(රඹෑව මනුල වික්‍රම)
යන්ත්‍ර සූත්‍ර හා බරවාහන යොදා අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන හාරන බවත් එය පුරා විද්‍යා නීතියට පටහැනි බවත් දක්වමින් තිසාවැව තුලානේ ග්‍රාම නිලධාරියා විසින් අනුරාධපුර මහ නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන වලට විරුද්ධව පොලිසියට පැමිණිලි කර තිබේ.
පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා භූමියක මතුපිට අඟල් කිහිපයක් හෝ කැණීම පවා නීති විරෝධි බවත් එමගින් පුරා වස්තුවලට මෙන්ම එහි පැවැත්මට හානි සිදුවිය හැකි බවත් තුලානේ ග්‍රාම නිලධාරීවරයා පෙන්වා දෙයි.
මේ වන විට තිසා වැවේ දියනෑම තහනම්කර ඇති නිසා මහජනතාවට දිය නෑම සඳහා අතීතයේ සිට භාවිතා කළ ස්ථානයක් හැටියට තිසාවැව පාමුළ පොකුණු තුනෙහි පිරී ඇති රොන් මඩ ඉවත් කිරීමට රජයේ සියලු නිලධාරීන්ගේ එකඟත්වයෙන් ශුද්ධ පවිත්‍ර කිරීම් කටයුතු සිදුකරමින් පවතින බව අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා කීය.
පොකුණු තුන මේ වන විට අඩි හයක පමණ රොන් මඩ තට්ටුවකින් පිරී ගොඩවීමට ලක්ව ඇති බවත් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ ජල අවශ්‍යතාවය සඳහා ලබාදිය හැකි සුදුසුම විකල්පය ලෙස මෙම පොකුණු පවිත්‍ර කරදීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පොසොන් උත්සවය මුල්කරනෙ මෙම වැසටහන ඇරඹූ බවත් නගරාධිපතිවරයා පැවසීය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගෙන ඇත්නම් මෙවැනි අවස්ථාවක ගැටලුවක් නොමැති බැවින්
එම වැඩසටහන සඳහා පුරවිද්‍යා අවසරය ලබාගෙන ඇද්ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිස් පරික්ෂණ සිදුකරන බව
අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වකිය රාජකාරි පිලිබඳ හොඳ අවබෝධයක් ඇති නිලධාරියෙක් .
ආ !!!! දේශපාලකයෙක් ගැවිලා නේද? අනිවාර්යයෙන්ම කොමිස් ගැහිල්ලක් , පගා ගැහිල්ලක් , පුරාවස්තු ගැහිල්ලක්, අඩු ගානේ රොන් මඩවලින් ගඩොල් කපලා ආපහු පුරාවිද්‍යා එකට වැඩි ගණනට විකිණීමක් හෝ මොනවාහරි ජිල්මාට් එකක් ඇති. නැතිනම් දේශපාපකයන්ගේ පඬුපුල් ආසන රත්වන්නේ නැහැ.
මේවා සුද්ධ පවිත්‍ර කරන එකනම් කාලෝචිතයි සියලු පාර්ශවයන්ගේ උපදෙස් මත. ඒ වගේම මේවා ආරක්ෂා කරගැනීම අපෙත් වගකීමයි.
Grama sewakala kohomath nanne naha wau wala. Ida hita thaniyama adgena nanawa arenna. ekayi wadeta wirudda.
මිහින්තලේ විශ්ව විද්‍යාලයේ ඉන්න මැරයෝ ටික දාලා මේ වැඩේ කරන්න බැරිද?
මේ කියන්නේ බොරු. රොන් මඩ අයින් කරනවා කියලා ඔය කරන්නේ නිදන් හාරන එක... අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ අර සිල් රෙදි පොරවාගත්තු නිදන් හොරා ඉන්නවා. හෙට, අනිද්දාට තවත් චෛත්‍ය 25ක් හදනවා කියාවි...
මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුන් මිස මැරයෝ නැත.