අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල හුදකලා කරයි අවිස්සාවේල්ල, කොස්ගම, රුවන්වැල්ල ප්‍රදේශ හුදකලා කිරිමට පියවර ගෙන ඇති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 24 December 2020
ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරීන් සංකේත වර්ජනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරින් විසින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. 24 December 2020
දක්ෂිණ අධිවේගි මාර්ගය වැලිපැන්නෙන් තාවකාලිකව වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට ගාල්ල දිසාවට ගමන් ගන්නා මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න රථ වාහන පොලිස් පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් පියවර ගැනිණි 24 December 2020
සිරිපා මළුවට දේවාභරණ වැඩමවීමට සීමා සහිත පිරිසක් උඳුවප් පුර පොහොය (29) දිනයෙන් ආරම්භ වන මෙවර සිරිපා වන්දනාවාරයේ සධාතුක කරඬුව සහ දේවාබරණ වැඩම කිරීමේ පෙරහර හතරම සීමා සහිත පිරිසක් පමණක් සහභාගි කරවාගෙන සම්පූර්ණ සෞඛ්‍ය නීති රීති අනුව පමණක් සිදුකරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 24 December 2020
දැරියක් අපයෝජනය කළ පස් දෙනකු අත්අඩංගුවට වයස අවුරුදු 15 ක බාල වයස් දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අතවරයන් සිදු කල බවට සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය. 24 December 2020
ගාල්ලේ මළ සිරුර ආදාහනය කරයි ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24) රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි. 24 December 2020
ලක්ෂ 10 ක අයිස් සමඟ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගේ මත්ද්‍රව්‍ය, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීමේ නිරත පුද්ගලයෙක් බත්තරමුල්ල කපුවාදෙනිය ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 10 ක් වන වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 24 December 2020
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස් ගිලා බසී හැටන් වටවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ වටවල පොලිසිය අසල මාර්ගයේ කොටසක් පැති බැම්මත් සමග ගිලා බැස ඇත. 24 December 2020
ආසාදිතයන් හමුවීමෙන් වටවල ඇඟලුම් කම්හලක් වහයි හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 10දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බැවින් සෞඛ්‍ය අංශවලට සහයෝගය දැක්වීම පිණිස එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය කටයුතු කර ඇත. 24 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 760ට නගී දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 760ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 24 December 2020
අද කොරෝනා ආසාදිතයන් 579 යි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (23) පස්වරු 9.30 වනවිට එක්වූ ආසාදිතයන් 231 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 579 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 23 December 2020
තවත් කොවිඩ්-19 මරණයක් කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (23) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 23 December 2020
රත්නපුර ප්‍රා. ලේ. කොට්ඨාස 3ක් නායයෑමේ අවදානමේ පවතින අධික වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ,අයගම සහ රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අද (23) සවස නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 23 December 2020
මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලයි බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි අලෙවියට සූදානම් කර තිබු ලක්ෂ දෙකකට ආසන්න වයින් තොගයක් සුරාබදු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත. 23 December 2020
තුන්වැනි වාරය අවසන් - පාසල් විවෘත කිරීම ජන 11 දා ලබන වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. 23 December 2020
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණිම අඩු කරන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණිම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 23 December 2020
බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය. 23 December 2020
මූතුර් පොලිසිය වසාදමයි මුතුර් පොලිසියෙන් කොවිඩ්-19 ආසාදිතයන් 12දෙනෙකු සොයාගැනීමත් සමග පොලිසිය වසාදැමීමට කටයුතු කර තිබේ. 23 December 2020
කරාපිටිය අධිකරණ වෛද්‍යවරු යළි සේවයට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධිකරණ වෛද්‍යවරුන් විසින් අද (23) පස්වරුවේ සිට නැවත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භකරණු ලැබීය. 23 December 2020
අංගොඩ ලොක්කාට අයත් ගිනි අවි මුල්ලේරියාවේ ඉඩමකින් ගොඩගනී ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු වූ අංගොඩ ලොක්කාට අයත් නවීන පන්නයේ පිස්තෝල, ගිනි අවි, ජීව උන්ඩ සහ මැගසින් මුල්ලේරියාව සැළලිහිණි මාවතේ ඉඩමක වල දමා තිබියදී අද (23) සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . 23 December 2020
ජනවාරියේදී ශ්‍රීපාද වන්දනාවේ එන්න එපා එළැඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 23 December 2020
’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස් කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. 23 December 2020
වඳවීයන ශාකය ගලවා සිටුවීමට වනජීවීයේ අවසරය මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ඉදිකීරීමේ දී හමුවු මෙරටට ආවේණික වඳ වී ඇතැයි විශ්වාස කරමින් සිටි ශාඛයක් වන කෲඩියා සිලනිකා ශාකය පවතින තැනින් ඉවත් කොට යළි රෝපණය කර සංරක්ෂණය කිරීම සදහා පුද්ගලික සමාගමට ලබාදීම කෙරෙහි විරුද්ධත්වයක් නොමැති බව වනජීවී සංරක්ෂණ දොර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා ඇත. 23 December 2020
සුවය ලැබූ 582 ක් ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 582 දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 23 December 2020
කොරෝනා ආසාදිත දේහයේ අවසන් කටයුතු පෙර චක්‍රලේඛ අනුවම කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් - 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කරන ලෙසත්, එම උපදෙස් පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතා විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (23) ලිඛිතව දැනුම් දී තිබේ. 23 December 2020
දෙවිනුවර නිලවරණය හදීසියේ කල් දමයි ඓතිහාසික දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සදහා අද(23) පැවැත්වීමට තිබු නිලවරණය හදිසියේ කල් දමා තිබේ. 23 December 2020
බන්ධනාගාර කැරලි මර්දනයට විශේෂ ඒකකයක් බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට හා බන්ධනාගාර වල ඇතිවන කැරලි මර්දනය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 23 December 2020
කරාපිටියේ අධිකරණ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති. 23 December 2020
කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි කඩඉම් ලකුණු අනුව ඉංජිනේරු හා භෞතික විද්‍යා පීඨවලට සිසුන් අතුලත් කර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමෙන් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 23 December 2020
පහතරට වතුකම්කරුවන්ගේ සංගමයෙන් රතු එළියක් වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ කොන්දේසි දෙකට සිය සංගමය කැමති බවද, ජනවාරි වනවිට වැඩි කළ වැටුප නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද, පහත රට වතුකම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා කීවේය. 23 December 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026