(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ දෙවන වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ සිසුන් විසින් නවක සිසුන්ට බරපතල අයුරින් නවක වදය ලබා දීම හේතුවෙන් දෙවැනි වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට වව්නියාව මණ්ඩපයේ පරිපාලනය විසින් පියවර ගෙන ඇත.
ව්‍යවහාරික විද්‍යා අංශයේ දෙවන වසර සිසුන් පිරිසක් විසින් පසුගිය 22 වනදා නවක සිසුන් 25 දෙනෙකුගේ හිස මුඩු කොට ඔවුනට බරපතල අයුරින් නවක වදය ලබාදීම හේතුවෙන් ඒ පිළිබඳව මණ්ඩපයේ පරිපාලනය සිදු කළ පරික්ෂණයකින් අනතුරුව අදාල සිසුන්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමටත් එතෙක් විද්‍යා අංශයේ දෙවන වසර වසා දැමීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම දෙවන වසරේ සිසුන්ගේ නේවාසිකාගාරද වසා දැමීමට පියවර ගෙන ඇති අතරම නවක වදය ලබා දුන් සිසුන් සියුලු දෙනාගේ පංති තහනම් කොට ඔවුන්ට එරෙහිව විධිමත් විනය පරික්ෂණයක් සිදු කිරීමටද වව්නියාව මණ්ඩපයේ පාලනාධිකාරිය විසින් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිලය නැති කිරීමට නම් නවක වදය දෙන සිසුන්ගේ පන්ති සදාකාලිකව තහනම් කල යුතුයි.
මටත් විශ්වවිද්‍යාලයේදී නවක වදය විඳින්න සිදුවුණා නමුත් ඒකාලේ නීතියක් තිබුණ වදය දෙනකොට කිසිම හේතුවකටවත් නවකයාගේ ඇඟට අත තියන්න එපා කියල. නවක වදය දෙන්නේ වාචික විධානයකින් විතරයි. ඒ විධානයට අනුව වදය විඳින එක නවකයා කරන්න ඕන. හැබැයි විධානය පිළිපැද්දේ නැත්නම් වදය දික්ගහෙනවා. නවක වදය අමානුෂික එකක් බවට පත්වුණේ 1987-89 ජේ වී පී කලබල වලින් පස්සේ කැම්පස් පටන් ගත්තමයි. වසරින් වසර නවක වාදයේ අමානුෂික බව වැඩිවෙලා දැන් නවකකන්ට කෝටු පොලු වලින් ගහල බය කරලා ශාරීරික වද හිංසා දෙන මට්ටමකට දරුණුවෙලා තියෙනවා.
ටොමී මයා වෙත, ඇත්තෙන්ම ඔබ නිවැරදියි. රටේ සාරය ලෙස හැඳින්වෙන මෙම දරුවන් අපට පෙනෙන්නේ "රොඩු" ලෙසයි. එසේ අප පවසන්නේ කොහෙවත් යන අර සමාජයේ "වාදය" මේ සමාජයේ " වාදය " ගැන කතාකරන දවසින්, දවස සෝදාපාළුවට ලක්වෙමින් පවතින පක්ෂයක අතකොලු මෙන්ම රූකඩ වී ඇති බැවිනි. මෙම අපේ අනාගත පරම්පරාව එක එක පක්ෂවල ඇම්බැට්ටයන් වීමෙන් මොවුන්ව රටේ සාරය ලෙස හඳුන්වනවාට වඩා රටේ ඉන්න රොඩු ලෙස හැඳින්වීම ඉතාම උචිත මෙන්ම සාධාරණද වන්නේය. මොවුන් අනිකුත් ළමුන්ගේද කාලය කාදමන මේ නූගත් දරුවන්ව සදාකාලික පන්ති තහනමට ලක් කළයුතුමය. මොවුන් දියවන්නා ඔයේ 225සේම ඔබේ, අපේ බදුමුදල් විනාශ කරන පිරිසකි. එය තමා හොඳම සහ නිසි යතාර්ථවාදී අර්ථය...
නිදහස් අධ්‍යාපනයේ අතුරු ඵලයක් ලෙස මෙය දැක්විය හැක. තමන්ගේ බලයට දුබලයාට රඟ දැක්වීමක් දුරදිග ගොස් ඇත. නවක වදයේ සිදුවිය යුත්තේ සිසුන් අතර ඇති පන්ති, කුල, බල මාන්නයක් එක සමාන මට්ටමකට ගෙන ඒම වේ. එවිට සියලු සිසුන් අතර සමානාත්මතාවය, සහයෝගිත්වය, පරෝපකාරය රෝපණය කිරීම පහසුවේ. නවක වදය තුළ නීති රීති මෙන්ම, සියලු ක්‍රියාකාරකම් විශ්වවිද්‍යාල පාලකයන්ගේ අධීක්ෂණයට ලක්ව, නිසි මානුෂිය පදනමක් තුල සිට කල හැකිනම් , සිසුන්ට කායික හෝ මානසික වද සිංසා දෙන මෙවැනි ගෝත්‍රික ක්‍රියාකාරකම් වැළක්විය හැක. එසේම එම නීති රීති වලට පිටින් ක්‍රියාත්මක වන සිසුන්හට විශ්වවිද්‍යාල තහනම් කල යුතුය අතර ඔවුන්ට නැවත අධ්‍යාපනය ලැබීමට නම්, වසරක හෝ වසර දෙකක ස්වේච්ඡා සමාජ සේවයක නියැලීම අනිවාර්ය කල යුතුය. මෙම ස්වේච්ඡා සමාජ සේවා ලෙස ඔවුන්ගේ සහය නගර පිරිසිදු කිරීම්, මහාමාර්ග තැනීම් හෝ නඩත්තු කිරීම්, කෘෂිකාර්මික හෝ ගොවිපල සහකරුවන් වැනි රැකියාවලට (වැටුප් රහිතව) යොදාගත හැක. එවිට ඔවුන් සමාජය මෙහවර පිළිබද ප්‍රයෝගික පුහුණුවක් ලබනවා සේම ඔවුන්ගේ කාලය රටේ දියුණුව සඳහා යෙදවේ.