( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉකුත් මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළැයි කියන සිද්ධියකට පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 69 දෙනකු ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
එම පෙත්සම් සමග ඉදිරිපත් කළ දිව්රුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වගඋත්තර කාර පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විජිත් මලල්ගොඩ, එල්.ටී.බී දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගයේ සජිත්ට එකතුවෙලා මොනවා කරන්නද? ඉදිරි මැතිවරණයේදී සජිත් ඇතුළු විපක්ෂය ගෙදර...