(සුජිත් හේවාජුලිගේ )
විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් ලබන 14 වැනිදා විවෘත රට කරන්නේ යැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රට විවෘත කිරීමට පෙර කොවිඩ් ව්‍යාප්තිය ගැන පුළුල් විශ්ලේෂණයක් කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි
දැනට පවතින නිර්දේශයන්ට අනුව සංචරණ සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.
මේ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වාවත් දීර්ඝ කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන් රැසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරැණාකරල අැදිරිනීතිය දාන්න. අපි විතරක් ගෙදර. හැමෝම පාරේ. මෙහෙම කලා කියලා ප්‍රතිඵලයක් නෑ.
මේ විදිහට නම් තව අවුරුද්දක් වුණත් තියන්න වේවි...!!!
දැන් එහෙනම් රට වහලාද තියෙන්නේ? මෙතුමා කිව්වට පස්සේ තමයි දන්නේ...
ඕකට තමයි තවමත් සිංහලෙන් කියන්නේ කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා කරගන්නවා කියන්නේ.., රට වහලා කෙළ වුණාම විශේෂඥයන්ගේ උපදෙස් අරන් ආයේ වහන්න හදනවා.
හැමෝම කරන්නේ රට වහන එක විතරයි .මිනිසුන්ගේ ජිවත් කරවන විදිය කිසිම වැඩපිළිවෙලක් නැ
ඇදිරි නීතිය දාන්න ඕන සංචරණ සීමා පැනව්වට කීයක් මිනිස්සු පාරෙ ඇවිදිනවද?..කිසි තේරුමක් නෑ එහෙම වුණොත්...එක පාර කොරෝනා ඉවර කරන්න නම් ඇදිරි නීතිය දාන්න ඕන.. සංචරණ සීමා කියන්නේ ඇදිරි නීතිය නෙවෙයිනෙ.....
කොහෙද රට වහල තියෙන්නේ පාරේ ගුවන් යානා යන්නේ නැහැ බැරි හන්දා ආයේ නැව් සබ්මැරීන් යන්නේ නැහැ ඉතුරු ඔක්කොම පාරේ දුප්පත් පොඩි මිනිස්සු විතරයි ගෙවල් ඇතුලේ ඉන්නේ අනික් ඔක්කොමලා පාරේ
දැන් පාරේ යන්නේ නැත්තේ නැව් විතරයි
දැන් අලුතෙන්ම ඉතා වේගයෙන් පැතිරෙන කතාව තමයි " සර් ෆේල්" කියන එක. මොකද්ද අප්පා ඒ කියමනේ තේරුම..?
අපේ සෞඛ්‍ය ඇමැති තුමිය, කෑගල්ලේ පැණි බාස්, එළියන්ත වයිට් උන්නැහේත් විශේෂඥයින් කණ්ඩායමට ඇතුළත්ද?
අපේ පාර්ලිමේන්තුවේ ගේට්ටුව ගාවට වෙලා ඉන්නකෝ. ඔබතුමාට පණ යනකල් විශේෂඥයින් හමුවේවි...
14-21 දක්වා අැඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න.. සංචරණ සීමා උපරිම සාර්ථක නෑ...
බලන් ගියාම හැමෝම ගෙදරලු... අනික් අය පාරෙලු... දැන් ඔය ගෙදර කියන ඔක්කොම අය ගෙදර නම් පාරේ ඉන්නේ පිටරටවල්වලින් ආපු අයද අප්පා? මාස්පඩි කාරයන්ට ගෙදර හිටියට අවුලක් නැහැ. මොකද ඒ අය වැඩ කළත් නැතත් පඩිය ලැබෙනවා. නමුත් කර්මාන්ත ශාලාවල වැඩකරන අයට ගෙදර හිටියොත් පඩි නැහැ. මාසෙ පඩි ගන්න අයට ඕවා තේරෙන්නෙත් නෑ.. වැඩකුත් නෑ.
පැණි මුට්ටි කණ්ඩායමෙන් ඇහුවා නම් කියාවි මොකද කරන්න ඕනේ කියලා. මහාචාර්ය තිස්ස විතාරණගෙන් අහලා වැඩක් නැහැ. එයාට පැණි මුට්ටි සෙල්ලම් බැහැ.
බලන්නකෝ මේකේ හැමොම ගෙදර හිටි අය වගෙනේ