලිසිය මෙතෙක් අත් අඩංගුවට ගත්තේ නැහැ.
හංගපු ආයුද සෙවීමේ තරග හරි , නැත්නම් මාංචු පිටින් කරන පිහිනීමේ තරඟ හරි පටන් ගත්තේ නැත්නම් කවදාවත් මේ ක ඉවර වෙන්නේ නැහැ. තව මාස ගණනකින් ඇප ලැබේවි එලියට එවි ආපහු මුල් චක්කරේම තමයි.
වරදට දඬුවම මිසක් ඇප නෙමෙයි. නිසි දඬුවමක් නැති හෙයින් තමයි අද අපේ රටේ දුෂණය/භිෂණය තව තවත් උත්සන්න වෙන්නේ.
එකෙක් නම් ආයුද පෙන්වන්න එක්ක යද්දී පොලිසියට බෝම්බ ගහන්න ගිහින් පරලොකප්ප්රාප්ත වෙලා තියෙනවා. මේ ඉතුරු කට්ටිය ලඟත් හඟපු ආයුද තියෙන බව අහන්නත් දෙයක්ද? ඒවත් ඉකමනට හොයාගත්තොත් හොඳයි. නැත නම් ආයෙත් මකොල්ල කන්න එනවාමයි.
මෙයාල අත්බෝම්බ සඟවලා ඇති පරිස්සමෙන්
කාර් වැන් ත්‍රිරෝද රථ යතුරුපැදි ලොරි බස් බය්සිකල් ට්‍රැක්ටර්