(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 54 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.
මෙය දිනකදී තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1844 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 10 සිට ජූනි 7 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 22ක් සහ පිරිමි අය 32 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් හය දෙනකු නිවසේදී මියගොස් ඇති අතර දෙදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
කටාන, උඩුවෙල, මාවනැල්ල, අරනායක, මාළිගාවත්ත, එරාවූර්, කඩවත, මොරටුව, අළුබෝමුල්ල, වාද්දුව, වළස්මුල්ල, කොළවැනිගම, කොළඹ 15, ජා ඇල, වත්තල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරියනීලාවනයි, කන්තලේ, මාතලේ, රත්තොට, හොරම්පැල්ල, බටුගොඩ, වේයන්ගොඩ, මහනුවර, අකුරණ, උඩිස්පත්තුව, ලූනුවත්ත, තෝරපිටිය, මහියංගණය, රාගම, කොළඹ 13, කදාන, අවිස්සාවේල්ල, වතුපිටිව්ල, පන්නිපිටිය, වග සහ් මාරවිල යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් . ජාත්‍යන්තර ගේම් එකක් වගේ
අපි තමයි හොඳටම කලේ... හි හි හි....!!!