(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් පාසල් හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී අද(8)ඉල්ලීමක් කළේය .
"එක එක අය විවිධ ඉල්ලීම් කරනවා .නමුත් අන්තිමේදී මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට" යැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේය .
දොලවත්ත මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි .
දෙවි බාලිකා විද්‍යාලයේ ප්‍රශ්නය යම් ආකාරයකට විසඳා ඇති බවත් ඩී ඇස් එස් සේනානායක විද්‍යාලයේ ඉඩම සම්බන්ධයෙන්ද තීරණයක් ගෙන ඇති හෙයින් එය ස්ථිර කිරීමට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි තමා ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .
මේ සම්බන්ධයෙන් ප්‍රේමනාත් දොලවත්ත මහතා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියක් ද මෙහිදී සභාගත කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ධම්මික පැණියත් බීපු එකේ... ඔන්න ඕවා ධම්මිකටම දීලා දාන්න. ඉසරදේ ඉවරයිනේ...
ඒකටත් ජනාධිපතිතුමාටද බනින්නේ? හේතුවක් නැතිව නිකන් බනින්නේ නැහැ..
දොලවත්ත මහත්මයා, ජනාධිපතිතුමාගෙ නඩු ගොඩ දෑවනේ. දැන් කියන එක අහන්නේ නැද්ද?